IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මාතර විශ්ව විද්‍යාල විද්‍යායතනයේ සිසුන් 13 ක් අත්අඩංගුවට

(ක්‍රිෂාන්ජීවක ජයරුක්)

මාතර විශ්ව විද්‍යාලයේ විද්‍යායතන භූමියේ පිහිටි රජයේ වී ගබඩාවට වී තොග රැගෙන ඒමට ඉඩ ලබානොදී පොලිස් රාජකාරියට බාධා කර අධිකරණ නියෝගය උල්ලංඝනය කළ බව කියන සිසුන් 13 දෙනෙකු අද (03) සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය පවසයි.

සිසුන්ගේ විරෝධය නොතකා වී ගෝනි පුරවන ලද ලොරි දෙකක් රජයේ වී ගබඩාවට රැගෙන ගොස් ගබඩා කළ බව පොලිසිය පැවැසීය.

එහිදී පොලිසිය හා විරෝධතාවයේ නිරත සිසුන් අතර දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය.

අදාල වී ගබඩාවට වී රැගෙන යාමට පොලිසිය අධිකරණ නියෝගයක් ද ලබා ගෙන තිබුණි.

ඉකුත් 27වැනිදා ද සිසුන් මේ ආකාරයට ප්‍රධාන දොරටුව වසා වී තොග රැගෙන යාමට ඉඩ ලබා නොදුන් අතර පසුව පොලිසිය එම උත්සාහය අත්හැර විසිර ගියේය.

පසුව යලිත් අද (03) වී තොග රැගෙන ආ අවස්ථාවේදී මෙම උණුසුම් තත්වය ඇති විය.

මාතර රජයේ වී ගබඩා භූමියේ කොටසක් මෙම විශ්ව විද්‍යාලයේ විද්‍යායතනය ඉදි කිරීමට ලබා දී තිබූ අතර ඉඩකඩ පහසුකම් ප්‍රමාණවත් නොමැති නිසා එම කොටසද තම විද්‍යායථනයට ලබා දෙන්නැයි සිසුන්ගේ ඉල්ලීමවී තිබේ.

කෙසේ නමුදු අයුතු ජනරාශියක සාමාජිකයින් වීම,පොලිස් රාජකාරියට බාධා කිරීම,බලහත්කාරය පෑම හා අධිකරණ නියෝගය උල්ලංඝනය කිරීම ආදී චෝදනා රැසක් යටතේ සැකකාර සිසුන් 13දෙනා පොලිසිය සැකපිට අත්අඩංගුවටගෙන ඇත.

ඔවුන් හෙට (04) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (0)

මාතර විශ්ව විද්‍යාල විද්‍යායතනයේ සිසුන් 13 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1011 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site