
(යොහාන් භාසුර)
සෞන්දර්ය ගෞරව උපාධිධාරිනියක් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුවේ රාජකාරි කරන බවත් එය උපාධිධාරීන්ට සාධාරණය ඉටුකිරීමක් ද යන්නත් ජාතික ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී විජිත හේරත් මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය. ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් විජිත හේරත් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුවට දාලා තියෙන්නේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ විශේෂ ගෞරව උපාධියක් තියෙන තරුණියක්. උපාධිධාරීන් 40,000 කට 50,000 කට රැකියා දුන්නා කියලා මෙහෙම සළකන එක හරිද?”
“දැන් බඳවාගත් උපාධිධාරීන්ට අවුරුද්දක පුහුණු කාලයක් තියෙනවා. ඒ කාලය පුරාවටම ඔවුන්ට ලැබෙන්නේ මාසෙට රුපියල් 20,000 යි. ලක්‍ෂයක් බදවාගත් අය සාමාන්‍ය පෙළ අසමත් වූ අය. ඔවුන්ගේ පුහුණු කාලය මාස හයයි. ඒ අයට ගෙවනවා 22,500 ක්.
උපාධිය ගත්ත අයට ගෙවන්නේ රුපියල් 20,000 යි. අවුරුද්දක පුහුණුවකුත් තියෙනවා. නමුත් සාමාන්‍ය පෙළ අසමත් අයට දෙනවා 22,500 ක් පුහුණු කාලය මාස හයයි”
“මේක සාධාරණයද? උපාධිධාරීන්ට සැළකුවා කියලා සතුටු වෙන්න පුළුවන්ද? මම කියන්නෙ නෑ අර කටිටියගේ 22,500 අඩු කරන්න ඕන කියලා”
“උපාධිධාරීන්ට අරම සළකනවා මෙහෙම සළකනවා කියලා සෑම ආණ්ඩුවක්ම කිව්වා. අච්චර රැකියා දුන්නා මෙච්චර රැකියා දුන්නා කියලා කියනවා. 1999 සිට මේ දක්වා 140,000 විතර උපාධිධාරීන් විවිධ රැකියාවලට ඇවිත් තිබෙනවා. හැබැයි අද වෙනකන් ඒ රජයේ සේවයට බඳවාගත් උපාධිධාරීන්ට, ලැබිය යුතු නිසි ගෞරවය, ඔවුන්ගේ දැනුමට, උපාධියට සරිලන ආකාරයට රැකියා අවස්ථා සම්පාදනය කරලා නෑ. අවුරුදු 15 ක් විතර වෙනවා සංවර්ධන නිලධාරීන් බඳවගෙන, අද වෙනකන් සංවර්ධන නිලධාරීන්ට රාජකාරි ලැයිස්තුවක්වත් හදලා දෙන්න කිසි ආණ්ඩුවක් සමත්වුණේ නෑ”
“රාජ්‍ය සේවයට බැදුණු උපාධිධාරීන් ඒ හිටපු තැනම පල්වෙවී විශ්‍රාම යනකන්ම ඉන්න ඕනෙ. හැබැයි සාමාන්‍ය කාර්යාල සේවකයෙක් සේවයට ගියාම අඩුම ගාණේ ඒඕ කෙනෙක් දක්වාවත් උසස් වීම් ගන්න පටිපාටියක් තියෙනවා. නමුත් උපාධිධාරීන්ට ඒ උගත් දැනුමක් ගත්ත වැරැද්දටම උසස්වීමේ ක්‍රමවේදයක් හදලා නෑ. ඒක උපාධිධාරියාගේ වැරැද්ද නෙමෙයි. ඒක තමුන්නාන්සේලාගේ ප්‍රතිපත්තිමය වරැද්දක්” යැයි විජිත හේරත් මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය උපාධිවලින් ගන්න පුළුවන් වෙන වැඩක් කියන්නකෝ බලන්න මන්ත්‍රීතුමා.
රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවීම සිදු කරන්නේ රජයට ලැබෙන ආදායමෙනි. රජයේ ප්‍රධානතම අාදායම් ප්‍රභවයක් වන්නේ පුද්ගලයින් සහ පුද්ගලික ව්‍යාපාර මගින් ගෙවන බදු මුදලයි. නමුත් පුද්ගලික අංශයේ ව්‍යාප්තියට ජවිපෙ විරුද්ධයි. විදේශ ආයෝජන පැමිණ රටේ තරුණ තරුණයින්ට රැකියා ලැබෙනවාටත් මේ අය විරුද්ධයි. මේ සියල්ලෙන්ම රටේ අදායම හිරකර තබා, රජයේ සේවකයින්ට පඩි මදි බව කියා බෙරිහන් දීම නම් මේ අය දිනපතාම කරන්නට අමතක නොකර දෙයක්...
සෞන්දර්ය විෂයට අදාළ රැකියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තිබේද?
මෙවැනි උපාධි ප්‍රයෝජනයක් නැත්නම් ඒවා අහෝසි කර වෙනත් උපාධි පාඨමාලා අරඹන්න.
උපාධිධාරීන්ට අන්අයට මේ රැකියා අවශ්‍ය බව ඇත්ත. නමුත් අද අපේ රටට විශාලතම අාදායමක් ගෙන එන මැද පෙරදිග සේවය, ආනයන රෙදි පිළි කර්මාන්තය, තේ නිෂ්පාදනය වැනි අංශවල මේ උපාධිධාරින් කොතරම් සේවය කරනවද? මා සිතන හැටියට ලංකාවේ ආර්ථිකයට වැඩිපුරාම දායක වන්නේ එතරම් උසස් අධ්‍යාපනයක් නොලත් උදවියයි...
සෞන්දර්ය උපාධියක් අරගෙන කාර්යාලයක කරන්න පුලුවන් රැකියාව මොකක්ද? කෙනෙක් උපාධිය ගත යුත්තේ උපාධියක් ගන්න ඕනෑකමට නෙමේ. එම උපාධියෙන් තමන්ගේ අනාගතය වර්ණවත් කර ගන්න පුළුවන්ද කියා සිතා බලාය... මේ කෙනා ගැන පොඩි හෝ සතුටුයි මොන හෝ රැකියාවක් කීරීම ගැන... නමුත් ඇය උපාධිය ගන්නා අතරතුර වෙනත් පඨමාලාවක් හැදෑරුවා නම් ඇයට හොඳ තැනකට යාමට තිබුණා. උපාධියක් ගන්නන් වාලේ නොගෙන තමන්ගේ අනාගතයට වැඩක් ඇති දෙයක් කරන්න..
අැත්තෙන්ම කර කරෝලිස්, ඔබ වැනි වලව්වල අය හැටියට හිතන විදිහ එහෙම තමයි. 8 පාස් නැති අය අද අැමති පුටුවල. එදාවේල නොකා පාඩම් කරලා උපාධි ගත් අය ඔවුන්ගේ ගේට්ටුවේ. එක අතකින් රටේ මිනිස්සුන්ට මෙහෙම වෙන්නම ඕනෑ. තියෙන නිහීන වහල්කමට මෙහෙමත් රට කරවන්න අලුගුත්තේරුවන් පත්කර ගන්නවාට...
විජිත මන්ත්‍රීතුමා ඔය අය ගැන කතා කරන්න එපා. ඔය සේරම මේ කුණුවෙච්ච දේශපාලකයින්ට ඡන්දෙ දීපු අය. ඔබ කතා කළාට ඒ ගුණයවත් නැහැ..
උපාධිය තියෙන්නේ සින්දු කියන්නයි, බෙර ගහන්නයි නම් ඉස්පිරිතාලෙක රස්සාවට ගියා නම් මොන ගෞරව වුණත් වෙන්නේ සනීපාරක්ෂක කම්කරු වැඩේ කරන්න. කරන්න දෙයක් නැහැ. රටට වැඩක් නැති උපාධි නවත්වලා දාන්න කාලේ ඇවිත්...
