IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


‘පොලිස්පති ධූරයෙන් ඉවත්කරන්න පාර්ලිමේන්තු කමිටුවක් පත්කරන්න සුදානම්’

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)

දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පතිවරයා එම ධූරයෙන් ඉවත්කිරීමට විපක්ෂය කැමැත්ත පළකරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත්කිරීමට සූදානම් යැයි සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
 
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ බව පැවසූ සභානායකවරයා මෙසේද කීය.

“පොලිස්පති ඉවත්කිරීමට නොහැකිවීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා ආපු එකක් නෙමෙයි. ඊට කලින් සිට පවතින රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීමේ පනතට අනුව එය කළ යුත්තේ.
 
ඒ පනත යටතේ පොලිස්පති ඉවත් කිරීමට නම් පාර්ලිමේන්තුවේ කමිටුවක් පත්කළ යුතුයි. එම කමිටුව ඔහු වැරදිකාරයෙක් කළොත් ඉන්පසුව ඒ සම්බන්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුයි. එම ක්‍රමවේදය මිස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මීට බලපාන්නේ නැහැ.”
මෙහිදී වෙසක් උත්සවය ගැන කරුණු දැක්වූ සභානායකවරයා මෙසේ ද කීය.
 
“අගමැතිතුමා ඊයේ මල්වතු, අස්ගිරි මහානායක හිමිවරු හමුවීමට ගියා. එහිදී මහානායක හිමිවරු විහාරාධිපති හිමිවරු කැමති ආකාරයකට වෙසක් උත්සවය පැවැත්වීමට අවසර දුන්නා. රජය ඊට මැදිහත්වෙන්නේ නැහැ. නමුත් අවශ්‍ය උදව් ආධාර දෙනවා. රජය කිසිදෙයකට තහංචි පනවන්නේ නැහැ. ගම්වාසීන් හා එකතු වී විහාරාධිපති හිමිවරුන්ට කැමති ලෙස කටයුතු කළ හැකියි.”



අදහස් (22)

‘පොලිස්පති ධූරයෙන් ඉවත්කරන්න පාර්ලිමේන්තු කමිටුවක් පත්කරන්න සුදානම්’

Raveendra Friday, 10 May 2019 12:22 PM

ඇල්ලක් වුනත් වැඩකට නැති ඇල්ලකි.. ගැලුවොත් ගලන්නේ පල්දෝරුය සැමවිටම.. ඇරියොත් කට කියන්නේ නම් මම සුදනාය.. මෙවන් ගොන්නු කුමකට යැව්වද දියවන්නාවට..

:       235       1802

siri Friday, 10 May 2019 12:38 PM

දැනට තිබෙන තොරතුරු පරිදි පොලිස්පතිවරයා මේ පිළිබඳව දැන සිටි අතර, ඔහු ඒ පිළිබඳව ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබුන නමුත්, මේ ම්ලේච්ඡ ප්‍රහාර වළක්වා ගත නොහැකි වුණා. මා සිතන්නේ මෙවැනි දෙයක් අවසාන වගකීම ඇත්තේ පොලිස්පතිවරයා සතුව බැවින්, සදාචාරාත්මක වශයෙන් තව දුරටත් තනතුරේ සිටිනවද, නැද්ද යන්න තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තු කමිටුවක් නොව, පොලිස්පතිවරයා විසින්මයි.

:       93       634

Perakum Friday, 10 May 2019 01:16 PM

ඉතින් රවීන්ද්‍ර කාගෙද වැරැද්ද? අපිමනේ පත් කරලා යැව්වේ. අනිත් සැරේ කල්පනාවෙන් කතිරෙ ගහමු.

:       0       117

RaveendraFriday, 10 May 2019 03:59 PM

Perakum මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. අප අවංකවම මෙම වැරැද්දට කිසිවිට හවුල් වී නොමැති බව කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු. එනමුත් අප එලෙසම අවංකව මේ මොහොතේත් කණගාටු වෙනවා. මේ රිලව් 225ටම සුරසැප විඳීමට මෙන්ම සියලුම පුරවැසියන්ට තුන් වේල බඩපුරවා ගැනීමට අපගේ ලේ කදුළු දහදිය හෙලමින් ඩොලර් උපයා අපගේ මතෘභූමියට යැවීමට උදව් වෙන බැවිනි. එනමුත් නිදහස් අධ්‍යපනයෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබාගෙන අප අපගේ මාතෘ භූමියට අපගේ යුතුකම් ඉටුකිරීමට අවස්ථාව ලැබීම එක අතකින් අප වාසනාවන්තයෝය. මක්නිසාදයත් අප අපගේ මාතෘ භූමියට කිසිවිට ණය නැත...

