IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුගේ නඩුව නොවැ. 19 සිට යළි විභාගයට

( තිළිණි ද සිල්වා )

ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවය කළ බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුට එරෙහිව ලන්ඩනයේ වෙස්මිනිස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිෂ්ප‍්‍රභ කර තිබු නඩුව ලබන නොවැම්බර් 19 වැනිදා යළි විභාගයට කැඳවන  බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

බි‍්‍රගේඩියර්  ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාගේ නඩුව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය  පෙරේදා (19) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අදාළ නඩුව පැමිණිලිකාර පාර්ශවය කළ කරුණු දැක්වීමකින් ඉකුත් සිකුරාදා (18) ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අතර එහිදි එම නඩු විභාගය මෙදින යළි විභාගයට ගන්නා බව අධිකරණය තීන්දු කර ඇති බවයි.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ‍්‍රයේ 2018 වසරේ නිදහස් දින උලෙළදී එල්.ටී.ටී.ඊ හිතවාදීන්ට ගෙල සිඳ දමන ආකාරය දනවන අභිනයක් කළේ යැයි කියන සිද්ධියකට අදාළව  එවකට එහි ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කළ බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව මජුරාන් සතානන්දන් නැමැත්තා එම නඩුව ගොනු කළ කළේය.

මීට පෙර මෙම නඩුවට අදාළව වෙස්ට්මිනිස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණය පසුගිය ජනවාරි මස 21 වැනිදා බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ අතර පසුව එය පෙබරවාරි මස 1 වැනිදා ඉල්ලා අස්කර ගන්නා ලදී.

එක්සත් රාජධානියේ මහජන සාමය සුරැකීමට අදාළ පනත උල්ලංඝණය කිරීම යටතේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතා වරදකරු  ලබා දෙන ලද නියෝගය ද  මාර්තු මස 15 වැනිදා වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කළේය.

නමුත් වගඋත්තරකරු නියෝජනයකින් තොරව වැරදිකරු බවට නිගමනය කර සාධාරණ ක‍්‍රියාදාමයකට තුඩු දුන් වැරදි හෝ දෝෂ මාලාවක් හුවා දක්වමින්,  එරට 1980 මහේස්ත‍්‍රාත් අධිකරණ පනතේ 142 වන ඡේදය යටතේ නඩුව යළිත් කැඳවීමට පියවර ගෙන ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් පෙන්වා දේ.

ලන්ඩනයේ ශ්‍රී ලංකා  මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කළ බි‍්‍රගේඩියර් ප‍්‍රනාන්දු මහතා  රාජතාන්ත‍්‍රික නිලධාරියකු  ලෙස 1961 රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා පිළිබඳ වියනා සම්මුතියේ විධිවිධාන ප‍්‍රකාරව, රාජ්‍යතාන්ත‍්‍රික මුක්තියට හිමිකම් ලබන බවට ශ්‍රී ලංකා රජයේ  අඛණ්ඩ ස්ථාවර යැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව අනෝන්‍යය  වූ මෙම බැඳීම ප‍්‍රකාර සිය වගකීම් ඉටු කරන ලෙස එක්සත් රාජධානි රජයෙන් ඉල්ලා ඇතැයිද එම අමාත්‍යාංශ නිවේදනයේ සඳහන් වේ.



අදහස් (10)

බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුගේ නඩුව නොවැ. 19 සිට යළි විභාගයට

Mahee Sunday, 20 October 2019 11:59 AM

නීතියේ අයිතිකාරයන් හැටියට පෙනී ඉන්න එංගලන්තෙත් නීතිය අර්ථ නිරූපනය කෙරෙන්නේ එක එක නඩු කාරයාගේ පෞද්ගලික මති මතාන්තර අනුවයි. මෙතැනදී ප්‍රධාන මහේස්ත්‍රාත් තීරණය කරනවා කලින් නඩුව අහපු මහේස්ත්‍රාත් වැරදියි කියලා. මීට පෙර අවස්ථාවක ලංකාවෙන් නිල සංචාරයකට එංගලන්තයට ගිය ඉතා ගෞරවනීය නියෝජ්‍ය පොලිස්පති කෙනෙකු වූ ටිරල් ගුණතිලක මහතාව සාප්පුවකින් යකඩයක් හොරකම් කළාය කියලා ලන්ඩනයේ මහේස්ත්‍රාත්වරියක් ඔහුව වැරදිකරු කළා. අැපෑලේදී තීරණය වුණා නඩුව අහපු හැටි වැරදියි කියලා. ඔය නඩුකාරයින් බොහෝවිට අපේ කළු හම නිසා අගතිගාමී වෙනවා ඇති...

