IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගම්මන්පිලගේ යෝජනා සාකච්ඡා කළත් තීරණයක් නෑ

(අජන්ත කුමාර අගලකඩ)

ඉන්ධන අර්බුදයට මුහුණදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය ඊයේ(24) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

එහෙත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගැනුණු බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සදහන් කළේය.

ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුලත් යෝජනාවලියක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඊයේ පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය .

කොළඹට පැමිණෙන වාහන සීමා කිරීම ,රාජ්‍ය නිලධාරීන් කොළඹට කැඳවීම සීමාකිරීම ,රාජ්‍ය ආයතන වල සාකච්ඡා, සම්මන්ත්‍රණ හා රැස්වීම් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීම ,පාසල් පැවැත්වෙන දින ගණන අඩු කර එක් දිනයක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීම එසේ ඉදිරිපත් කරන ලද යෝජනා අතර විය .

 



අදහස් (7)

ගම්මන්පිලගේ යෝජනා සාකච්ඡා කළත් තීරණයක් නෑ

Pradeep Kumara Tuesday, 25 January 2022 08:38 AM

එතුමා ඉදිරිපත් කල ඇතැම් යෝජනා ප්‍රායෝගික නෑ. පුළුවන් නම් මුලින්ම තමන් ඇතුළු දේශපාලකයින් මෙයට පූර්වාදර්ශයක් සපයලා පෙන්වන්න. ඔබලාත් සමග පෙරහැරේ යන සියගනනක් වූ රථ පෙළ නවතා දැමුවොත් විශාල ප්‍රමාණයක් ඉන්ධන ඉතිරි වෙයි. මොකද මේ වාහන පෙට්‍රල් ලීටරයකට කි.මී. 3ක් 4ක් විතර තමයි ධාවනය කරන්න පුළුවන්. තමන් සියළු සැප විදින ගමන් අසරණ ජනතාවට විතරක් හැම විටම බර දෙන්න හදන්න එපා. නියම නායකත්වය යනු එය නොවේ.

:       1       10

Sampath Tuesday, 25 January 2022 09:18 AM

ගම්මන්පිල ඉතා අසාර්ථක බව පෙනෙන්නට තියෙනවා. මෙතුමා කරන්න පුළුවන් කෙනෙක්ට බාරදීලා අයින් වුනා නම් තමයි දැන් හොද. මොකද ක්‍රිකට් කණ්ඩායමක වුනත් ක්‍රීඩකයෙක් දිගින් දිගටම අසාර්ථක වෙනවා නම් අයින් කරනවා නේ.

:       2       11

Hafeel Tuesday, 25 January 2022 01:57 PM

මිනිහ මේ දවස්වල බයෙන් වගේ ඉන්නේ. කොයි මොහොත හෝ අයින් කළා කියල ගැසට් නිකුත් වේවි කියල. ඒ නිසා තමයි මෙයා මෙහම යෝජනා ඉදිරිපත් කරන්නෙත්, කට පරිස්සම් කරන්නෙත්. විමලුත් හොඳටම බය වෙලා, දැන් කට පරිස්සම් කරගන ඉන්නේ. එදා ප්‍රවති සාකච්චාවේදී දිනේෂ්ගෙන් අහනවා මම මොනවා හරි කිව්වොත් ප්‍රශනයක් වේවිද කියල. ඒ තරමට ජනාධිපති සුසිල්ව අයින් කරලා මෙයාලාගේ කට වහල දැම්ම .

:       0       3

කිරි පුතා Tuesday, 25 January 2022 09:54 AM

බලශක්ති අර්බුදය ට කවද්ද මෙයාලා විකල්පය ක්‍රියාත්මක කරන්නෙ. තියෙන එකම එහෙට මෙහෙට පෙරළ පෙරළ හිටියොත් අනාගතය මීට වඩා භයානකයි

:       0       4

අසංග Tuesday, 25 January 2022 10:28 AM

ලංකාවෙම වාහන නතර වෙලා, කරුවලෙම ඉන්න දවස් ඉතාම ලගයි. අලුතෙන් කොරොනා ලොක්ඩවුන් කරන්න අවශ්‍ය නැහැ.

:       0       7

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 25 January 2022 11:12 AM

හරියට නටාගන්නට බැරි නැට්ටුවා නිතරම හිතන්නේ, පොළව ඇදයි කියලයි.මේ අයගේ කවදත් කටේ වාදම විතරයි. වැඩ බැහැ. ඒත්,තමන්ගේ නොහැකියාව රටට මෙච්චර හෙණ ගහලත්,පිළිගන්නේ නැහැ.මොනවට බෙහෙත් තිබුණත්,මෝඩකමට නම් බෙහෙත් නැහැ.

:       0       0

fairoos Tuesday, 25 January 2022 01:16 PM

මේ ආණ්ඩුව ෆේල් .ලංකාව බංකොලොත් කරලා පස්ස බලන්නේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site