IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම විභාගයට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට  එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (4) සිට ලබන 06 වැනිදා දක්වා සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට නියමිතය.

ඒ අනුව අගවිනිසුරු නලින් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් බුවනෙක අළුවිහාරේ , සිසිර ද ආබෲ ,ප‍්‍රසන්න ජයවර්ධන , ප‍්‍රියන්ත ජයවර්ධන , විජිත් මළල්ගොඩ ,මුර්දු ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන මස විභාගයට ගැනීමට නියමිතය.

විනිසුරුවරුන් පහට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි ඉල්ලා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහාචාර්ය ජී.එල් .පීරිස් මහතා ඇතුළු පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මෝසමක් සලකා බලමින් අගවිනිසුරුවරයා විසින් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවීමට තීන්දු කළේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට  එරෙහිව ගොනු කළ මූලික පෙත්සම් විනිසුරුවරුන් පස් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුතු පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා මෙම නඩු විභාගයේ අතුරු පෙත්සම් ගොනු කළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහාචාර්ය ජී.එල් .පීරිස් , අමාත්‍ය උදය ගම්මන්පිල , වැල්ලවත්තගේ ජගත් , මහාචාර්ය චන්න ජයසුමන සහ නීතිඥ පේ‍්‍රම්නාත් සී.දොළවත්ත යන පිරිස් විසින්  මෙම මෝසම ගොනු කරනු ලැබූහ.

අතරමැදි පෙත්සම්කරැවන් සිය මෝසම් මගින්  සඳහන් කර ඇත්තේ ජාතික වශයෙන් වැදගත් සහ  ව්‍යවස්ථාමය කරුණක් වන හෙයින් මෙය පහට හෝ ඊට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගත යුතු බවය.

නීතීඥ නිලන්ත විජේසිංහ සහ නීතීඥ අතුල ද සිල්වා යන මහත්වරුන් මාර්ගයෙන් ගොනු කළ මෙම මෝසමේ සඳහන් වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳ සිද්ධිය සමාජයේ මහත් කැළඹීමකට ලක්වී ඇති කරුණක් බවයි.  ජාතික වශයෙන් වැදගත් සහ ව්‍යවස්ථාමය කරුණක් වන හෙයින් මෙය පහට හෝ ඊට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගත යුතු බවයි.

අතරමැදි පෙත්සම්කරුවන් සිය මෝසමෙන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් එම ක‍්‍රියාවලිය විනිසුරුවරු පස් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සුදුසු බවයි.  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 132 විධිවිධාන යටතේ පංච පුද්ගල , සත් පුද්ගල හෝ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටින බවද මෝසමේ සඳහන් වේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන්, විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය, නීතිඥ අරුණ ලක්සිරි සහ ශ‍්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13 ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම් මීට පෙර අගවිනිසුරු නලින් පෙරේරා , ප‍්‍රසන්න ජයවර්ධන සහ ප‍්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන්ගෙන් යුතු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කරුණු සලකා බැලූ අතර එම පෙත්සම් විභාගයට අවසර දුන් එම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් මස 7 වැනිදා දක්වා ක‍්‍රියාත්මක කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ද ඉකුත් නොවැම්බර් 13 වැනිදා නිකුත් කරනු ලැබීය.

මෙලෙස  සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණයේ රැස්වන්නේ හරියටම වසර නමයකට පසුවීම බව මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුය.වෙනත් විවිධ නඩු විභාග සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් රැස් වුවද විනිසුරු සත් කට්ටුවක් පසුගිය කාලය පුරා රැස් නොවිණි.

මීට පෙර මෑත කාලීනව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සත් පුද්ගල විනිසුරුවරුන් හෝ පස් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුතු පූර්ණ විනිසුරු මඩුල්ලක්  හමුවේ විභාගයට ගත් නඩු විභාගයන් වූයේ රජයේ කිසිදු තනතුරක් සෘජුවම හෝ වක‍්‍රව නොදරන බවට පොරොන්දු වෙමින් තමා බාර දුන් දිවුරුම් ප‍්‍රකාශ්‍ය බලරහිත කරන ලෙස ඉල්ලා මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා විසින් 2008 වසරේදී ගොනු කළ මෝසමක් විභාගයට පත් කිරීමට එවකට අගවිනිසුරුව සිටි අශෝක ද සිල්වා මහතා විසින් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී.

තවද තමන්ට 2021 දක්වා සිය ධූරය හැකි දැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ මත විමසීමද එවකට අගවිනිසුරුව සිටි ප‍්‍රියසාද් ඩෙප් මහතා ප‍්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

මීට අමතරව තමන්ට 2021 දක්වා සිය ධූරය හැකි දැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ මත විමසීමද එවකට අගවිනිසුරුව සිටි ප‍්‍රියසාද් ඩෙප් මහතා ප‍්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.තවද භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියට මහාධිකරණයෙන් මරණ දඬුවමට නියම සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා එම දඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනා නඩු විභාගය සඳහාත් , අගුලාන ප‍්‍රදේශයේ තරුණයින් දෙනෙකු ඝාතනය කිරීම සිද්ධියට දඩුවම් ලැබූ එවකට අඟුලාන පොලිස් ස්ථානාධිපති එම දඩුවමට එරෙහිව ගොනු කළ අභියාචනා, බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන සම්බන්ධයෙන් පැවති අධිචෝදනා නඩු විභාගයෙන් මරණ දඬුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ,ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් සය දෙනා විසින් ගොනු කළ අභියාචන පෙත්සම්  සඳහාත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගය වුයේ නීති ප‍්‍රකාරවය.



අදහස් (0)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම විභාගයට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 183 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 372 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 383 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site