:       41       239

Appuhamy Sunday, 20 October 2019 12:35 PM

පොලිස් නිලධාරියගේ සිද්ධිය සම්බන්දව - කොහෙද බන් ගෞරවනීය පොලිස් නිලධාරීන් ඉන්නේ..? එංගලන්තේ ගිහිල්ලත් පුරුද්ද අත ඇරගන්න බැරි වෙන්න ඇති.. එහෙ අය නඩු දාන්නේ හරියට හොයලා බලලා.. නැතුව ලංකාවේ පොලිසිය වගේ බොරුවට ඩප්පි දාලා, කුඩු පැකට් දාලා නෙමෙයි..

:       350       97

Prabha Monday, 21 October 2019 05:44 AM

අප්පුහාමි ගම කොහෙද?

:       0       0

Nuwan Sunday, 20 October 2019 01:19 PM

බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු රට දය සමයට ලැදි වීර අභිමානවත් පුතෙක්, ලංකා මාතාවට විරුද්දව එදා කොටි ඩයස්පෝරාව ගෙන ගිය උද්ඝෝශනයේදී තානාපති සේවයේ සිටියත් ඔහුගේ ලේ රත්වෙලා නටන එක නවත්තගන්න බැරිවුනා. ඔබ වැනි පුතුන් ලද ලක්මව වාසනාවන්තයි

:       10       347

lankasri Sunday, 20 October 2019 01:27 PM

මමත් මේ කියන වීඩියෝ එක බැලුවා. ඒක නම් හමුදා නිලධාරියෙක් හැටියට අනුමත කරන්න බැහැ. මෙහෙ තියෙන නීතිරීති වලට අනුව නම් එය විශාල වරදක්, ව්‍යංගනයෙන් ඔහු පවසන්නේ බෙල්ල කපන බවයි. එය ශිෂ්ට සම්පන්න නැති බවයි මගේත් පෞද්ගලික හැඟීම... කොටින්ව නම් උල තියලත් මදි බව එංගලන්තෙත් දන්නවා. නමුත් එංගලන්තයේ අයව හුරතල් කරනවා. අපේ හමුදා සෙබළුන් තමන්ගේ රටට හානි නොවන සේ විශේෂයෙන් පිටරටදී හැසිරිය යුතු බව මගේ අදහසයි.

:       434       207

AsankaSunday, 20 October 2019 02:33 PM

බොරු කියන්න එපා... යුද්ධය කාලේදී කොටින්ගෙන් හමුවූ මිසයිලවල එංගලන්තයේ සමාගමක නිෂ්පාදනය කර ඇති බවත් ඒවා එහි සිටම මෙහි රැගෙන් ඇවිත් ඇති බවත්, සීරියල් නම්බර් මගින් අනාවරණය වුණා. ඒ හැරත් ඔවුන් කොපමණ බලපෑම් කළාද? ප්‍රභාකරන් බේරගන්න... ඔවුන්ට ඕන මෙවැනි යුධ වීරයින්ව උසි ගන්නලා නඩුදාන්න. කිඹුල්ලු අල්ලන්න ඇමට පොඩි දරුවෝ යොදාගත්ත ජාතියක් ගැන කවර කතාද?

:       76       351

surath Sunday, 20 October 2019 04:03 PM

විකාර... මේක වරක් අහලා තීන්දුවක් දිලා තිබුනේ තහනම් සංවිධාන ලන්ඩනයේ පෙළපාලි යාමට ඉඩදීම හරිද?

:       0       26

Kumar (Gulf) Sunday, 20 October 2019 07:59 PM

ත්‍රස්තවාදී කණ්ඩායමක සමච්චල් උද්ඝෝෂණයකදී බෙල්ල කපනවා කියන්නේ නැතුව, හාදුවක් දෙන්නම් කියලද කියන්න කියන්නේ? පිස්සු හැදෙන සඳ...

:       0       17

Bandara Monday, 21 October 2019 03:05 AM

විදුලි පුටුවට යන්න ලැහැස්ති අය ගිහින් මෙයාව බේරගෙන වරෝ...

:       1       75

sanjeewa Monday, 21 October 2019 05:43 AM

අපේ රට ,රණවිරුවන් වෙනුවෙන් කතා කිරීමට කවුරුවත්ම නෑ කතා කරානම් ඔය රටවල් වලත් එල් ටි ටි එක තහනම් වෙලා ඇති .........

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 454 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site