(රංජන් කස්තුරි)
රටපුරා ග්‍රාමීය පාලම් 250ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 52.1ක මූල්‍ය ආධාරයක් ලබාදීමට නෙදර්ලන්ත රජය පියවර ගෙන තිබේ.
දුෂ්කර ගම්මානවල පාලම් ඉදිකිරීමටත් එමගින් එම ගම්මානවල සංවර්ධනය ඇතිකිරීමටත් නියමිත බව පළාත් සභා පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.
රටපුරා දුෂ්කර ගම්මාන ආශ්‍රීතව පාලම් 4000 කර ඉදිකිරීමට රජය සැලසුම් කර තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
දිවයිනපුරා වානේ පාලම් 250 ඉදිකිරීමට අදාල මූල්‍ය ආධාරය නෙදර්ලන්තයේ රබෝ බැංකුව මගින් ලබා දීමට නියමිත අතර ඊට අදාල ණය ගිවිසුමට අත්සන් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාක්කෝ කීදෙනෙක් වටවෙයිද?
එක වතාවක් යුද්ධය ඉවර වෙලා වැලේ වැල් නැතුව ඉන්නකොට එංගලන්තෙන් යකඩ පාලම් දුන්න. මේ පාර රුපියල බල්දුවෙලා වැලේ වැල් නැතුව ඉදිද්දී නෙදර්ලන්තෙන් පාලම් දෙනවා. අපේ කට්ටිය මොනවා කරලා වැලේ වැල් නැති උනත්, තවත් කොහේ හරි ලන්තෙකින් පාලම් හම්බවෙන නිසා අත දිගහැරලා වියදම් කරනවා.
අපි ජාත්‍යන්තරයට බැන්නට අපි තවම යාචකයෝ . ඔය අදාරෙටත් පිල්ලි ගහයිද දන්නේ නෑ............
රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ යහපාලන රජයට පින්සිද්ද වෙන්න පාලම් ටිකක් ලැබෙන්න යන වෙලාවක අපේ රට යලිත් වරක් "බ්ලැක් ලිස්ට්" වෙන්න යනවා !