IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


පොලිස් සැරයන්වරු 366 ක ගෙන් අයිතිවාසිකම් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  )

ජාතික පොලිස් කොමිසමේ චක්‍රලේඛනයට අනුව තමන් සියලුම සුදුසුකම් සපුරා තිබියදීත් , තමන්ට උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් නොකිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් , තමන්ට නියමිත උසස් වීම් ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා පොලිස් සැරයන්වරුන් 366 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (23) මූලික අයිතිවාසිකම් පෙත්සමක්  ගොනු කළහ.

පොලිස් සැරයන් උපාලි බණ්ඩාරනායක ඇතුළු 366 දෙනෙකු ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතීපති සහ වැඩබලන පොලිස්පති නම් කරනු ලැබ සිටිති.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කරුවෝ සියලු දෙනාම ශ්‍රී ලංකා පොලිස් සේවයේ වසර 30 ක සේවා කාලය ඉක්මූවෝ වෙති. ඉන් වසර 13 කාලයක් පොලිස් සැරයන් ධූරයේ කටයුතු කරන අයවෙති.

2019 වසරේ මැයි මස 09 වනදා වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයක් මඟින් 2018 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වසර 12 ක් සේවා කාලය සපුරා ඇති පොලිස් සැරයන්වරු උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කරන බව සඳහන් කෙරිණි.

මෙම චක්‍රලේඛනයට අනුව අදියර තුනක් යටතේ සැරයන්වරුන් 5483 ක් කාන්තා පොලිස් සැරයන් 277 දෙනෙකුට උප පොලිස් පරීක්ෂක උසස්වීම් ලබා දී ඇත.

මෙම ක්‍රමයට පෙත්සම්කරුවන්ද එම ධූරයන්ට උසස් කර ගන්නා ලෙසතමන් ජාතික පොලිස් කොමිසම සහ වැඩබලන පොලිස්පතිවරයා වෙත අභියාචනා ඉදිරිපත් කෙරිණි .

මේ අනුව වසර 13 ක කාලයක් සපුරා ඇති පොලිස් සැරයන් සඳහා උසස් වීම් ලබා නොදීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.

එබැවින් මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි ප්‍රකාශ කරන ලෙසත් , තමන්ට අදාළ උසස් වීම් ලබා දීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.



අදහස් (1)

පොලිස් සැරයන්වරු 366 ක ගෙන් අයිතිවාසිකම් පෙත්සමක්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 June 2020 01:38 PM

අනේ. ... පව් ... දිවා රෑ නොබලා දරදිය අදින මේ සැරයන් වරුන්ටත් උසස්වීම් ටික දීලා සිටිමු නේද?...

:       1       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 384 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site