(සනත් ගමගේ සහ චන්ද්‍රසේන ගමගේ)
කටුවන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් අද (12) මිය යෑම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට විරෝධය පළකරමින් පොලිසිය වටලා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
කටුවන බෙංගමු කන්ද ප්‍රදේශයේ නීති විරෝධි මත් පැන් පෙරීමේ ස්ථානයක් ඇති බවට එම ස්ථානය පෙන්වීමට යැයි පවසා එහි රැගෙන ගිය පුද්ගලයාට පොලිසිය පහර දීමක් සිදු වූ හෙයින් එම පහර දීමෙන් පසු එම පුද්ගලයා මිය ගොස් ඇති බව පවසමින් කටුවන පොලිසියට ජනතාව මෙලෙස විරෝධය දක්වා තිබේ. මිය ගිය පුද්ගලයාගේ සිරුර කටුවන රෝහලේ ඇති බව ජනතාව පවසති.
සිද්ධිය සමතයට පත් කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරීන් රැසක් මේ වන විට කටුවන පොලිසිය වෙත පැමිණෙමින් සිටී.
කටුවන පොලිසිය ඉදිරිපිට ටයර් පුළුස්සා ප්‍රදේශවාසීන විරෝධය පල කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගෙන සාධාරණය ඉටුකරන බව උසස් පොලිස් නිලධාරීයකු ජනතාවට පවසා තිබේ.
ඡායාරූප - අනිශා මානගේ




2025 දෙසැම්බර් මස 18
226
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පහර දීමකින් පුද්ගලයකු මිය යෑම හේතුවෙන් ප්‍රදේශවාසීන් කටුවන පොලිසිය වටලයි
ajith kumara Thursday, 13 December 2018 03:22 AM
නීතිය කරලත් බෑ නොකරත් බෑ අහෝ ලංකාවේ අනාගත පරපුරේ ඉරණම.