
(ජයන්ත සමරකෝන්)
සිය නිල ඇඳුමේ හිස්වැස්මක සඟවා කළුතර බන්ධනාගාරය තුළට දුම්කොළ රැගෙන යාමට තැත්කළ බන්ධනාගාර නියාමකවරයකුගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.
මෙම සිද්ධිය පිළිබඳව කරන ලද මූලික විනය පරීක්ෂණයකින් පසු අදාළ නියාමකවරයාගේ සේවය වහාම අත්හිටවූ බවද, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ලංකාදීපයට අද(12) පැවසීය.
රාජකාරියට වාර්තා කරන මුවාවෙන් නිල ඇඳුමින් සැරසී බන්ධනාගාරය තුළට යාමට උත්සාහ කළ මෙම නියාමකවරයා පිළිබඳව සැක සිතූ නිලධාරීන් කළ පරීක්ෂාවේදී, හිස්වැස්ම තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබී දුම්කොළ 4ක් අත්අඩංගුවට ගෙන ඇතැයිද ඒ මහතා කීය.
මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වෙන කිසිදු නිලධාරියෙකුට සමාවක් නොලැබෙන බවද, එවැන්නන් සේවයෙන් ඉවත්කිරීම සඳහා වුවද පසුබට නොවන බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd