IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘‘මත්ද්‍රව්‍ය රස පරීක්ෂක වාර්තා සති දෙකකින්‘‘

(සුජිත් හේවාජුලිගේ )

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා සති දෙකකින් ලබාදීමට පියවර ගෙන ඇතැයි අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

එම වාර්තා ලබා දීමට මාස අටක පමණ කාලයක් මෙතෙක් ගතවිය.

රස පරීක්ෂක වාර්තා අඩු කාලයකින් ලබාදීමේ ක්‍රමවේදය හරහා සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කාර්යක්ෂම කළ හැකි බවත් මෙම කටයුතු සක්‍රිය කිරීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව උපරිම වශයෙන් වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අධිකරණ අමාත්‍යවරයා මෙසේ පැවසූවේ ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ නව ආඥාලාභී තොරතුරු කළමනාකරණ පද්ධතිය ,නව වෙබ් අඩවිය, නිල ලාංඡනය හා නිල ගීතය ජනගත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

මේ උත්සවය අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පෙරේදා(23) පෙරවරුවේ පැවැත්විණ.

රටේ අපරාධකරුවන් වර්ගීකරණය කළ යුතු බවත් රිමාන්ඩ් කර හෝ බන්ධනාගාර ගත කිරීමෙන් හෝ පමණක් අපරාධ සිදුවීම වැළැක්විය නොහැකි බවත් අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ බෙදා හරින්නන්ට දැඩි දඩුවම් ලබා දිය යුතු බව පැවසූ අධිකරණ අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටින වින්දිතයන් පුනරුත්ථාපනය කර වෘත්තීය පුහුණුව ලබා දී යහපත් පුද්ගලයන් ලෙස සමාජගත කළ යුතු බවද සඳහන් කළේය.

සුළු වැරදි කළ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමෙන් බන්ධනාගාරවල තදබදය අවම කරගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

 



අදහස් (0)

‘‘මත්ද්‍රව්‍ය රස පරීක්ෂක වාර්තා සති දෙකකින්‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 580 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site