IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පල්ලියමුල්ල ඝාතනයේ යතුරුපැදිය සැපයූ අය රට පැනලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට  යතුරු පැදිය සැපයූ බවට සැකකරන පානදුර මහබෙල්ලන ප්‍රදේශයේ යතුරු පැදි අලෙවිසලක හිමිකරු ඝාතන සිද්ධියට දින 6 කට පෙර  බිරිඳ සහ දරුවන් සමඟ හොර රහසේ විදේශගත වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඉකුත් 19 වැනි දින  එම පුද්ගලයා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් යු එල් 225 ගුවන් යානයෙන්  විදේශගත වී ඇති බවට  ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු අනාවරණය වූ බව  පොලිසිය කියයි.  

එම පුද්ගලයා, ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දුන් බවට  සැක කරණ   මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "අරුක්ගොඩ සලිදු" නැමැත්තාගේ සහෝදරයා බව එම නිලධාරියා කීය. මේ වන විට  සලිදු නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ද ප්‍රදේශය හැර පලා ගොස් ඇතැයිද  උසස් පොලිස් නිලධාරියා කීය.

ඔහු විදේශ ගතව සිටින බව හැඟවීමට ජංගම දුරකථනයේ මෘදුකාංගයක් හරහා ඇමතුම් ලබා ගන්නා බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි  පොලිස් නිලධාරියා කීය. නමුත්  එම  මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු  නීත්‍යානුකූල ලෙස  විදේශගතව නොමැති අතර  ඔහු බෝට්ටු මගින් විදේශගත වූවාදැයි  සැකයක් පවතින බවත්  පොලිස් නිලධාරියා කීය. මේ වන විට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිදු නැමැත්තාගේ  දෙමව්පියෝ දෙදෙනා හැරෙන්නට  අනෙකුත් සියලුම දෙනා ප්‍රදේශය හැර පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය. බිරිඳ සහ දරුවන් සමඟ විදේශගත වූ  ජාවාරම්කරුගේ සහෝදරයා සතු මහබෙල්ලන යතුරුපැදි අලෙවිසැල ඔහුගේ සේවකයෙකු ලවා විවෘත කර පරික්ෂා කිරීමේදී  එහි තුළ තිබූ  යතුරු පැදි 50ක පමණ  තොරතුරු ලබාගෙන මේ වන විට  වැඩිදුර විමර්ශනය සඳහා   මෝටර් රථ  ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇතැයි ද පොලිසිය කියයි.

එම ස්ථානයේ තිබූ යතුරු පැදි පහක පමණ  තොරතුරු මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට  ඇතුළත් වී නොමැති බවට   මේ වනවිට අනාවරණය වී ඇතැයි එම නිලධාරියා කීය. ඉකුත් 25 වැනිදා  පානදුර පල්ලිය මුල්ල ප්‍රදේශයේදී  තිරෝද රථයක ගමන් කරමින් සිටි පානදුර වලාන ගැමුණු මාවතේ පදිංචි  ලක්ෂාන් සඳකැලුම්  32 නමැත්තා  ව වෙඩි තබා ඝාතනය කර තිබුනි.

පොලිස් කණ්ඩායම් කීපයක් එම ඝාතනය සැකකරුවන් සොයා පරීක්ෂණ පැවැත්වීමේදී ඝාතනය සඳහා පැමිණි වෙඩික්කරුවන්ට නවාතැන් පහසුකම් දුන් බව කියන  මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිදු නැමැත්තාගේ මුදල් භාරව කටයුතු කළ   පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස විශේෂ පොලිස් කණ්ඩායමකට  හැකිවිය. එම පොලිස් කණ්ඩායම විසින් ඉකුත් මාසයේ  28 වැනි දින වඳුරා මුල්ල ප්‍රදේශයේ සුසාන භූමියක  තිබී   ටී-56 ගිනි අවියක් හා  මහබෙල්ලන ප්‍රදේශයේ ඌර කඩුව   තොටුපොළේ ගිල්වා තිබූ  යතුරුපැදියක් ද සොයා ගන්නා ලදී.

නමුත් සොයාගත් එම ගිනි අවිය සහ යතුරු පැදිය  ඝාතනය සඳහා  යොදාගත් ඒවා නොවන බවත් පොලිස් පරීක්ෂණ නොමග යැවීම සඳහා කිසියම් කණ්ඩායමක් යෙදූ උපක්‍රමයක් බවට අනාවරණය වී තිබූ අතර  කෙසේ නමුත් එම ගිනි අවිය  සහ යතුරුපැදිය රජයේ රස පරීක්ෂක වෙත මේ වන විට  යොමුකර  ඇත.



අදහස් (1)

පල්ලියමුල්ල ඝාතනයේ යතුරුපැදිය සැපයූ අය රට පැනලා

kamal Friday, 12 February 2021 05:44 AM

අපේ සර්ගේ එක හූනියමයි. මේ ගොල්ලෝ ඔක්කොම ඇවිත් කකුල් දෙක ළඟ දණින් වැටෙනවා. බලන්නකෝ බොරුනම්... ලක්ෂ 69යේ ආනුභාවයනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site