IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පාර අයිනක තිබූ මල්ලකින් අත්බෝම්බ දෙකක් හමුවෙයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීගමුව මාර්ගයේ බාදුරාගොඩ වේයන්ගොඩ හන්දිය ආසන්නයේ පාර අයිනේ දමා ගිය මල්ලක තිබී අත්බෝම්බ දෙකක් හා විවිධ වර්ගයේ ජීව උණ්ඩ 150 ක් පමණ සොයා ගත් බව පල්ලෙවෙල පොලිසිය පවසයි.

බාදුරාගොඩ වේයන්ගොඩ පාර හන්දිය ආසන්නයේ පාර අයිනේ තණ බිස්සක සැකකටයුතු පාර්සලයක් ඇති බවට අද (6) ලද තොරතුරක් අනුව පොලිසිය කළ පරීක්ෂාවක දී මෙම බෝම්බ හා උණ්ඩ හමුවී ඇත.

විදේශීය රටක නිෂ්පාදනය කළ බව කියන ජීව බෝම්බ දෙකක්, ජීව පතරොම් 6ක්, පතරොම් හිස් කොපු 3ක්, විවිධ ප‍්‍රමාණයන්ගෙන් යුත් ටී 56 ගිනිඅවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 135 ක්, හිස් කොපු 16 ක්, උණ්ඩ රදවනයක් හා පිස්ටල් කාටිලේජර් දෙකක්  මේවා අතර වෙයි.

කඩදාසියක ඔතා වෙඩි බෙහෙත් වැනි මිනිරන් පාටින් යුතු කැබලි හා කුඩු විශේෂයක් ද මෙහි තිබී හමුවී ඇතැයි පොලිසිය කියයි.

මීරිගම ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් පැමිණ මෙම පාර්සලය පරීක්ෂාවට ලක්කර ඉදිරි රාජකාරි කටයුතු සඳහා පොලිසියට බාර දෙනු ලැබීය.



අදහස් (0)

පාර අයිනක තිබූ මල්ලකින් අත්බෝම්බ දෙකක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 72 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 872 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site