(බිඟුන් මේනක ගමගේ)
ආණ්ඩුකරණය සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්ති ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ජනාධිපති අපේක්ෂකයන්ට තමා විවෘත අභියෝගයක් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.
තමා මීට පෙර ද මෙම අභියෝගය කළ නමුත් ඔවුන් දෙදෙනාම ඊට ප්‍රතිචාර නොදැක්වූ බවද දිසානායක මහතා පැවසීය.
රට පාලනය කිරීමට නිශ්චිත ප්‍රතිපත්ති මාලාවක් සතුනම් ඒ ගැන කතා කිරීමට බිය වන්නේ කුමක් නිසාදැයි තමා ප්‍රශ්න කරන බව ද ඔහු කීය.
තමා සමඟ විවාදයකට සූදානම් නොමැතිනම් ස්වාධීන ජනමාධ්‍යවේදියෙකු විසින් මෙහෙයවනු ලබන විවෘත ප්‍රශ්න කිරීමකට ලක්වන්නයි තමා ඔවුන්ට අභියෝග කරන බවද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පිටතින් ආහාර ගෙන ඒමට අවසර දෙන්නැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
සංවර්ධන කටයුතු ප්‍රමාද වී ඇති ජල යෝජනා ක්‍රම සහ ප්‍රජා ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහය අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණ
ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අන්තර් විශ්ව විද්‍යාලීය 48 වැනි වර්ණ ප්‍රධාන උත්සවය (21) පසරුවේ එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ස්ස මහාචාර්ය යා පත්මලාල්
කුවේට්හි රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වී ආබාධිත වූ ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මියට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහයෙන්
ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ගත් තීරණයට ගරු කරමින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ගෝඨාභයට - සජිත්ට අනුරගෙන් විවාදයකට අභියෝගයක්
ශ්‍රී Monday, 11 November 2019 02:55 AM
සජිත් මැතිතුමා, ඔන්න වෙලාව ගෝඨාභය මැතිතුමා තරම් බය නැති බව පෙන්වන්න.
wisalMonday, 11 November 2019 03:43 AM
ඔව්, සුහද හමුවක් පවත්වන්න පුළුවන්...
DeshapriyaMonday, 11 November 2019 04:08 AM
සජිත් මැතිතුමා කතාකළොත් තියෙන ඡන්ද ටිකත් කැඩෙනවා. අනිත් එක්කෙනා කොලේ බලාගෙන කියවන්න ගිහින් කොලේ ඉරා ගන්නවා. අනුරගේ හැකියාව බුද්ධිමත්කම දැන් රටම හඳුනාගෙන තියෙන්නේ...
ravindraMonday, 11 November 2019 05:43 AM
ගෝඨාභය රාජපක්ෂ දිනවීමේ දකුණේ සිංහල ජනතාවගේ හා සිංහල නායකයින්ගේ ජයග්‍රහණය නැවැත්වීම වෙනුවෙන් දෙමළ ජනතාව එක්ව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසයි.
NISSANKAMonday, 11 November 2019 06:16 AM
රවීන්ද්‍රලාට අන්තිමේදී එල්ලෙන්න තියෙන්නේ ජාතිවාදේ තමයි. 88, 89 මාතලේ සමූහ මිනීවලේ වළදාපු සිංහල කොල්ලන්ගේ මරණවලට වග කියන්න ඕනේ කවුද?
Mahee Monday, 11 November 2019 03:07 AM
මම ජ.වි.පෙ. ට අකමැත්තෙන් හිටියේ... නමුත් අනුර කුමාර දිසානායක නමැති පරිණත සැබෑ දේශපාලනඥයා දැන් ඉදිරියට ඇවිත් බව මම විශ්වාස කරනවා. ඉදිරිපත් වී ඇති 35 දෙනා අතරින් රට බාරදෙන්න සුදුසුතම අපේක්ෂකයා අනුර බවට කිසිම විවාදයක් නැහැ. නමුත් ඔහු දිනන එකක් නැහැ.. අපේ වහල් මිනිස්සු කැපුවත් නිල් පාට, කොළ පාට හින්දා. ජෝසප් දී මෙස්ටර් කිව්වා වගේ, "රටකට ලැබෙන්නේ ඒ රටේ ජනයාට ගැලපෙන ආණ්ඩුවකි". තකතීරුවන් වැඩි රටකට තකතීරු ආණ්ඩුවකුත් බුද්ධිමතුන් වැඩි රටකට බුද්ධිමත් ආණ්ඩුවකුත් ලැබෙනු ඇත.
