
(රංජන් කස්තුරි)
බියෙන් සැකයකින් තොරව දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන්නැයි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව කොළඹ රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවසීය.
වයස අවුරුදු 12ත් 15 අතර පාසල් දරුවන්ට මේදිනවල කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන නමුත් ඇතැම් දෙමාපියන් ඊට දක්වන බියක් හා සැකයක් දක්වන බවද වෛද්‍යවරයා කීය.
ලෝකයේ බොහෝ දියුණු රටවල දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබෙන අතර ඉන් වාසිදායක ප්‍රතිඵල අත්කරගෙන ඇතැයි ඔහු සඳහන් කළේය.
ඇමරිකාව වැනි රටවල වයස අවුරුදු 5 සිට ඉහළ දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන අතර එන්නත් ලබාගත් දරුවන් අතර කොවිඩ් ආසාදනය වීම අවම වී තිබෙන බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
දරුවකුට හෝ පවුලේ සාමාජිකයකුට හෝ කොවිඩ් වැළඳී සිට සුවය ලබා මාස තුනකට පමණ පසුව කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීම සුදුසු බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd