IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජී. ඇම්. අජිත් කවියා අභාවප්‍රාප්ත වෙයි

 

(ඩයනා උදයංගනී)

ප්‍රසිද්ධ හා දක්‍ෂ හිටිවන කවියකු වූ ජී. ඇම්. අජිත් මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු මියයන විට 62 හැවිරිදි වියෙහි පසුවිය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංස්කෘතික කටයුතු උපදේශකවරයෙක් ලෙස ද කටයුතු කළ අජිත් කවියා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උපදේශකවරයකු ලෙස ද කටයුතු කළේය.

කොළඹ යුගයේ ප්‍රසිද්ධ කවියකු වූ ගාල්ලේ ජී.ඇම් පියදාස කවියාගේ පුතණුවන් වූ ජී.ඇම් අජිත් කවියාගේ බිරිඳ වන ශ්‍රියා හිඳුරංගල මහත්මිය ද කිවිඳියකි.

ඔහුගේ දියණිය කුරවි කූජනා මෙන්ම පුත් පද්‍ය භාසුරු ද හිටිවන කවි හා විරිඳු ගායනයෙහි දස්කම් දක්වති.

සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ද කටයුතු කළ ජී.ඇම් අජිත් කවියා සිංහල තරුණ කවි සමාජයේ නිර්මාතෘවරයා ද වේ.

විසිහතර පැයේ කවි මඩු සම්ප්‍රදාය ආරම්භ කළේ ද ජී. ඇම් අජිත් කවියා වන අතර වන අතර ඔහු වාර්ෂිකව ‘සමුළු කවි’ නමින් කවි පොතක් ද ප්‍රකාශයට පත් කළේය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ජී.ඇම් අජිත් කවියා කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

ඔහු කාව්‍ය ග්‍රන්ථ රැසක කතුවරයෙකි. දේහය රාජගිරිය, නාවල පාර, අංක 514/ඒ ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු නාවල සුසාන භූමියේ දී අනිද්දා (13) පස්වරුවේ සිදුකෙරේ.   



අදහස් (0)

ජී. ඇම්. අජිත් කවියා අභාවප්‍රාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site