IMG-LOGO

පැමිණිල්ලට එරෙහිව විරෝධතා ගොනු කරන්නැයි මහාචාර්ය සරත් විජේසූරියට නියෝග

( තිළිණි ද සිල්වා සහ  රංජන් කටුගම්පොළ )

අධිකරණයට අපහාස කරන ලදැයි සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු හා කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල භාෂාව පිළිබඳ මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ලබන නොවැම්බර් 21 වැනි දින හෝ ඊට පෙර විරෝධතා ගොනු කරන්නැයි ඒ මහතාට අභියාචනාධිකරණය අද (26) නියෝග කළේය.

මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහි මෙම පැමිණිල්ල අභියාචනාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා හමුවේ අද කැඳවූ අතර එහිදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

එසේම පැමිණිල්ල නොවැම්බර් 25 වැනිදා යළි කැඳවීමටද නියෝග කෙරිණි.

කුලියාපිටිය ප‍්‍රදේශයේ පදිංචි නීතීඥ සම්පත් විජිත කුමාර සහ විශ‍්‍රාමික යුද හමුදා නිලධාරී අනිල් වසන්ත අල්විස් යන මහත්වරුන් විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරු ලෙස සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා නම් කරනු ලැබ ඇත.

‘‘ උසාවිය නිහඬයි ’’ චිත‍්‍රපටයට එරෙහිව අධිකරණයෙන් වාරණයක් නිකුක් කිරීම සම්බන්ධයෙන් ස්වාධීන සිනමා ව්‍යාපරය නියෝජනය කරමින් 2016 ඔක්තෝබර් 16 වැනි දින වගඋත්තරකාර මහාචාර්යවරයා විසින් සිදු කළැයි කියන විවේචනය ඇතළත් වීඩියෝව ‘‘ යූ ටියුබ් ’’ අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ  විකාශය වී ඇත.

‘‘ ජන අරගලයක පිය සටහන් ’’ නමින් ග‍්‍රන්ථයක් එම වසරේ සැප්තැම්බර් 13 වැනි දින දොරට වැඩීමේ උළෙලේ දී වගඋත්තරකරු විසින් කරන ලද කථාව මගින් ද ,  2016 වසරේ අගෝස්තු 16 වැනිදා සිරස ටීවී මඟින් විකාශය කළ ‘‘ සටන වැඩසටහන හරහා වගඋත්තරකරු විසින් සිදු කළැයි කියන අදහස් දැක්වීම් , එම වසරේ අගෝස්තු 13 වැනි දින කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවති ‘‘ හුදකලාව ’’ නැමැති ග‍්‍රන්ථය දොරට වැඩීමේ උළෙලේ දී වගඋත්තරකරු වසින් සිදු කරන ලද කථාව මඟින්ද , 2017 වසරේ නොවැම්බර් 19 වැනි දා පැවති අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණානුස්මරණ උත්සවයේ දී වගඋත්තරකරු ‘‘ දිවයින ’’ පුවත්පතට සිදු කළැයි කියන ප‍්‍රකාශ හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදු වී ඇත.

වගඋත්තරකරුගේ එම ප‍්‍රකාශයන් මඟින් අධිකරණයත්, විනිසුරුවරුන් විවේචනය කර ඇතැයි පැමිණිලිකාර පාර්ශවය සිය පැමිණිල්ලෙන් පෙන්වා දෙති.

එබැවින් මේ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට දඬුවම් නොකිරීමට හේතු දක්වන ලෙසට සිතාසි නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියහ.



අදහස් (7)

පැමිණිල්ලට එරෙහිව විරෝධතා ගොනු කරන්නැයි මහාචාර්ය සරත් විජේසූරියට නියෝග

RAVI Monday, 26 August 2019 11:42 AM

මේ වෙලාවේ බැලිය යුත්තේ මේවා කියන්නේ කව්ද කියලා නෙමෙයි. ඇයි මෙහෙම කියන්නේ කියලා. විජේසූරිය මහත්මා විතරක් නෙමෙයිනේ මෙහෙම කතා කියන්නේ... ඇමති රන්ජන්, නිතීඥ සුගන්ධිකාත් මේ වගේම කතා කියනවනේ.. අධිකරණය මේ අවස්ථාවේ බලන්න ඕනේ මොනවද මේ කියන අවස්ථාවල සිදු වෙලා තියෙන අකටයුතුකම්, ඒවාට නිසි පිළියම්දීමයි. නැතුව ඇත්ත කතා කරන මිනිස්සුන්ට දඬුවම් කිරීම නෙමෙයි. අනික අප දන්නා ප්‍රසිද්ධ දෙයක්නේ හිටපු අගවිනිසුරෙක් කියන කතාව හොරෙක්ව ජනාධිපති කළා කියලා, එතැන ඉඳන් පටන් ගන්න.

:       67       226

ලසන්තTuesday, 27 August 2019 12:06 AM

රවිගේ අදහස සියයට දෙසියයකින් නිවැරදියි.

:       0       15

චමින්ද Monday, 26 August 2019 12:16 PM

මෙම ලිපිය කියවන විට මෙම පැමිණිලිකරුවන් දිගුකලක සිට මහාචාර්යවරයා පසුපස හඹාගොස් ඔහුට විරුද්ධව කටයුතු කළ බවක් පෙනෙනවා. එ් නිසා කවුරුන් හෝ මෙම පැමිණිලිකරුත්, විත්තිකරුත් අතර දේශපාලන විරුද්ධකමක් තිබුණේදැයි බලනවා නම් යහපත්...

:       309       264

THIWMonday, 26 August 2019 01:08 PM

පව් නේද මහාචාර්යතුමා?

:       55       26

ranji Monday, 26 August 2019 03:33 PM

නායකයාට අවශ්‍ය තීරණ දෙන්නම් කියපු කෙනෙකුත් ඔතැන හිටියා කියලා කතාවක් තිබුණා නේද?

:       0       140

කරුණාවති Tuesday, 27 August 2019 12:45 AM

මාළුවා නහින්නේ කට හින්දා.

:       15       121

Bandara Tuesday, 27 August 2019 10:23 AM

දිට්ඨ දම්ම කර්මය පල දීලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 507 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 936 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site