සාමාන්‍යයෙන් වසර දෙකකට වරක් පමණ පැවැත්වෙන දිවයින් පුරා 9,000ක පමණ අයදුම්කරුවන් සංඛ්‍යාවකින් විභාගයෙන් සමත් වූවන්ගෙන් ඉහළම ලකුණු තියෙන 150කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගන්නවා. සාමාන්‍ය කාර්යාල සේවකයෙක් වසර 5ක සේවා කාලයක් සහිතව පැවැත්වෙන තරඟ විභාගයකින් කළමනාකරණ සේවා නිලධාරී විභාගය සමත්වෙලා... ඒකෙත් වසර 8 ක සේවා කාලයකින් පසුව පෙනී සිටිය හැකි ඉහත කී AO විභාගයෙන් සමත් වෙලා AO කෙනෙක් වන්නේ නම් සැබැවින්ම ඒ සාමාන්‍ය කාර්යාල සේවකයා සාමාන්‍ය පුද්ගලයකු නොව සැබෑ දක්ෂතා ඇති, සාමාන්‍ය උපාධිධාරියකුටත් වඩා දැනුමින්, කුසලතාවලින් හා ආකල්ප වලින් පරිපූර්ණ රටට බරක් නැති, අසාමාන්‍ය පුද්ගලයෙකි. මේ ප්‍රකාශය කළ කෙනාට වඩා රටට වැඩදායක අයෙකි. එවැනි සාමාන්‍ය කාර්යාල සේවකයින්ට AO කෙනෙකු පමණක් නොව ගුරුවරයෙක්, පරිපාලන සේවයේ, සැලසුම් සේවයේ, නිලධාරියකු පමණක් නොව ඉංජිනේරුවෙක් වීමටද හැකියාවක් පවතී. උපාධිධාරියකුට AO කෙනෙකු විය නොහැකි නමුත් දක්ෂතා ඇත්නම් AO කෙනෙකුට වඩා ඉහළ තනතුරු කරායාමට ඕනෑතරම් අවස්ථා පවතී. අවශ්‍ය වන්නේ රටට වැඩදායක දැනුමින්, කුසලතාවලින් හා ආකල්ප වලින් පරිපූර්ණ පුද්ගලයකු වීම පමණි.
අද පාරේ වැඩකරන සේල්ස් රෙප් කෙනෙකුත් මාසෙකට රුපියල් 50000කට වැඩියෙන් හොයනවා. ඉන්ටර්නෙට් එකේ පත්තරේ ඕනතරම් වේකන්සි තියෙනවා. සාමාන්‍ය රැකියා ලක්ෂයකට වඩා හොයන්න පුළුවන් ඒවා.. එහෙම තියෙද්දි ඇයි රජයේ රැකියාවලට යන්න පොර කන්නේ? නිකන් වැඩක් නොකර පඩි ගන්න. පෙන්ශන් එක ගන්න. මේ උපාධි තියෙන කී දෙනෙක්ට ඉංග්‍රීසි සහ පරිගණක දැනුම තියෙනවද බලන්න. උපාධියක් ගත්තු පමණින් සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. රැකියාවකට අදාළ සුදුසුකම් සපුරා ගන්න ඕනේ. ඒ කිසිම දෙයක් නොකර මහජන මුදල් නාස්ති කරකර තව උද්ඝෝෂණ කරන්නෙත් මේ නිකමුන් තමයි...
ඕකත් හොඳ වැඩියි. ඕකුන් ඕවාට හිහිල්ලා වැඩක් කරයි කියලා හිතනවා නම් ඔයා පව්...
දැන් අපේ රටේ අය මොනවා හරි විෂය ටිකක් කරලා උපාධි ගන්නවා. නමුත් ඒ ක්ෂේත්‍රවල දැනුම සඳහා සමාජ අවශ්‍යතා අවමයි. වරද අනවබෝධයෙන් ඉගෙනීමයි...
උපාධි ධාරීන්ට රැකියා දීමට රජය බෙදී නොමැත.
ඕස්ට්‍රේලියාවේ වගේ රටවල ආචාර්ය උපාධි තියෙන අය ටැක්සි එලවනවා.
ඕවා මොනවද? මම ඉන්න රටේ මම දන්නවා ලංකාවෙන් ආපු සමහර වෛද්‍යවරු. ඉංජිනේරුවෝ, නීතීඥවරු ඉන්නවා ඌබර් ටැක්සි එළවන. සුපර් මාකට්වල චෙක් අවුට්වල, පෙට්‍රල් ෂෙඩ්වල වැඩ කරන.. ඕවා ඔහොම තමයි... ලෝකෙ කොහෙත් එකයි.
