IMG-LOGO

පොහොට්ටුවේ ඉංජිනේරු බළකාය කිළිනොච්චියට

(නාලක සංජීව දහනායක)

ගංවතුරින් හානියට පත් උතුරු පළාතේ ජනතාවගේ නිවාස හා දේපළ ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු බළකාය අද (4) කිළිනොච්චිය බලා පිටත්විය.

ආපදාවටපත් ප‍්‍රදේශවල ජනතාව සඳහා අවශ්‍ය විදුලි උපකරණ, ජලනල වැනි දෑ රැගත් ලොරිරථ දහයක් හා ඉංජිනේරුවන් තිහක් සහ තවත් කාර්මික නිලධාරීන් තිහක පිරිසක්ද මේ සඳහා එක්විය.

මෙම පිරිස දින දෙකක කාලයක් උතුරු පළාතේ රැඳී සිටිමින් පීඩාවට පත් ජනතාවට සහන සැළසීමට නියමිතය.

මෙම අවස්ථාවට සහභාවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා මෙසේ පැවැසීය.

     ‘‘උතුරු පළාතේ ජනතාව පහුගිය දිනවල ගංවතුර ආපදාවකට මුහුණ දුන්නා. ඒ වෙලාවේ යුද හමුදාව ඇතුළු සංවිධාන රාශියක් ඔවුන්ට උදවු කළා.

අපේ තරුණ පෙරමුණත් උතුරට ගිහිල්ලා උදවුකළා. මේ වෙද්දි පීඩාවටපත් ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටුකරලා ඔවුන්ට ජීවත්වීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කරන්න  ඕන.

ඒ අවශ්‍යතාවයන් සපුරාලන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සංගමය ඉදිරිපත්වෙලා ඉන්නවා. දේශපාලන පක්‍ෂයක් දේශපාලන කටයුතු මෙන්ම මෙවැනි දේවල්ද කළ යුතුයි කියල තමන් විශ්වාස කරන බවද ඔහු කීය.‘‘



අදහස් (10)

පොහොට්ටුවේ ඉංජිනේරු බළකාය කිළිනොච්චියට

Bishan Friday, 04 January 2019 02:07 PM

මේ අයට ඉංජිනේරු බලයකුත් තියනවද?

:       249       477

sirimal Friday, 04 January 2019 02:23 PM

ලොක්කා සහ කල්ලිය "විහින් පැටලුන" සාමාජික හුට පටයෙන් ගොඩ ගැනීමේ බලකාය කවදද වැඩ පටන්ගන්නේ?

:       469       1029

සෙනෙවි Friday, 04 January 2019 02:52 PM

අම්මපා එහෙම එකක් තියෙනවැයි...

:       55       320

sanath Friday, 04 January 2019 11:59 PM

ශක්තිමත් පක්ෂයක් සැදීම, ශක්තිමත් රජයක් හැදීමේ එක් පියවරක්.

:       459       286

shan saudi Saturday, 05 January 2019 05:28 AM

මේකත් කලින් තිබුණා වගේ පාරවල් ගානේ කසිප්පු බිබී නාඩගම් නටපු බලකාය වගේ එකක්ද කොහෙද?

:       14       305

isurandi Saturday, 05 January 2019 05:44 AM

දැන්නම් හොඳාකාරවම වැටහෙනවා මේවා ඡන්ද මගඩි බව. විපතේදී පමණක් නෙමෙයි අනෙක් අවස්ථාවලදීත් මෙහෙම ක්‍රියාවන් සිද්ධ වෙනවානම් කොතරම් අපූරුද?

:       1       36

Kapila Saturday, 05 January 2019 06:56 AM

හරිහැටි නායකයෙක් නැති සාමාජිකයන් නැති පක්ෂයකට කොහෙද ඉංජිනේරු බලකා තියෙන්නේ. මඩ බලකා නම් ඇති....

:       27       369

Hafeel Saturday, 05 January 2019 12:25 PM

නිල් බළකාය වෙනුවටද මේ බළකාය?

:       0       0

Saththaya Saturday, 05 January 2019 02:35 PM

සන්නාහ සන්නද්ධ බලකායකුත් හදන්න පුළුවන්ද මන්ද?

:       1       4

aseSunday, 06 January 2019 06:38 AM

දැක්කේ නැද්ද ඒ අය කණු වල නැගලා හිටියේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 322 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 801 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site