(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාවෙි පිළිගත හැකි කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නැතැයි කෝපා කාරක සභාවෙි පිළිගැනීම බව පත් කළ මන්ත්‍රී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

එමගින් අස්වනු හානි, රජයට හානි මෙන්ම ගොවීන්ද අපහසුතාවයට පත් වෙන බවද තිස්ස විතාරණ මහතා කීය. 

එමෙන්ම නිසි විධිමත් වගා සැලැස්මක් නැති බව කෝපා කාරක සභාව පිළිගෙන තිබෙන බවද 2021 ජූලි 20 සහ 2021 ඔක්තෝබර් 06 හා 07 යන දිනයන්හි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද වාර්තා ත්‍රිත්වයට අදාළ කල්තැබීමේ විවාදය ඇරඹමින් තිස්ස විතාරණ මහතා පැවසීය.