
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිළියන්දල විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාගේ සුවිසල් නිවස තුළ තිබී ගිනි අවි ඇතුළු ආයුධ රැසක් සොයා ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
සොයාගත් ගිනි අවි අතර පිස්තෝල හතරක් රිවෝල්වරයක්, කඩු දෙකක්, රම්බෝ පිහියක් සහ හඳුණා ගත නොහැකි ගිනි අවියක් තිබෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇබිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී වෛද්‍යවරයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව ඊයේ රාත්‍රී වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් දැනගැනීමේ අයිතියක් තියෙනවා... නම කිවයුතුයි.
කඩුයි රම්බෝ පිහියි තණකොළ කපන්න ගෙනාවා කියමුකෝ.. එතකොට පිස්තෝල සහ අනෙකුත් ගිනි අවි මීයෝ මරන්න ගෙනාපුවාද??
පිස්සුද අනේ මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක්. පෙන්නේ නැද්ද .වැඩේ වල් වුනාට පස්සේ නළුවෙක් එනවා වේදිකාවට. නම් කියන්න වෙන්නේ යූ ටියුබ් එකෙන් කිවුවොත් තමයි
ඕවා පොලිසියෙන් ගිහින් දාපු ඒවා වෙන්නත්. පුළුවන් එහෙව් රටක් ලංකාව
මේක නාට්‍යයක පිටපතක් නම් සම්පූර්ණ අසාර්ථකයි කියලා තමයි කියන්න තියෙන්නේ... මේක සත්‍ය සිදුවීමක් නම් ඉතාමත් භයානකයි කියලා තමයි කියන්න තියෙන්නේ... මොකද මෙවන් නවීන අවියක් සහිත අවි ආයුධ තොගයක් මොහු කෙලෙසද ආරක්ෂක අංශවලටත් හසුනොවන ආකාරයෙන් සඟවාගෙන තිබුණේ කියන කාරණාව මත...
අර කංගැට්ටා ඉස්සුවයි කියපු නුගවෙල දිසාවගේ කඩුව වගේදත් මන්දා....
අපේ පොලිස් මාමලා පිස්තෝල වන වන ඉන්නේ නිකන් හරියට අපේ පොඩි කාලෙ වගේ...
සර්ගේ රාජාසන කතාව කවුරුත් ගණන් ගත්තේ නැති එකේ ජනතාව නොමග යවන්න අලුත් නීතියක්...
මෙයා අර සියලුම විෂයයන් දන්න වෛද්‍ය වෘත්තිය සමිතියේ හිටපු සාමාජිකයෙක්ද දන්නැහැ නේද?
තුහ් නොදකිං කාලකන්නි...!!!
හංගපු අවි ආයුධ තව ඇති. ඒවා පෙන්නන්න එක්කගෙන ගිහින් වැඩේ දුන්නාම ඔක්කොම ශේප්..!!!
ඔහුගේ පුතා මේ වගේ සෙල්ලම් බඩුවලට ආසයි කියලයි ඔහු මට අදහස් දැක්වූවේ. ඒ නිසා පුතා කොහේ හරි යනකොට සෙල්ලම් පිස්තෝල වගේ ඒවා ඉල්ලනකොට අරන් දෙනවාලු. ඖෂල හේරතුත් පරණ ඇන්ටික් කඩු වගේ දේවල් ආසාවට එකතු කරලා ගෙයි ලස්සනට එල්ලලා තියනවා කියලා කිව්වේ...
හමුදාව කැඳවන්න ඕනෑ නිසා පොලිසිය ලව්වා කරපු වැඩක් මගෙ හිතේ...
වායු පිස්තෝල සහ සෙල්ලම් තුවක්කු. ඒවා පරීක්ෂා නොකරම අත්අඩංගුවට ගන්න ඇති. විහිලු විතරයි තියෙන්නේ... කඩු නම් ඕනතරම් ගෙවල් වල ඇති.. කලින් තණකොළ කපන්නත් කඩු ගෙනත් තිබුනේ...
අපේ මිනිසුන් සමහරක්ට රෙද්ද පෙන්නුවත් ඇති, කපලා ඇඳුම මැෂිමක් නැතුවම අතේ මහලා ඇඳගන්නවා. මේ ඔක්කොම පොලිස් කෝලං.
ඛෝම්බය තියාපු එකා බොරු වක් කීවද හරි හැටි සොයා බලා නීතියට කටයුතු කිරීම පොලීසියේ වගකීමකි වරදක් නැති මානසික ලෙඩෙක්ව රිමන් කිරීම හරිද අද නීතිය බල්ලාට ගොස්ය අද ලංකාවේ කැලෑනීතිය රජ කරවයි අත්අඩංගුවට ගන්නා අය මරාදමන පාලනයකි තම දේවස්ථානයට බෝම්බයක් තැබීමට තරම් වූ කරුනු සොයා බලා ඒ ගැන නිසි පරීක්ෂන කිරීම රටේ ජනතාවට හිතකරය නමුත් අද පොලීසිය කෙරෙහි විශ්වාසය ජනතාව මතින් ගිලිහී ගොස්ය