ඩී.ජී.සුගතපාල
 
ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින තම සැමියාට කෑම පාර්සලයක දමා ජංගම දුරකතන සිම්කාඩ්  හතක් දිමට තැත් කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකාර කාන්තාවකට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (11) මාස හයක සිරදඬුවම් සහ රුපියල් දහසක දඩයක් නියම කර සිරදඬුවම වසර දහයකට අත්හිටුවනු ලැබීය.


දඩය නොගෙවන්නේ නම් තවත් මාසයක සිරදඬුවමක් ද විත්තිකාරියට නියම විය.


මෙසේ දඬුවම් නියම කරනු ලැබුවේ ඇල්පිටිය උඩුවිල ප්‍රදේශයේ පදිංචි ලත්තුවා හන්දි මදුනි නමැති කාන්තාවකටය.


අපරාධයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයේ සිටින සැමියාට දීම සඳහා සැකකාරිය විසින් ඉකුත් 2 වැනි දා ආහාර පාර්සලයක් ගෙනැවිත් ඇති අතර එසේ ගෙනෙන ලද ආහාර පාර්සලය බන්ධනාගාර නිලධාරින් විසින් පරික්ෂා කළ අවස්ථවේ එහි  ව්‍යාංජනයක සූක්ෂම ලෙස සඟවා තිබු සිම් කාඩ්පත් හත සොයාගෙන ඇත.