IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


බගවන්තලාව කොරෝනා අතරමැදි මධ්‍යස්ථාන වසා දමයි

(රංජිත් රාජපක්ෂ) 

බගවන්තලාව මෝරා වතු යායේ ජාතික වැවිලි කලමණාකරණ ආයතනයේ පවත්වාගෙන ගිය සියළුම පහසුකම් සහිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද සිට වසා දැමිමට නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පියවර ගෙන ඇත.

2021 ජනවාරි මස සිට එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොවිඩ් අසාදිතයන් ප්‍රතිකාර සදහා ඇතුළත් කළ අතර එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිඩ් අසාදිතයන් 140 දෙනකු සදහා පහසුකම් ඇත.

දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනකු බගවන්තලාව මෝරා වතු යායේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අනුයුක්ත කර තිබු අතර , එහි ආරක්ෂාව සදහා යුද හමුදා භට පිරිසක්ද රාජකාරි කළහ.

එම මධ්‍යස්ථානයේ සේවය කළ වෛද්‍යවරුන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් දික්ඔය මුලික රෝහලට යලිත් සේවයට වාර්තා කර ඇති අතර , එහි ආරක්ෂාවට සිටි යුද හමුදා භට පිරිස්ද මේ වන විට ඉවත් කරගෙන ඇත.

අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වන රෝගින්ට ඉතා ආසන්නම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වශයෙන් බගවන්තලාව මෝරා වතු යායේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපනය කරනු ලැබුහ.

අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය කඩිනමින් ඉවත් කිරිම සම්බන්ධයෙන් මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිහාල් විරසුරිය මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමිම සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවත්,දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විශාල  පිරිසකට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම රෝහලේ පවතින කාර්ය මණ්ඩල හිඟය මත මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දමන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ මහල් දෙකක්  ඇදන් 150 කින් සමන්විත අංග සම්පුර්ණ කොවිඩ් 19 ප්‍රතිකාර රෝහලක් වශයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බවත්, එම ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් අදිරයේ පවතින බවද මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසිය.

 



අදහස් (0)

බගවන්තලාව කොරෝනා අතරමැදි මධ්‍යස්ථාන වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 91 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 931 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site