(ඩයනා උදයංගනී)
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද (23) දිනයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථනවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සඳහන් කරයි.
උතුරු සහ උතුරුමැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් දිවයින හරහා තරමක තද සුළං ඇතිවන අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 50, 55 පමණ වේගවත් සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය අවුරුදු එකහමාරටම අහන්න ලැබුණේ අමිහිරි පුවත්මයි. පුදුම කරුම කාලයක් අපි ලබලා තියෙන්නේ....