IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


බළලුන් නිවසේම තබා ගන්නැයි බ්‍රිතාන්‍යයේ පශු වෛද්‍යවරු උපදෙස් දෙති

බළලුන් ඇතුළු සුරතල් සතුන් තම නිවෙස්වලම තබා ගන්න යැයි බ්‍රිතාන්‍ය පශු වෛද්‍යවරු පිරිසක් විසින් උපදෙස් නිකුත් කර තිබේ.

පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ බළලුන්ට වෙනත් බළලුන්ගෙන් වයිරසය පැමිණිය හැකි බවයි.

සතුන් තුළ ‍වයිරසය තිබේදැයි සොයා ගැනීමට කරන ලද පර්යේෂණ අනුව සුරතල් සතුන් තම ලෝම තුළ මේ වයිරසය තැන තැන රැගෙන ගොස් තවත් පුද්ගලයන්ට බෝ කිරීමේ ප්‍රවණතාවක් ඇති බව තහවුරු වී තිබේ.

ඒ හේතුවෙන් බ්‍රිතාන්‍ය පශු වෛද්‍ය සංගමයේ සභාපති ඩැනියෙලා ඩොස් සැන්ටොස් සඳහන් කරන්නේ මෙම අවධානනම වළක්වාගැනීම සඳහා සුරතල් සතුන්ගේ හිමිකරුවන් විසින් ඉතා ප්‍රවේශම් සහගත මෙන්ම සතුන් ද ආරක්ෂා කරගෙන තමන්ද ආරක්ෂා වන උපක්‍රම අනුගමනය කළ යුතු බවයි.
 
''හොඳ සනීපාරක්ෂාවක් පුරුදුවන්න, බළලුන් තම නිවසේම තබාගන්න. ඔබ ඔබේ සුරතල් සතුන් සමඟ අනවශ්‍ය සම්බන්ධතා ඇතිකර නොගන්න. ඔවුන් වැළඳගැනීමෙන් වළකින්න. එමෙන්ම ඔබේ මුහුණ ලෙව කෑමට ඉඩ නොතබන්න. කිසිම අවස්ථාවක නාදුනන සතුන්ට අත නොතබන්න. ඔවුන්ට සමීප නොවන්න." යනුවෙන් හොංකොං හි  වෛද්‍යවරයෙකු වන ඒන්ජල් අල්මේන්ඩ්‍රොස් පවසා තිබේ. 

කොරෝනා වයිරසයට ගොදුරු වූ බව තහවුරු කරගත් හොංකොං හි වයස අවුරුදු 17ක් වූ සුරතල් සුනඛයකුගේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එසේ පවසා ඇත.  

''නමුත් ඔවුන්ගේ සිරුරේ කොවිඩ්-19 වයිරසය තිබුණත් ඔවුන් අසනීප වන්නේ නැහැ. මීට පෙර 2003 වර්ෂයේ දී හොංකොං හි සාර්ස් රෝගය පැතිර යද්දී සුරතල් සතුන් ගණනාවක් ආසාදනය වී සිටි නමුත් කිසිම අවස්ථාවක අසනීප වුණේ නැහැ. බල්ලන් හෝ බළලුන් අසනීප වීම ගැන හෝ ඔවුන්ගෙන් මිනිසුන්ට රෝගය පැතිරෙන බවට කිසිදු සාක්ෂියක් නැහැ." ඔහු පවසා තිබේ.

මෙම රෝගය මිනිසුන්ගෙන් සතුන්ට සම්ප්‍රේෂණය විය හැකි ආකාරය සම්බන්දව පර්යේෂකයෝ මෙසේ පවසති.
"මිනිසුන්ගේ ශ්වසන බිඳිති මගින් බළලුන්ට ආසාදනයවීමට අවස්ථාවක් තිබෙන බව පෙනේ. මිනිසුන් කැස්ස, කිවිසුම් යාම හෝ හුස්ම ගැනීම වැනි ක්‍රියාවන් මගින් අවට පරිසරයට වයිරසය මුදා හැරේ. ඉන් අනතුරුව එය වෙනත් සතුන්ගේ සිරුරු වෙත ඇතුළුවීමට  ඉඩ ඇත."

බෙල්ජියමේ නිවසක සිටි බළලකු රෝග ලක්ෂණ පෙන්නුම් කර සතියකට පමණ පසු කොරෝනා වයිරස පරීක්ෂාවට යොමුකළ අතර ශරීරයේ වයිරසය ඇති බව තහවුරු කෙරිණි.

විද්‍යාඥයන් විසින් මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයෙන් තවුරු වී ඇත්තේ බළලුන් මගින් වයිරසය තවත් බළලුන්ට සම්ප්‍රේෂණය කරන බවයි.

(බීබීසී ඇසුරිණි - 085)
 



අදහස් (1)

බළලුන් නිවසේම තබා ගන්නැයි බ්‍රිතාන්‍යයේ පශු වෛද්‍යවරු උපදෙස් දෙති

Dilshan Wednesday, 08 April 2020 09:39 AM

මෙව්ව මෙහේ ප්‍රවෘත්ති වල නම් අනවශ්‍ය විදියට ප්‍රචාරය කරන්න නරකයි. මේහේ ඉන්න අමනුස්සයෝ අහිංසක සත්තුන්වත් මරන්න බලයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2498 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site