IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘තුර්කි රජය ලංකාවට එවූ ලිපිය ගැන බලධාරීන් අවධානය යොමු කළේ නෑ‘‘

(දසුන් රාජපක්ෂ)

තුර්කියේ ක්‍රියාත්මක ෆේටෝ ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 ක්  ලංකාවට පැමිණ ඇති බවට තුර්කි රජය මෙරටට එවා තිබුණු ලිපිය කෙරේ එවකට සිටි ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් නිසි අවධානය යොමු නොකළ බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශයේ වැඩබලන අතිරේක ලේකම් මාලිකා ශ්‍රීමතී පීරිස් මහත්මිය පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (21) ප්‍රකාශ කළාය .

2016 අගෝස්තු 24 දින තුර්කි තානාපති කාර්යාලය මගින් පිටු 12 කින් සමන්විතව එවා තිබූ මෙම ලිපිය මගින් ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් තිබුණ ද ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොකිරීම විමතියට කරුණක් බවද මාලිකා ශ්‍රීමති පීරිස් මහත්මිය සඳහන් කළාය.

මෙම ජනාධිපති කොමිසම විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේදී රැස්වූහ.

සාක්ෂි ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් ප්‍රසන්න කිරිවත්තුඩුවගේ මහතා සහ විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රතිත්‍රස්ත අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා  මහේෂා භාරතී ජයවර්ධන මහත්මිය ද  මෙම ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබුණි. 

තුර්කි රජය ලංකාවට එවන ලද  එම ලිපිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම මෙම තිදෙනාගෙන් දීර්ඝ ලෙස සාක්ෂි සටහන් කරගැනිණි.

 



අදහස් (3)

‘‘තුර්කි රජය ලංකාවට එවූ ලිපිය ගැන බලධාරීන් අවධානය යොමු කළේ නෑ‘‘

alliya Friday, 21 February 2020 10:58 PM

කමක් නැහැ... බිත්තිවල පින්තූර ඇන්දනේ...

:       0       0

Bamunuarachchi Saturday, 22 February 2020 01:40 AM

යහපාලකයන් රට ගැන නොව තමන්ගේ පුද්ගලික වාසිය සඳහා අවධානය යොමු කළා නිසා රටට මේ විනාශය සිදු වුණා. ඒ නිසයි ජනතාව පයින් ගහලා පන්නා දැම්මේ.

:       0       0

sharm warn Monday, 24 February 2020 05:08 AM

පන යනකල් හතර වටෙන් ම අවශ්‍ය දත්ත ලැබිලත් ඇහැකන පියාගෙන කට්ටිය හිටිය බව රටම දන්නවා. අඩු ගානේ ඔය කියන 50 දෙනා දැන් ඉන්නේ කොහෙද කරන්නේ මොනවද කියලවත් හොයලා බැලුවද එච්චර දෙයක් වුනාට පස්සේවත් ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13554 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 951 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site