IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මංගලගෙන් පැය එකහමාරක් ප්‍රශ්න කරයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගෙන් අද(14) උදෑසන පැය එකහමාරක කාලයක් ප්‍රශ්න කළ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
 
ඒ සඳහා කළ කැඳවීමකට අනුව මංගල සමරවීර මහතා මාතර කාලිදාස පාරේ පිහිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත පැමිණියේය.
 
මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ජේ.ඒ.සමන් හා උප පොලිස් පරීක්ෂක ජේ.පතිරත්න යන මහත්වරු සමරවීර මහතාගෙන් එම ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසා ඔහුගේ ප්‍රකාශය සටහන් කරගත්හ.
 
පූජ්‍ය අගුලුගල්ලේ ජිනානන්ද හිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා හා නීතිඥ ප්‍රේමනාත් සී.දොලවත්ත මහතා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස යහපාලන රජය සමයේ පොලිස් මූලස්ථානය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ විය.
 
දහවල් 11.10 පමණ ප්‍රකාශය ලබා දීමෙන් පසු පිටතට පැමිණි මංගල සමරවීරමහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කීය.
 
“ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බව බෞද්ධ දර්ශනය අනුව මම අද පොලීසියට තෝරලා දුන්නා. මාතර උපන් පරම්පරාගත බෞද්ධයෙකු ලෙස බෞද්ධ දර්ශනය කෙරෙහි දැඩි ලැදියාවක් මට තිබෙනවා. මගේ පියාගේ ළඟම ඥතිත්වයක් දක්වන හිමි නමක් තමයි මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන්. බෞද්ධ දර්ශනය කියන්නේ ආගමකට ජාතියකට රටකට සීමා වු දෙයක් නොවෙයි. පෘථිවියටවත් සීමා නොවන විශ්ව දර්ශනයක් බව මම එහිදී පෙන්වා දුන්නා. මේ රට සිංහල බෞද්ධ දර්ශනයෙන් වසර 2500කට ආසන්න කාලයක් පෝෂණය වු රටක්. මේ රටට වසර එක්දහස් ගණනක කාලයක සිට හින්දු සංස්කෘතියත් මුස්ලිම් සංස්කෘතියත් දායක වී තිබෙනවා. ඒ නිසා අද ශ්‍රී ලාංකේය සංස්කෘතියක් ගොඩ නැගීමයි අවශ්‍ය වී තිබෙන්නේ. අවාසනාවකට සිවුරු දරාගත් සුලුතරයකට ඒක තේරුම් ගන්න බැරි වී තිබෙනවා”
 
මෙම අවස්ථාවට වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම, මාතර මහ නගර සභාවේ විපක්ෂ නායකඋපුල් නිශාන්ත යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.



අදහස් (2)

මංගලගෙන් පැය එකහමාරක් ප්‍රශ්න කරයි

Bamunuarachchi Monday, 14 September 2020 12:31 PM

අයියෝ, පැය එකහමාරෙන් මොකක් අහගන්නද? තේ එකක් බීලා දුක සැප අහන කොටම පැය එකහමාරයි... තව චුට්ටක් ගිහිල්ලා. අඩුගානේ පැය 8ක්වත් තියාගත්තා නම් තමයි හොඳ..

:       0       1

Bamunuarachchi Wednesday, 16 September 2020 04:21 AM

මේ හාදයා හිතාගෙන ඉන්නේ රතන හාමුදුරුවොයි, ඥාණසාර හාමුදුරුවොයි සරණ යන එක සංඝං සරණං ගච්ඡාමි කියලා. නැහැ ඔය කියන්නේ සැරියුත් මුගලන් ආදි මහඅරහතුන් වහන්සේලා ගැන. හැබැයි සුළු ජාතික ත්‍රස්තවාදයෙන් රට බේරාගන්න ඉදිරියට එන්න කළින් හාමුදුරුවරු ඒකමතිකව තියාගන්න. ඔබලා කළේ ත්‍රස්තයින්ට උදව්කරපු එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31138 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site