(යොහාන් භාසුර)
දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නම්කර ඇති බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් කියැවේ.
කණ්ඩායමේ උපනායකයා වශයෙන් නිරෝෂන් දික්වැල්ල පත්කර ඇති අතර ටෙස්ට් නායකයාව සිටි දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ සාමාජිකත්වයද අහිමි වී තිබෙන බවත් දැනගන්නට ඇත.
කණ්ඩායමේ සම්පූර්ණ විස්තර සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම දිව්රුම් දෙන වැඩක් වගේ මේකත්. බලාගෙන ගියහම සෙල්ලම් කරන හැමෝම නායකයෝ....
මේ කට්ටිය හැර වෙන සෙල්ලම් කරන්න කවුරුත්ම නැද්ද?
දැන් හැමෝම නායකයොයි හිටපු නායකයොයි. මොකක්ද මේ විහිළුව? චන්දිමාල් තරගයක් දෙකක් අසාර්ථක වුන ගමන් කණ්ඩායමෙන් අයින් කරනවා. කුසල් මෙන්ඩිස් දිගටම අසාර්ථක වෙද්දීත් කණ්ඩායමේ ඉන්නවා. තේරීම් කමිටු වලට කිසිම ප්‍රතිපත්තියක් නෑ. ක්‍රීඩකයෝ කුලල් කා ගන්නවා. මුහුණු පොත තමා අපේ ක්‍රිකට් විනාශ කළේ.
හිස රදයට කෝට්ටේ මාරු කරලා හරියන්නේ නැ.
ඇත්තට කොහොමද මේ තරම් අසාර්ථක වෙලත් කුසල් මෙන්ඩිස් මේ සංචාරයටත් තෝරලා තියෙන්නේ?
රට ගැන හිතල ක්‍රීඩා කරපු චන්දිමාල්ට හැමදාම කැපිල්ල.
නායකත්වය කුසල් මෙන්ඩිස්ට දෙන්න.
අපගේ මෙම අදහස් වැඩිදෙනෙකු පිළිකුල් කරනු ඇත. නමුත් අප මේවා සදහන් කලයුතුමය. කිසිදු තැනක විනයක් නැත්නම් එතන පැවැත්මක් නැත. ක්‍රීඩාවටත් එය එලෙසමය. ජාතික කණ්ඩායමේ සමගියක් නැත්නම් එතන කණ්ඩායමක් නැත. " ශරීර යෝග්‍යතාවය හීනනම් " ඔහු හෝ ඇය ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් නොවේ. එබැවින් මොනතරම් දක්ෂ උනත් විනයක් හික්මීමක් නැත්නම් ඔවුන් කණ්ඩායමෙන්ම ඉවත් කල යුතුමය. මොනතරම් දක්ෂ උනත් ශරීර යෝග්‍යතාවය නොමැතිනම් කණ්ඩායමෙන් ඉවත් කල යුතුය. තවද සියලුම ගෙවීම් නවතා දැමිය යුතුය. මක්නිසාදයත් එමා ගෙවීම් වලින් රටට පල ප්‍රයෝජනයක් නොමැතිනම් වහාම එවන් මුදල් නාස්තියන් දැන්වත් නැවතිය යුතුය. අප කිසිවිට ජයම ලැබිය යුතු යන බොලද මනසිකින් නොබලන්නොය. නමුත් එක එක්කෙනාගේ පුද්ගලික ගැටුම් ජාතික කණ්ඩායමක් තුල කිසිවිට නොතිබිය යුතුමය. මෙවන් දෙවල් ඉන්දියාවේ සිදු වුනි නම් කිසිදු ක්‍රීඩකයෙක් තමන්ගේ දේපොළ හොදින් තිබෙනු දැක නැත. එත් ශ්‍රී ලාංකිකයන් තාමත් අපේ ක්‍රීඩකයන්ට හොද වැඩිය.
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව එපාම කෙරෙව්වා පහුගිය කාලසීමාව තුල. විනය සමගිය කණ්ඩායම් හැගීම හා ඉවසිලිමත් භාවය මේ මොකවත් නැති බවක් හැගෙනවා මේ ක්‍රීඩකයන් තුල.