IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දකුණේ පාසල් විෂබීජහරණයට මිලියන 100ක්

 (ජේ.කේ.එල් චාමින්ද)
 

 කොරෝනා වසංගතයෙන් පසු දකුණු පළාතේ පාසල් නැවත ආරම්භ කිරීමේ දි ඉහළ  සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කළ යුතු බවත් විෂබීඡහරණ කටයුතු සඳහා  රුපියල් මිලියන 100ක් ලබා දීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් දකුණු පළාත්  ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා  පවසයි.
 
දකුණු පළාතේ පළාත් පාලන ආයතන සඳහා මෙම මුදල ලබාදෙන බවද ඒ මහතා සඳහන් කරයි.
 
කොවිඩ් 19 වසංගත තත්ත්වය ලංකාව තුළ සාර්ථකව මැඩපවත්වා ඇති පසුබිමක දකුණු පළාතේ පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා  පැවති සාකච්ඡවකදි ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය. ආණ්ඩුකාර කාර්යාලයේ දි මෙම රැස්විම පැවැත්විණි.
 
 සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් පරිදි පාසල් හා අනෙකුත් අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමට ප්‍රථම සුදුසු සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් ගොඩනගා ගැනිම, පාසල් තුල සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාවය අඩු කිරීම, පාසල් ප්‍රඡාව එදිනෙදා ක්‍රියාකාරකම් සඳහා යොමු කිරීම සහ චර්යාත්මක වෙනස්කම් ඇති කිරීම යන මාතෘකා පිළිබද මෙහිදි සාකච්ඡාවට බදුන්විය. යහපත් මහඡන  සෞඛ්‍ය පිළිවෙත්, ආයතනික පෙර සුදානම, විෂබීඡහරණය කළ යුතු ආකාරය, පාසල් වේලාව තුලදි ශිෂ්‍යෙයකු හෝ කාර්යමණ්ඩල අයකු හදිසි අසනිප වුවහොත් ක්‍රියාකලයුතු ආකාරය, අඛණ්ඩ ඉගෙනුම් ක්‍රියාවලියක් සදහා සැලසුම් කිරීම, මානසික සෞඛ්‍ය හා මනෝ සමාඡිය අවශ්‍යතා පවත්වා ගීම ආදි වශයෙන් වන කාරණා පිළිබදව අවධානය යොමුකෙරිනි.
 
එමෙන්ම පාසල් නැවත ආරම්භ කිරීමට පෙර සහ ආරම්භ කිරීමෙන් පසුව ඒ ඒ ආයතනවල සහ පුද්ගලයන්ගේ කාර්යය භාර්යය පිළිබදවද විශේෂ අවධානය යොමු කිරීම, පාසලක සිටින ශිෂ්‍ය සංඛ්‍යාවට සරිලන ලෙස පාසලක පැවතිය යුතු පහසුකම් පිළිබදව ද මෙහිදි සාකච්ඡා විය. ඒ අනුව තිබිය යුතු උෂ්ණත්වමාන ප්‍රමාණය, ගිලන් ඇඳන් ප්‍රමාණය, දෑත් සේදීමෙ ජල කරාම ප්‍රමාණය සහ එම පහසුකම් සපයා ගැනීම සදහා වෙන් කරනු ලබන මුදල් ප්‍රමාණය පිළිබදව අවධානය   යොමුවිය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අධ්‍යක්ෂ රේණුකා පිරිස් , ගාල්ල, දිස්ත්‍රික් ලේකම්  සෝමරත්න විදානපතිරණ, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි.වික්‍රමසිරි දකුණු පළාත්, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් සමන් පාඩිකෝරාල.දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග,ආණ්ඩුකාර ලේකම් දිලේකා කුඩාච්චි.පළාත් පාලන  කොමසාරිස් සේනක පල්ලියගුරු අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර  ලේකම් රනිල් වික්‍රමසේකර,දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක  අතිරේඛ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශාන්ත සෙනවිරත්න  යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (3)

දකුණේ පාසල් විෂබීජහරණයට මිලියන 100ක්

Sanath Kandy Thursday, 25 June 2020 07:50 AM

ජවිපෙ රතු තරුවට බඩුටික අරන් දුන්නා නම් නොමිලේ කරගන්න පුළුවන්.. රුපියල් කෝටි 10ක් ඉතුරු කරගන්න පුළුවන්...

:       0       27

දිමුත් Thursday, 25 June 2020 08:39 AM

දකුණේ එහෙම වුණත් බස්නාහිර එහෙමවත් නැහැ.

:       0       0

Bandula Thursday, 25 June 2020 08:55 AM

ලංකාවේ දැන් මේ කියන්නා වූ විෂබීජ හරණය තනිකරම බොරුවකි. ව්‍යාපාරිකයින්ට ආදායම් මාර්ගයකි. දේශපාලුවන්ට හොඳ කැපිල්ලකි.. වහලා තියෙන පාසල්වල කොරෝනා කොයින්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site