හැම රස්සාවක්ම වැදගත්... ඕකට කියන්නේ දූපත් මානසිකත්වය. සමාජවාදය පුරසාරම් කියන්නේ ඕවට තමයි.
විජිත හේරත් මහත්මයා කියන කතා ගණන් ගන්න එපා. එයාගේ දැනුමේ හැටියටනේ ඔය කියන්නේ.
ටොයිලට් හැදුවත් ජොබ් එක. නිකම් ඉන්නවට වඩා පඩියක් ලැබෙන ජොබ් එකක් තිබ්බා නම් බඩට මොනවා හරි කන්න පුළුවන්.
මම කියන්නේ රජයේ රස්සාවල් ඉල්ලනවා නම් ඒ වගේ රස්සාවල් තමයි දෙන්න ඕනෙ කියන එක තමයි මම හිතන්නේ... මොකද මෙයාට එහෙම උපාධියක් තියෙනවා නම් මෙයා දැනගන්න ඕනේ වෙන ජොබ් එකක් හොයාගන්න. ඉතින් රජයේ ජොබ්වලට එන්න ඕනේ නම් දෙන්න ඕනෙ ඔය වගේ ජොබ්ස් තමයි ඉතින්..
මේ ජ වි පෙ මන්ත්‍රීලාට කියන්න තියෙන්නේ දැනට තියෙන කොරොනා වසංගතය මුලු ලෝකේම ආර්ථිකයට බලපාලා තියෙන වකවානුවක ගුවන් නියමුවෝ ටැක්සි එළවනවා. හුඟක් අයට රැකියා නැහැ. එහෙම තියෙද්දී උපාධිදාරියෙක් ගේට්ටුවක වැඩ කරනවා කියන එක ප්‍රශ්නයක් වෙන්න බැහැ. සුපුරුදු පරිදි ජවිපෙ මන්ත්‍රීලගේ මානසික මට්ටම අඩු නිසා මේ වගේ දෙවල් එයාලට තේරෙන්නේ නැහැ.
බලෙන් දීපු රස්සාවල් නෙවෙයිනේ. පිනට කකා ඉන්න බලාගෙන ඉල්ල ගත්තු රස්සානේ. ගේට්ටු මුර වැඩේවත් හරියට කරයිද කියන එකයි සැක... අනික සෞන්දර්ය ගෞරව උපාධියකින් ප්‍රාදේශිය ලෙකම් කාර්යාලයේ කරන්න පුලුවන් රස්සාව මොකද්ද?
මේ සෞන්දර්ය උපාධිය වෙනුවට තොරතුරු තාක්ෂණ උපාධියක් තිබුණා නම් කරන්න කොහොම වෙයිද?
තමුන්ලත් එකතුවෙලානේ 2015 රජය ගෙනාවේ... රට සුරපුරයක් කරනවා කියලා. 2015 සිට 2019 කාලයේ ඔය කියන උපාධි ධාරීන්ට සුදුසු රැකියා නොදුන්නේ මන්ද? දැන් දීපු එක ගැන ප්‍රශ්න කරන්නේ රෙදි ඇඳගෙනද? ඉන්දියාවේ ආචාර්ය උපාධි තියෙන උදවියත් ඔනේ තරම් රැකියා කරනවා.
එතුමියට ගරු කරනවා වැඩක් කරන නිසා... පාර අද්දර ජොබ් ඉල්ලලා කෑ ගහන්නේ නැතිව... නමුත් එතැනින් එහාට යන්න අධ්‍යාපන දැනුම රුකුලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සමාජවාදීන් නේද ගේට්ටුවේ රස්සාව අවමානයට ලක්කරන්න හොඳ නැහැ. කටුබැද්දේ ඉගෙනගෙන අපිත් පටන් ගත්තේ ගේට්ටුවලින් තමයි. මුග්ධ දේශපාලනය මගින් මේ අය රට කනවා... කිසිම රස්සාවක් කරන්නේ නැහැ.
සාමාන්‍ය පෙළ පාස් වෙච්ච කෙනෙක් රටේ පාලකයා වෙනකොට වෙන මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්...?
මේ වගේ උපාධි කාරයින්ට දෙන්න ඕනෑ විසිකිළි හෝදන්න. වෙන මොනවා කරන්නද මේ ගොල්ලෝ දන්නේ.