
(ඩයනා උදයංගනී)
වප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අනිද්දා (30) දිනයේදී බස්නාහිර පළාතෙන් පිට විහාරස්ථානවල ද පවත්වන පිංකම් සඳහා 50 දෙනෙකුට අඩු සංඛ්‍යාවක් පමණක් සහභාගී කරවා ගන්නැයි ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය.
නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල විහාරස්ථානයන්හි වෙනදා මෙන් ආගමික කටයුතු කිරීමට නොහැකි බවත්, ඇඳිරිනීතිය නොමැති බව සිතා වෙනත් පළාත්වල විහාරස්ථානයන්හි විශාල වශයෙන් පිරිස් සහභාගී කරවාගෙන ආගමික කටයුතු සිදුකළහොත් එය කොවිඞ් වයිරසය පැතිරයාමට හේතුවක් විය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
එබැවින් 50 දෙනෙකුට අඩු ඉතා සුළු සංඛ්‍යාවක සහභාගීත්වයෙන් යුතුව ආගමික කටයුතු කිරීම රෝගය පැතිරීම වළක්වා ගැනීමට වැදගත් බව ද වෛද්‍යවරයා කීවේය.
විශේෂයෙන් මෙම කාල වකවානුව තුළ කොවිඞ් වයිරසයෙන් දැඩි ජීවිත අවදානමක් මතුවන අවුරුදු 60ට වැඩි වයෝවෘද්ධ පුද්ගලයින් හා දියවැඩියා, හෘද, අධික රුධිර පීඩනය වකුගඩු රෝග ඇති අය නිසි පරිදි ඖෂධ ලබාගැනීමත්, නිවසේම රැඳී සිටීමත් අතිශය වැදගත් බව ද පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය.
වෛද්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 දෙසැම්බර් මස 16
80
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පෝ දා පිංකම්වලට 50 කට වඩා එපා
බම්බුආරච්චි Wednesday, 28 October 2020 02:54 PM
ගෙදරට වෙලා ඉන්න.
Lalith M Wednesday, 28 October 2020 07:55 PM
මොන පිංකම්ද.? දැන් සෞඛ්‍ය උපදේස් පිළිපදිමු.