IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ සිව්දෙනෙක් පොලිස් වෙඩි පහරින් මරුට

ඇමෙරිකාවේ කොලොම්බියා දිස්ත්‍රික්කයේ වොෂින්ටන් අගනුවර සෙනට් සභාව පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන කලහකාරී පිරිසක් කඩාවැදී එහි සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් සිව්දෙනෙකු මිය ගොස් ඇත.

ඇමෙරිකාවේ පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රසයේ විවාද පැවැත්වෙන ස්ථානවලට ද කඩාවැදුණු එම පිරිස රාජ්‍ය දේපළවලට හානි කළේ යැයි ද මියගිය පිරිස අතර කාන්තාවක ද වන බව ද වාර්තා වේ.

කලහකාරී පිරිසක් කඩාවදින අවස්ථාවේදී ඇමෙරිකානු කොංග්‍රසයේ සෙනට් සභාවේ මැතිවරණ සමූහ ඡන්ද ගණනය අවසන් කරමින් පැවැතුණි. ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා එම ක්‍රියාවලිය සිදුවෙමින් පැවැති අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස් ද සෙනට් සභාවේ සිටියේය.

එම පිරිස කඩා වැදීමත් සමඟ ආරක්ෂක අංශ උප ජනාධිපතිවරයා සහ කොංග්‍රසයේ සාමාජිකයන් ආරක්ෂිත ස්ථානවලට රැගෙන ගියහ.මේ සිදුවීමෙන් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය දැඩි තර්ජනයකට මුහුණ දුන්නේ යැයි ද එම වාර්තාවල දැක්විණි.

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ල යනු එරට වැඩිම ආරක්ෂාවක් ලබා දී ඇති ස්ථානවලින් එකක් වන අතර මෙය ඇමෙරිකානු ඉතිහාසයේ දරුණුම ආරක්ෂාව කඩවීම්වලින් එකක් යැයි ද පැවසේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්විණි. ඉන් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩන් ජයග්‍රහණය කළ අතර ඔහු ලබන 21 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත ය.මෙම වෙඩිතැබීම් සිදුවීමට පෙර කැපිටල් ගොඩනැගිල්ල දෙසට පාගමනේ යන්නැයි ද ජනාධිපති ට්‍රම්ප් ඔහුගේ ආධාකරුවන් උනන්දු කර තිබිණි. 

විදෙස් මාධ්‍ය ඇසුරිනි

(055)


 

(ඡායාරූප - බීබීසී ඇසුරිනි)

තවත් ඡායාරූප සඳහා පිවිසෙන්න - ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ සෙනට් සභා ගොඩනැගිල්ලට කඩාවදිති



අදහස් (3)

ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ සිව්දෙනෙක් පොලිස් වෙඩි පහරින් මරුට

ranjan Thursday, 07 January 2021 07:17 AM

අපේ රටේත් ඉන්නවා හැම තිස්සේම පාර්ලිමේන්තුව වට කරන්න පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න බලාගෙන ඉන්න අය. හොඳයි ඔහොම යමුකෝ.

:       4       9

RaveendraThursday, 07 January 2021 08:00 AM

ඔබ සඳහන් කලේ අරක දියව්, මේක දියව්, අරක කරව්, මේක කරව්... අතනට අත නොතබනු, මෙතනට අත නොතබනු කියමින් කෑමොර දෙන 300% හාදයෝ ටිකද නැත්නම්..?

:       7       8

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 07 January 2021 08:31 AM

රටේ බලයේ සිටිනා ජනපතිගේ ගෝල බාලයන් වෙත, කෙසේවෙතත් හයියෙන් සද්දයක් දාන්නවත් අපේ ආරක්ෂක අංශවල ඇත්තන්ට පුළුවන් වෙයිද? ඒ අතින් ඇමරිකාව අපට වඩා කොතරම් ඉදිරියෙන්ද සිටින්නේ. හරි වැරැද්ද නෙමෙයි. අපේ රටක ආරක්ෂක අංශ මේ වගේ එඩිතරව කටයුතු කරයිද?

:       3       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site