IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


බඩු ගන්න මහ පෝලිම්

(ඩයනා උදයංගනී)

ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා සංචරණ සීමා ලිහිල් කළ අද (25) උදෑසන සිට විශාල ජනතාවක් නගරවලට පැමිණ සිටියහ.

මේ වෙනුවෙන් අද (25) උදෑසන 04.00 සිට රාත්‍රී 11.00 දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදීගැනීමට නිවසකින් එක් අයෙකුට පමණක් ළඟම පිහිටි වෙළෙඳසැලට පා ගමනින් යෑමේ අවස්ථාව පවතින බව රජය නිවේදනය කර තිබුණත් ජනතාව පෞද්ගලික වාහනවලින් පැමිණ සුපිරි වෙළඳසැල්, සතොස අලෙවිසැල් හා මග දෙපස භාණ්ඩ අලෙවිසැල් අසල පෝලිම් ගැසී භාණ්ඩ මිලදී ගනිමින් සිටිනු දක්නට ලැබිණි.

ඇතැම් ස්ථානවල ජනතාව දුරස්ථභාවය ගැන පවා අවදානය යොමු නොකරමින් කටයුතු කරනු ද දක්නට ලැබිණි.

මේ හේතුවෙන් නගරවල රථ වාහන තදබදයක් ද පැවතිණි.

එහෙත් මේ වනවිට ප්‍රධාන නගරවලට ජනතාව විශාල වශයෙන් එක්රැස්වෙමින් පවතින බවත් එය බරපතළ ගැටලුවක් බවත් පොලිසිය සඳහන් කළේය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)

(ඡායාරූප: ජයමල් චන්ද්‍රසිරි)

 



අදහස් (7)

බඩු ගන්න මහ පෝලිම්

Nuwan Tuesday, 25 May 2021 09:51 AM

තුන්වන රැල්ල යන්නත් කළින්, 4 වැනි රැල්ලේ ඉඟි බිඟි තමයි මේ පේන්නේ..

:       2       29

දොලේවත්තTuesday, 25 May 2021 11:04 AM

ප්‍රායෝගික නොවන නීති පැනවීමෙන් පමණක් කොරෝනා මැඩලිය නොහැක. දිනෙන් දින තම භාණ්ඩ මිලදී ගන්නා මේ රටේ ජනතාවට සති ගාණකට සෑහෙන භාණ්ඩ ගබඩා කර ගැනීමේ වත්කමක් නැත. සියලු මහජනතාවගේ නිවෙස් අසල තම අවශ්‍යතා සියල්ල සපයා ගැනීමට තරම් භාණ්ඩ සුලබ අලෙවිසැල් නැත. කිලෝමීටර් හත අටක් දුර ආසන්නම නගරයට පැමිණෙන ජනයාට තම භාණ්ඩ රැගෙන එතරම් දුරක් පයින් යා නොහැක.

:       3       32

සෙනෙවිරත්න Tuesday, 25 May 2021 10:19 AM

මාර කොමඩි අපේ රටේ, ගාල්ලේ සුපිරි වෙළෙඳ සැලක පාකිං ඒරියා එක වහලා, ඒකට ආපු වාහන ප්‍රධාන පාරෙ දිගටම පාකිං, මිනිස්සු වෙළඳ සැලේ. ලෙඩා මලත් බඩ සුද්දයි. කොහොමද ටිකිරි මොලේ?

:       3       22

Demuni Uduwara Tuesday, 25 May 2021 11:38 AM

විපාකය ආසන්නයි.

:       1       2

Demuni Uduwara Tuesday, 25 May 2021 11:41 AM

ගෝඨාභය අසමත් බව නැවත ඔප්පු කළා.. !!! 

:       7       13

fairoos Tuesday, 25 May 2021 01:39 PM

අපි තමයි හොඳට කළේ.. ඒක කියන්නේ නැහැ කවුරුත්.. අයියෝ නන්දසේන.

:       4       12

dhamneth Wednesday, 26 May 2021 03:15 AM

දින ගණනක් සංචරණ සිමා පනවා වසාතබා කඩ විවෘත කළාම ජනයා රැස්වන එක පුදුමයක් නොවේ. මෙයට හොඳම විසඳුම තමයි ජංගම වෙළෙඳසැල් ආරම්භ කිරීම..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1100 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1124 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site