
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කරුවලගස්වැව නෙළුම්ගම නිවසකට කඩා වැදුණු පුද්ගලයකු අද (28) එහි සිටි කාන්තාවකට එල්ල කළ පිහි පහරකින් දකුණු අත සම්පුර්ණයෙන් වෙන් වී ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.
මෙම සිදුවිමට මුහුණ දී ඇත්තේ නෙළුම්ගම පදිංචි 37 හැවිරිදි කාන්තාවකි.
යාබද නිවසක පදිංචිකරුවකු වන සැකකරු අද උදෑසන කාන්තාවගේ නිවසට කඩා වැදී ඇති බවත් එහිදි යම් සිද්ධියක් සම්බන්ධව දෙදෙනා අතර ඇතිවූ බහින් බස් විමකින් දුරදිග යාමෙන් සැකකරු සඟවා ගෙන තිබූ පිහියකින් එකවර දකුණු අතට පහරදී ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
පිහි පහරට ලක්වු කාන්තාව නිවස තුළට ගොස් දිවි බේරා ගෙන ඇති මුත් ඒ වන විටත් දකුණු අත වැලමිටෙන් වෙන් වී බිම වැටී ඇත. සිද්ධියත් සැකකරු පලා ගොස් තිබූ අතර කාන්තාවගේ කෑගසනු හඩ ඇසි පිරිස් පැමිණ ඇය ආණමඩුව මුලික රෝහලට යවා ඇති බව පොලිසිය පවසයි.
පසුව අසාධ්‍ය තත්වයේ සිටි කාන්තාව ආණමඩුව රෝහලින් පුත්තලම මුලික රෝහලට මාරු කර එවා තිබූ අතර පුත්තලම මුලික රෝහලින් මෙම කාන්තාව හා වෙන් වූ අත අයිස් වල බහා කොළඹ ජාතික රෝහල වෙත යැවූ බව කියයි.
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නිවසකට කඩා වැදී කතගේ අත වෙන් වෙන්න කපා සැකකරු පලා යයි
thilak Friday, 28 August 2020 09:54 AM
මෙවැනි අපරාධකරුවන් එල්ලා මැරුවත් මදි.
Nihal Friday, 28 August 2020 03:23 PM
මේ පුණ්‍ය බිමේ මෙවැනි සිත් පිත් නැති අය සිටීම විමතියට කරුණකි. මොහුට කොපමණ දඬුවම් ලැබුණත් එම කාන්තාවට අහිමි වූ අත නැවැතත් ලැබේද?. නීතියේද හිඩැස් ඇත. ඇසට ඇසක් සංකල්පයේ වටිනාකම තේරුම් ගැනීමට අවස්ථාවක් මේ...
EdirisinghaSaturday, 29 August 2020 05:06 AM
අතට අතක්, ඇහැට ඇහැක්... ලෙයට ලෙයක්... පුණ්‍ය භූමි කිව්වට හරියන්නේ නැහැ. සිල් අරන් මෛත්‍රී කළාට මේ වගේ අයත් ඉන්නවා. දවසින් දවස මේවා වැඩිවෙනවා. කලින් හලාවත අසල්වැසියෙක් කඩුවකින් කොටලා පොඩි ළමයි දෙන්නෙක්ව මැරුවා.
මෝ Friday, 28 August 2020 08:36 PM
මේ බොදුනු රටක් නොව නරුමයින් සිටින රටකි.