IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘බැංකු මංකොල්ලයට අමතරව අධ්‍යාපන ක්ෂේත්‍රයෙත් වංචා සිදුවනවා’

(නිමල කොඩිතුවක්කු)
 
වත්මන් රජය යටතේ මහ බැංකු මංකොල්ලයට අමතරව අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය යන ක්ෂේත‍්‍ර වලින්ද රුපියල් බිලියන ගණනින් මුදල් වංචා  සිදුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කොළඹදී පැවැසීය.

මහපොළ භාරකාර අරමුදලින් පමණක් සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 28ක් බවත් සඳහන් කළ අමාත්‍යවරයා මෙයට අමතරව නිල ඇදුම් වවුචර, සුරක්ෂා රක්ෂණය ආදි වැඩසටහන් මගින් ද රුපියල් කොටි ගණන් මුදල් නාස්ති වන බව පෙන්වා දුන්නේය.

කොළඹ පදනම් ආයතනයේ දී අද (28) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද කීය.

 ‘‘අපේ රටේ සිදුවෙච්ච තවත් මහා පරිමාණ වංචා දූෂණ  රැසක් මේ රජය යටතේ සිදුවෙලා තියෙනවා. මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට රුපියල් මිලියන ගණනින් අලාභ හානි  සිදුවුණා.

ආර්ථික වශයෙන් අපහසුතා ඇති දරුවන්ට උසස් අධ්‍යාපනය වෙනුවෙන් ලලිත්  ඇතුලත් මුදලි මහතා මෙම අරමුදල පිහිටෙවුවා. මහපොළ දිගටම පවත්වාගෙන යන්න අවශ්‍ය නිසා චන්ද්‍රිකා බණ්ඩාරනායක  මැතිණිය 1998 වසරේදි අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවක් මත මාලබේ අක්කර  25ක් වෙන් කරලා එහි ස්ලිට්  ආයතනය නමින් විශ්ව විදයාලයක් ගොඩනැගුවා.  එහි පාලන කටයුතු වෙනුවෙන් වෙනත් ආයතනයක් ආරම්භ කළා.

ආරම්භයේ දී  එහි අධ්‍යක්ෂක මන්ඩළයේ සියලූ දෙනා රජයේ නිළධාරීන්. නමුත් පහුගිය කාළයේ එම නිළධාරින් සියලූම දෙනා අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත් කළා. දින  100 ආණ්ඩුව  යටතේ මාලබේ විශ්ව විද්‍යාලයේ ඇති අක්කර 25 ඉඩම හැර  ගොඩනැගිලි, විශ්ව විද්‍යාලයේ හිමිකම් ඇතුළු මේ සියල්ල රුපියල්  මිලියන 408කට අර වෙනත් සමාගමට විකුණුවා.

මේ වනවිට එම ගොඩනැගිලි ඇතුලූ  විශ්ව විදයාලයේ අවම තක්සේරුව  මිලියන විසිදාහක් හෙවත් බිලියන 20ක්. එම විශ්වවිද්‍යාලයේ කීර්ති නාමය, ජාත්‍යන්තර පිලිගැනිම තක්සේරු කළොත් එයට වඩා වැඩියි. "

(ඡායාරූප - ලහිරු හර්ෂණ)
 
 



අදහස් (0)

‘බැංකු මංකොල්ලයට අමතරව අධ්‍යාපන ක්ෂේත්‍රයෙත් වංචා සිදුවනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 824 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site