(නිමන්ති රණසිංහ)
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය අද තවත් සැකකරුවෝ හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඒ අතර මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි මහතා ද වෙයි.
අද අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් වන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සේවය කළ පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල සහ මුතුරාජා සුරේන්ද්‍රන් යන මහත්වරුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් වික්‍රමසිංහ නැමති ප්‍රධාන මහමොලකරු තවමත් නිදැල්ලේ පසුවන බව මහජනතාව පවසයි....
රනිල් හොරෙකු නොව එය අනාගතය පැහැදිලි කරාවී
එතකොට ඇතුලේ හිටපු දෙන්නව එලියට දැම්මා නේද , ප්‍රධාන සැකකරු අල්ලන දවස දන්නේ නැති නිසා. ඇතුලේ ඉන්න අය එලියට දාල එළියේ අය ඇතුලට දානවා. ඔය වගේ සෙල්ලමක් තියනවා පොඩි උන්ගේ ."හොරා පොලිස් ". මේකටත් නමක් දාමු ලස්සන සෙල්ලමක් .
මහමොලකරු කවුද කියා දන්නේ කොහොමද? කුමාර මේ ගැන වෙනම පරීක්ෂණයක් පවත්තුවාද?
බැංකු අධිපතිය ලංකාවේ පුරවැසියෙක් නොවෙයි. පිටරටකින් හොරෙක් ගෙනත් පත් කල රනිල් වග කියන්න ඕන . නඩුත් හාමුදුරුවන්ගේ . බඩුත් හාමුදුරුවන්ගේ.
දැන් අපි කවුරුත් කතාකරනවා එක්කෙනෙක් අල්ල ගත්ත, තව අය එළියේ ඉන්නවා කිය කියා. නිකමටවත් කාටවත් හිතෙන්නේ නැද්ද ජනාධිපතියි ආණ්ඩුවයි අතර තියෙන විරසකය නොවෙන්නට මේ කපේදී ඔහොමවත් පරීක්ෂනයක් නොපැවැත්වෙන බව. කොටින්ම මහින්දගේ ජනාධිපතිකමයි එයාගෙම ආණ්ඩුවයි නැත්නම් රනිල්ගේ ජනාධිපතිකමයි එයාගෙම ආණ්ඩුවයි තිබුන නම්, හිතනවද ඔහොම දෙයක් හීනෙකින්වත් වෙයි කියල? එක පොඩ්ඩක් තේරුම් ගත්තොත් වැටහෙයි, අපේ යුක්තිය ඉටුවීම තීරණය වෙන්නේ තනිකරම පුද්ගලයන් මතයි කියන එක. අපි ඔක්කොම කලයුත්තේ පුද්ගලයා මත රැඳෙන යුක්තිය ඔවුන්ගෙන් ඉවත්කර නීතිය මත ස්ථිරව රැඳෙන තත්වයටකට ගෙන ඒමයි.
රොකී... මිනිස්සු පරීක්ශනය නම් තියල ඉවරයි... ප්‍රතිපල දෙන්න ඡන්දයක් එනකල් ඉන්නෙ.
පරන හැන්සාඩ් වාර්තා... වොයිස් කට් බලන්න.... හොරෙක් බේරගන්න කතා කරන හැට් හොදට බලාගන්න පුලුවන්.....
අරුම පුදුම රට ශ්‍රීලංකාව ....
රහස් පොලීසිය සිදුකල ක්‍රියාවට අපගේ ස්තුතිය. හොරකමට කිසිවෙකුට ඉඩක් නොතැබිය යුතුය. ඒත්, දඬුවම මේ වංචාවට විතරද ? අනෙක් පැත්තේ අය පෙරදී කරනා ලද කප්පරක් හොර මැර වැඩ වලටත් දඬුවම් අවශ්‍යමයි නේද ? ජනපති තමන්ගේ පැත්තේ නොවන අයගේ පමණක් වැරදි සොයා දඬුවම් දුන්නත්, සියල්ලන්ගේම වැරදි සොයා දඬුවම් දෙන ලෙස රහස් පොලිස් නිලධාරී මහත්වරුන් ඔහුට මතක්කොට දෙන්නේ නම් මැනවි. නොඑසේ නම්, පැත්තකට පමණක් දඬුවම් දී අනෙක් හොරු ආරක්ෂා කිරීමෙන් කිලිටි වන්නේ රහස් පොලීසියේ කීර්ති නාමයයි. එය සිදුවිය යුතු දෙයක් නොවේ.
ළඟ එන ඡන්දයෙන් දිනන්න කරපු වැඩක් මේක.... ඡන්ද දායකයින් කල්පනාවෙන් වැඩ කරන්න , මෙපමණ කල් ඉඳල දැන් කඩි ගුලක් වගේ ඇවිස්සිලා කුඩු හොරු හෝ ගාලා අල්ලනවා ..... ලකුණු දාගන්න උදේට අල්ලනවා හවසට එලියට එනවා. ඕක තමයි සෙල්ලම මැතිවරණය අන්තිම දවසේ එල්ලුම්ගහ ක්‍රියාත්මකයි කියනවා.... නැවත බලයට ආපසු රට තිබුණ තැනටම යනවා පරදිනවා කියල තේරෙනකොට. නැවත හොරා පොලිස් පටන්ගන්නවා නමුත් පොඩි මිනිහගේ නිතිය විතරක් අකුරට වැඩකරනවා
මොන තරම් නුගත්ද ඇත්තටම දුකේ බැ මේ වගේ අය දැක්කම.....
තෝරු මෝරු අල්ලගන්නේ නැතිව හාල්මස්සන්ව අල්ලාගෙන . රටේ ලොක්කන් එකිනෙකාගේ පුද්ගලික කෝන්තර පිරිමහ ගනිමින් ඉන්නවා මිසක් වෙන දෙයක් නැහැ. සියල්ලට කලින් රටේ නීතිය සැමට එකසේ පැවතිය යුතුයි. රටේ නායකයන්ට එක නීතියකුත් ගමේ කෙසෙල්කන් හොරාට තව නීතියකුත් , අසවල් දේශපාලක හාමිනේට වෙනම නීතියකුත් නීතිප්‍රකාර විදේශගමන් බලපත්‍ර ඇති බවලතාට අමුතුම නීතියකුත් වශයෙන් පැවතීම ඉතා නින්දිතයි.
කලින් රක්ෂිත බන්ධනාගාර ගත කරලා හිටපු අයව නිදහස් කලේ තවම වැරදි කරුවන් අත්අඩංගුවට අරන් නෑ කියලා නේද ? එතකොට දැන් මේ අයව අත්අඩංගුවට ගත්තේ ඇයි. මේ සම්බන්දව නීතිය ක්‍රියාත්මක වෙන බව බොරුවට ලෝකෙට පෙන්වන්න නේද ? හරියටම නීතිය ක්‍රියාත්මක කරනවානම් නියම වැරදිකාරයො ලගම ඉන්නවනේ.