(හර්ෂණ තුෂාර සිල්වා)
ජාත්‍යන්තර ප්‍රජාව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගන්නා බව එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව අමතමින් එරට කොන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් මහතා අද (30) පැවැසීය.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා (විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා) වෙත ප්‍රශ්නයක් යොමු කරමින් සර් හියුගෝ ස්වයර් මහතා ඒ බව සඳහන් කළේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ හියුගෝ ස්වයර් මහතා මෙසේ ද කීය.
“ විදේශ ලේකම්වරයා මේ සතියේ ශ්‍රී ලංකා ජනාධිපති අමතනවා. ජනාධිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පටහැණි බවත් ජාත්‍යන්තර ප්‍රජාව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැති ලෙස තවදුරටත් පිළිගන්නා බවත්, එය වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්දයකදී පමණක් බවත්, එසේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නම් පාර්ලිමේන්තුව කඩිනමින් රැස් කළ යුතු බවටත් මගේ මිත්‍රයා ජනාධිපති සිරිසේන මහතාට පෙන්වා දෙන්නේ දැයි මා විමසා සිටිනවා”.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එම කරුණු පෙන්වාදෙන බව ඊට පිළිත-ුරු දෙමින් විදේශ අමාත්‍ය ජෙරමි හන්ට් පැවැසීය.
ඔහු එහිදි මෙසේ ද කීය.
“මම ජනාධිපති සිරිසේන මහතාට එම කරුණු පෙන්වාදීමට බලාපොරොත්තු වෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ඇතුළුව බොහෝ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අපි සැලකිලිමත් වෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් අපි දැඩි විමසිල්ලෙන් පසුවෙනවා”.
කතානායකවරයා සමඟ සාකච්ඡා කර කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවධාරණය කරන බව ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් රාජධානියේ ආසියානු සහ ශාන්තිකර කටයුතු පිළිබඳ අමාත්‍ය මාර්ක් ෆීල්ඞ් මහතා සඳහන් කර තිබිණි.
එක්සත් රාජධානිය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළක් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසවලදී ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ ද එක්සත් රාජධානියෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ව තලාපෙලා, වහලුන් සේ වැඩ ගත් ඒ යටත් විජිත යුගය කියලද තාම හිතන්නේ..
අනේ අපොයි කීකරු කුක්කා හැපිහැපී අඬනවා.. මොනවා හරි කියමු සනසන්න..
බ්‍රිතාන්‍යට අවශ්‍යනම් රනිල්ට බ්‍රිතානයේ අගමැති කම ලබාදීමට පුළුවන් නමුත් ශ්‍රී ලංකාවේ අගමැති තීරණය කරන්නනේ ශ්‍රී ලංකික ජනතාව මිස මහ රැජින නොවන බව මේ ආණ්ඩුව බ්‍රිතාන්‍යට මතක් කර දීම වැදගත්.
1847 ටොරින්ටන් ආණ්ඩුකාරයා මතක් වෙනවා.
එහෙමද ආස?
රසික ළමයෝ! මේක යටත් විජිත යුගයට වඩා නරක යුගයක්... අද අපි සිංහයා ලකුණ දරන ජාතියක් වුණත් ලෝකේ පුරා හිඟමනේ යනවා. ණයකාරයන් හැටියට නෝක්කාඩු අහන්න සිදුවෙනවා. අපිට දෙපා මත කෙලින් ඉන්න පුළුවන්කමක් නැහැ! නිකන් වංසෙ කබල් ගානවා විතරයි!
ඩයස්පෝරා කීයක් දුන්නද? ලංකාව අවුරුදු 30ක යුද්ධයක් කළ ඔබලා ඒ කාලයේ නිදි... දැන් එනවා අපිට කරන්න කියලා දෙන්න.
මේ ලංකාව බවත් වැඩ සිද්ධ විය යුත්තේ මේ රටේ බහුතරයේ කැමැත්ත සහ යහපත වෙනුවෙන් බවත් හොඳින් මතක තියා ගත්තොත් හොඳයි..
ඔවුන්ගේ මෙහෙකරු බේරාගැනීම යුතුකමක් කියලා ස්වාමියා හිතුවා..
ලංකාවට සම්බාධක පැනවීම දක්වා රටවල් දැඩි පියවර ගත යුතුයි.
මිනිස්සුන්ව තලාපෙලා, වහලුන් සේ වැඩ ගත් ඒ යටත් විජිත යුගය අපිට මතක නැහැ! හැබැයී සුදු වෑන් යුගය නම් හොදට මතකයී! ඒ යටත් විජිත යුගයට කලින් තිබුනේ එවැනිම කුරිරු රදල වැඩවසම් යුගයක් කියලත් අමතක කරන්න එපා!
එහෙනම් පිළිඅරන් ඔහාට ගෙන්න ගන්න.. ඒක ලොකු දෙයක්. අපේ රටවල් තවමත් සූරාගෙන කන්නයි කල්පනාව...
මේ ගැන කතාකරන්න කිසිවක් නැහැ. කාරණාව ඉතා පැහැදිලියි..
