(නිමන්ති රණසිංහ)

පැතිර යන කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයිනේ තවත් දිස්ත්‍රික්ක 06 ක ග්‍රාම නිලධාරී වසම් 14 ක් අද (12) උදෑසන 6 සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එසේම , ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 3ක් හුදකලාභාවයෙන් ඉවත් කළ බව යුධහමුදාපති වරයා සඳහන් කළේ ය.

ඒ අනුව හුදකලා කළ ප්‍රදේශ වන්නේ,

කොළඹ දිස්ත්‍රික්කයේ

  • පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ, කොලමුන්න, මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශ

ගම්පහ දිස්ත්‍රික්කයේ

  • මහබාගේ පොලිස් බලප්‍රදේශයේ, ඇලපිටවල නවම් මහර ගම, මඟුල් පොකුණ ගමේ මඟුල් පොකුර පාර

ගාල්ල දිස්ත්‍රික්කයේ

  • ඉමදූව පොලිස් බලප්‍රදේශයේ, දික්කුඹුර ගාම නිලධාරීන් නිලධාරී කොට්ඨාශය, අහංගම පොලිස් බලප්‍රදේශයේ, අටානිකිත ග්‍රාම නිලධාරී කොට්ඨාශය,

රත්නපුර දිස්ත්‍රික්කයේ 

  • පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ, සන්නස්ගම, දොඩගස්වින්න, ගොඩගම ග්‍රාම නිලධාරී කොට්ඨාශ, කහවත්ත පොලිස් බලප්‍රදේශයේ, කට්ටංගේ අංක 3 කොටස,

හම්බන්තොට දිස්ත්‍රික්කයේ 

  • සූරියවැව පොලිස් බලප්‍රදේශයේ, සුරියවැව නගරය,

කෑගල්ල දිස්ත්‍රික්කයේ 

  • බුලත්කොහුපිටිය පොලිස් බලප්‍රදේශයේ උඩපොත, කැන්දාව ග්‍රාම නිළධාරි කොට්ඨාශ

 

හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ වන්නේ,

ගම්පහ දිස්ත්‍රික්කයේ

  • කොටදෙණියව පොලිස් බල ප්‍රදේශයේ, කළුඅග්ගල, පොල්හේන ග්‍රාම නිලධාරි වසම්,

කළුතර දිස්ත්‍රික්කයේ

  • දොඩන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අධිකාරීගොඩ ග්‍රාම නිලධාරී කොඨාශය වේ.