:       217       116

chathuri Friday, 10 May 2019 01:44 PM

එක. එක්කෙනාව එලවන්න ගිහින් හමුදාවයි, පොලිසියයි, ජනතාවයි. එකතුවෙලා 225 එලෙව්වොත් මොකද කියන්නේ? හැමදාම නත්තල් නැහැ කියලා හිතන්න. හැන්ද තියෙන්නේ ජනතාව අතේ...

:       102       1004

Amila Friday, 10 May 2019 02:14 PM

විපක්ෂය කැමති නම් කරන්නම්ලු. එක්කෝ විපක්ෂයටම ආණ්ඩුව දීලා ගෙදරම ගියා නම් හොඳ නැද්ද? අායෙත් මේ වගේ අයත් එක්ක යූ.එන්.පී එක නම් තව අවුරුදු 20කටවත් බලේට නම් එන්නේ නෑ.

:       51       508

ranjith Friday, 10 May 2019 02:20 PM

පාර්ලිමේන්තු 225ත් එක්කම ගෙදර යවන්න කාලේ ඇවිත්.

:       6       122

ChandimaFriday, 10 May 2019 10:31 PM

225ක් ගෙදර යවනවා කිව්වට.. ආයෙත් ලැයිස්තුවට දාලා එවන්නේ ඔවුන්ගේම අයනේ...

:       0       0

gayan Friday, 10 May 2019 05:13 PM

කමිටු කමිටු කමිටු හැමදාම... දඬුවම් දුන් කෙනෙක් නෑ.

:       0       165

Bandara Friday, 10 May 2019 05:35 PM

වග කියන්න ඕනේ පොලිස්පති විතරද? මී හරක් පට්ටියේ මහ අය අදාළ නැද්ද?

:       2       229

හිච්චිමහත්තෙයා Friday, 10 May 2019 05:43 PM

වෙසක් උත්සවේ නායක උන්නාංසේලාට කැමති ආකාරෙකට තියන්න අවසර දුන්නැයි කියන්නේ අපෙ අගමැතිතුමා! බලන්න මොනතරම් අගේද කියලා..!

:       0       103

DON PERERA Friday, 10 May 2019 06:05 PM

තවත් ක්‍රමයක් කාලය කන්න...

:       0       0

dd Friday, 10 May 2019 06:08 PM

එ්ක ඇත්ත හිච්චිමහත්තයෝ.... ඉල්ලා අස්වුණු එක ගැන කිව්වෙත්, හෝටල් වල ආරක්ෂාව හෝටල් වලම කර ගන්න කියලා... මේ කතාවනේ.

:       0       0

මුණසිංහ Saturday, 11 May 2019 02:20 AM

ඇයි ඕන ගොනෙකුට එයාව ගෙදර යවන්න බැරිද?

:       0       0

Bamunuarachchi Saturday, 11 May 2019 05:45 AM

නුඹලාව ඉවත් කරන්න සිංහල අපි කෝටියක් ජනතාවගේ කමිටුවක් පත් කළා. මෙදා සැරේ එජාපෙ නායකයොත් සමග වලපල්ලට. කාටද ආඩම්බර? සිංහල අපි කඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඔබලාත් එකතුවී අපේ යුනිටි එක රට පෙන්වන්න.

:       501       47

nalinSaturday, 11 May 2019 10:55 AM

එතකොට නෝ ලිමිට්?

:       0       1

BamunuarachchiSaturday, 11 May 2019 03:25 PM

ලිමිට් එපා...

:       0       0

iron Saturday, 11 May 2019 02:29 PM

පොලිස්පති ඉවත්කරන්න මොකද්ද පොලිස්පති කළ වරද? ආ ඇයි පොලිස්පති දැන දැන තිරුපති ගිහින් නිසාද?

:       0       0

kamil Saturday, 11 May 2019 02:32 PM

මේ ගොල්ලන්ගේ වැරදි පොලිස්පතිගෙන් යවන්නයි හදන්නේ ජනතාව අවධියෙන් බලමු..

:       0       0

kamani Saturday, 11 May 2019 02:34 PM

හොරු රකින්න, රැකෙන්න පොලිස්පති ගෙදර යවන්නද හදන්නේ? ඔක්කොමලා තිරුපති යන්නේ...

:       0       0

karuma Saturday, 11 May 2019 02:36 PM

පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම මහපොළොව උහුලන්නේ නැති හෙනගහන අපරාධයක් කරන අයට සහගානවා..

:       0       0

gamini Sunday, 12 May 2019 05:30 AM

මේ වගේ ආණ්ඩුවක් කොටි ඉන්න කාලේ තිබුණානම්,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 154 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site