(අජන්ත කුමාර අගලකඩ)
නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස දකුණු පළාත් සභාවේ හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (05) මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්නේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මෙම දිවුරුම් දීම සිදු කෙරිණි.
නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එච්.එල්.ඒ එම් හිස්බුල්ලා මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම පුරප්පාඩු වූ තනතුරට ෂාන් විජයලාල්ද සිල්වා මහතා මෙලෙස පත් කෙරිණි.
පසුගිය අප්‍රේල් මාසයේදි ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ පළාත් සභා නිල කාලය අවසන් වන තුරුම ඔහු පළාත් මහ ඇමැති ලෙස කටයුතු කළේය.
අම්බලන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාද වන ඔහු අඛණ්ඩව තුන්වතාවක් දකුණු පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළේය.


(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
COMMENTS
හිටපු ඔලු ටිකම තට්ටු මාරු කරනවා. කිසිම ප්‍රගතියක් නැති ක්‍රියාවලියක්.
ඇමති සහ ආණ්ඩුකාරවරුන් දිවුරම් දුන් විදිහට ක්‍රියා කලානම් අද වෙනවිට ශ්‍රී ලංකාව පාරාදීසයක් වෙලා.
ඔය පලත්සබහව කියන්නේ රටට අනවශ්‍ය රට්ටට බරක් වුන , දේශපාලකයන්ගේ දරුවන් දේශපාලනයට පුරුදු පහුණු කරන්න , බංකොලොත් දේශපාලකයන්ට ආණ්ඩු කාර තනතුරක් දීල සනසවන්න පුළුවන් , අපේ මුදල් වලින් පෝෂණය වෙන අපේ දියුණුවට භාද කරන්න ආයතනයක් , මේ කේ හැමදාම ඉන්නේ එකම ඔළුගෙඩි ටිකක්, මේක කරුණාකර අහෝසිකරලා දමල වාර්ෂිකව විනාශවෙන රුපියල් බිලියන කිහිපය රටේ අධ්‍යාපනය , ප්‍රවාහනය , වැනි රටට වැඩක් ඇති දෙයකට යොදවන්න.
ජනතාව දැන් පෙළ ගැසෙන්න.... රටේ හැම ඉහළ රැකියා පත්වීම් පුරප්පාඩු වටම නැවත පත්වීම් දෙන්නේ හිටපු නඩේ කෙනකුට ඇයි? අලුත් තරුණයකුට දෙන්න බැරි මේ කට්ටියව විශ්‍රාම අරින්න තරුණයින්ට රැකියා නැහැ. මහල්ලන්ට ඕන තරම් දැන් මේ පක්ෂව වල එකෙක් නැහැ හොඳයි කියන්න...... දැන් ඉන්න තරුණයින් ලග අලුත් අදහස් අලුත් වැඩ පිළිවෙලවල් තියෙනවා. ජනතාව කරුණාකරලා මෛත්‍රීව නම් නැවත ජනපති කරන්න කතිරේ ගහන්න. එපා. රටේ සංහිදියාව කියල පිරිමින්ගේ කොන්ද කැඩුවා.....
රේගුවේ ඉන්න කාලේ හොඳට හම්බකළා, මහ ඇමැතිවෙලා වෙලා ඉන්න කොට ඊට වැඩිය ගරාගෙන කෑවා තමයි, මදි පාඩුවට දැන් ආණ්ඩුකාර කමක්, ඊට පස්සේ සංස්ථා සභාපති කමක් එහෙම දෙමු. ලංකාවේ උගත්, වැදගත්, අවංක තරුණයෝ වෙන නැහැනේ.. එම නිසා ඔබලාම එකතුවෙලා අපිව තව ටිකක් කන්න.
මේ ඔක්කෝම එලවා දමන්න කාලය ඇවිත් තියෙන්නේ.
කාඩ් කුට්ටමේ වගේ එකම ඔළුගෙඩි ටික එහාට මෙහාට මාරුකරනවා. ඊට පස්සේ සහජීවනය, සංවර්ධනය, ජාතික ආරක්ෂාව වගේ නිකන් වචන සෙට් එකක් තප්පුලනවා.
හැමදාම රට පාලනය කරන්නේ එකම ඔළුගෙඩි සෙට් එක , ආණ්ඩුව වෙනස් වුනත් මේ සෙට් එකෙන් කොටසක් ගිහින් අනිත් පැත්තේ වාඩි වෙනවා, මනාපවලින් පැරදුනහම ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යනවා , එහම නැත්නම් සංස්ථා සභාපති , ආණ්ඩුකාර , තානාපති වැනි තනතුරක් හම්බ වෙනවා , රට දිනෙන් දින අගාදයට යනවා, දේශපාලකයෝ තර වෙනවා.
රටේ පාලනය බකොලොත් වෙලා කියලා හොඳට පැහැදිලී නේද?