ලංකාවේ මිනිස්සු පිළිගන්නේ නැති එකනේ ප්‍රශ්නේ...
2015 බළලුන් ලවා කොස් ඇට බාවපු අය දැන් ටික ටික එලියට එනවා නේද? ඔච්චර ලංකාවට ආදරෙයිනම් මේ ආර්ථික ප්‍රශ්න විසදගන්න උදවු කරන්නකෝ රටවල අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇත පොවන්නේ නැතිව.
බ්‍රිතාන්‍යය වගේ දුප්පත් රටක අය කියන දේවල් ගැන බලවත් රටක් වන ශ්‍රී ලංකාව කලබල විය යුතු නෑ.
රසික යටත්විජිත යුගය වඩා හොඳයි දැනට වැඩිය ... ලජ්ජා නැතිව සුද්දා හදාපු කම්පියුටර් එක පාවිච්චි කරලා, සුද්දාගේ කලිසම් ඇදලා ලජ්ජා නැතිව සුද්දටම බනිනවා. මේ වගේ ඉන්නකන් "මරා"'ට වාසී.
අපි මෙයාව පිළිගන්නෙත් නැහැ...........
එදා රටේ ජනාධිපතිවරයාට එරෙහිව ප්‍රභාකරන් බේරාගන්න මැදිහත් වුණා වගේ අද ජනාධිපත්වරයාට එරෙහිව රනිල් බේරගන්න දඟලනවා. තාම හිතාන ඉන්නෙ ලංකාව එයාලගෙ යටත් විජිතයක් කියල.
එහෙනම් මහ බැංකු කොල්ලය පියවන්නේ බ්‍රිතාන්‍යයෙන්ද?
අපේ ප්‍රශ්න අපි බලාගන්නම්... ඔයාලගේ ඇගිලි ගැසීම් ඕනි නෑ....
දැන් පේනවනේ කවුද ලංකාවේ ඉන්න සුද්දන්ගේ ඇම්බැට්ටයා කියලා..............
ඔව් අපි තවමත් යටත් විජිත යුගයේද මෙයාලට බයවෙන්න.. අපේ නිමි ඇදුම්, මාළු, තේ, රබර් මිලදී ගත්තට කමක් නැහැ. අපෙන් අල්පෙනිත්තක්වත් ගන්නේ නැති... හැබැයි ණයට දීලා රටවල් වල දේශපාලනය අස්ථාවර කරලා පාලනය අල්ලන (පාකිස්තානයේ, නේපාලය, බංගලිදේශය, කුඩා අප්‍රිකානු රටවල්, ටිබෙටය, ලාඕ, මාලදිවයින, මොන්ගෝලියාව , කර්ගිස්ථානය..) කපටි නව ලෝක බලවතා චීනය කියන දේ විතරයි අහන්නේ...
මේක අපේ රටේ ප්‍රශ්නයක්... ඇයි මේ අය කලබල වෙලා තියෙන්නේ..? ඒ කියන්නේ එයාලට අමතක වෙලාද දන්නේ නෑ.. 1948.02.04 වෙනිදා එයාලා මේ රට පාලනය කරන එක අතැරියා කියලා. අපේ රටේ ප්‍රශ්න අපිට විසඳගන්න ඉඩ ඇරලා එයාලට පාඩුවෙන් ඉන්න කියන්න.. මේ හැමෝටම තියෙන රුදාව තමයි ඒ අය කියන කියන පදේට මහින්ද නටන්නේ නැති එක... ඔවුන්ට ඕනේ කියන කියන එකට එහෙයි කියන පාලකයෙක්...
අපේ මිනිස්සුන්ගේ තියෙන උද්දච්ච කම් සමහර අදහස් වලින් පේනවා. කියන්නේ කවුද කියන එක නෙමෙයි වැදගත් කියන දේ හරිද කියන හරිද වැරදිද කියන එකයි. මෝඩ කමට බෙහෙත් නෑනේ. නැත්නම් ඕන මෝඩයෙකුට තේරෙනවා සිරිසේන කල වැඩේ නීතියට, සදාචාරයට පටහැනියි කියලා. දේශපාලකයින්ගේ පස්සේ යන්නේ නැතිව රට ගැන හිතලා ප්‍රශ්න ගැන බලන්න. මහින්දද, රනිල්ද නෙමෙයි ප්‍රශ්නේ සිරිසේන කරපු විදියයි ප්‍රශ්නේ.
ඔයා කවුද ....? යන්න යන්න අපි එන්නේ නැහැනේ ඔයාලගේ එව්වට ඇඟිලි ගහන්න. තාමත් ඉතිං මේ රනිල්ට සුද්දන් ලොකුනේ.. පරම්පරාවේ හැටි වෙන්ටෑ... මේ වගේ කෙනෙක්ව පුළුවන්ද.. මේ වගේ කෙනෙක්ට පුළුවන්ද ලංකාවේ අහිංසක මිනිසුන්ගේ හද ගැස්ම හඳුනාගන්න...?