Sanath KandyMonday, 11 November 2019 03:44 AM
මහී ඔබ වගේ හිතන ගොඩක් දෙනෙක් ඉන්නවා දැන්... ඒක සුබ ලකුණක්. අනුරගේ ජය මේ රටට ආදරය කරන මිනිසුන්ගේ ජයක්. ඒ ජයග්‍රහණයට අඩු තව එක ඡන්දයයි. ඔබේ ඡන්දය ලැබුණොත් ජය ගත හැකිය සිතා ඔබේ ඡන්දය ලබා දෙන්න. මේ රටට දැන් සිස්ටම් එකේ වෙනසක් අවශ්‍යයි.
wasthuMonday, 11 November 2019 03:44 AM
කැපුවත් නිල් පාට අය නම් නැහැ සහෝදරයා...
chithakaMonday, 11 November 2019 04:08 AM
එතකොට තමාගේ නායකතුමා නැතිකළ පක්ෂයක් එක්ක ඉන්න ඔහෙලා වගේ "රතුපාට" වහල්ලු නැද්ද?
MaheeMonday, 11 November 2019 04:41 AM
ඔබ සාධාරණ ප්‍රශ්නයක් අහන්නේ... නිසැකවම රතුපාට වහල්ලුත් ඇති. නමුත් අපේ ඡන්දය දිය යුත්තේ තාර්කිකව විනා පක්ෂයකට ගැති වහල් මනස අනුව නොවේ. තාර්කිකව ඔබට හිතෙනවා නම් මෙයා තමයි හොඳ කියලා, එහෙනම් එයාට ඡන්දෙ දෙන්න. අපි විරුද්ධ වෙන්න ඕන වහල්කමටයි. මම අනුර තමයි සුදුස්සා කිව්වේ ඔහු කළ, කී දේ අනිකුත් අපේක්ෂකයන් සමග සංසන්දනය කළාට පසුව... රතුපාට වහලෙක් නිසා නෙමෙයි. ඔබ "නායකතුමා" යන වචනය භාවිතා කිරීමෙන්ම ඔබේ වහල් මනස පැහැදිලියි නේද ඔබටම? දේශපාලනයක 'තුමාලා" ඉන්නේ අපි වගේ නොදියුණු රටවල පමණයි. මා ගිය, රැකියාව කළ, නැවතී සිටි රටවල මිනිස්සු ඒ රටවල අගමැතිට කතා කරන්නෙත් මුල් නමින්. තුමාලා නැහැ. කිසියම් රටක "තුමාල" ඉන්නවා කියන්නේ අපි වහල්ලු කියන එකයි.
WarnakulasuriyaMonday, 11 November 2019 05:26 AM
මේ මොහොතේ පවතින දේශපාලන තත්ත්වය ගැන ඔබේ අදහස ඉතා අගය කළ යුතුයි.
සුජිත් කුමාරසිරි Monday, 11 November 2019 03:22 AM
අනිත් අයට අභියෝග කිරීමට පෙර අපට පැහැදිලි කරන්න ඔබලා ජයගෙන ජනපති වුනොත් ආණ්ඩුව කරන විදිය... ඔබගේ ආණ්ඩුවෙත් අගමැති රනිල්මද? ඔබලගේ ආණ්ඩුව පත්කරන්නේ කෙසේද යනවග? කාගේ හරි කොන්ත්‍රාත්තුවක් අරගෙන රටේ ජනයාගේ මුදල් සහ කාලය නාස්තිකිරීමක් තමයි මෙයා කරන්නේ.
NissankaMonday, 11 November 2019 04:27 AM
සුජිත් කුමාරසිරි බලන්නේ පොහොට්ටුවට කඩේ යන චැනල් දෙකේ නිවුස් විතරයි වගේ... ජාතික ජන බලවේගය තමයි ඉතාමත් සවිස්තරාත්මක යතාර්ථවාදී වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙන්නේ... ඒ වැඩපිළිවෙල හැදුවේ විශ්ව විද්‍යාල ආචාර්යවරු දෙසීයදෙනෙක් ඇතුළු විද්වත් කමිටුවක්... පිටු 112ක් තියෙනවා. පුළුවන්නම් හොයාගෙන කියවන්න.
සුජිත් කුමාරසිරිMonday, 11 November 2019 05:56 AM
ඒක තමයි මම ඇහැව්වේ ඔය කියන කරන කෙරුම් ක්‍රියාත්මක කරන්නේ රනිල්ගේ අගමැතිකම සහිත ආණ්ඩුවත් එක්කද නැත්තම් ආණ්ඩුවක් හදාගන්නේ කොහොමද කියලා.. ඒක ඇහුවම කඩේ යන කතාවක් දාලා තියෙන්නේ නිශ්ශංකටත් කොන්ත්‍රාත්තුවේ කොටස් හිමිනිසා වෙන්න ඕනෑ..
NissankaMonday, 11 November 2019 06:57 AM
සටන බලන්න. ඔය ප්‍රශ්නයට අනුර උත්තර දී තිබෙනවා...
සුජිත් කුමාරසිරිMonday, 11 November 2019 09:14 AM
වැරදිලාවත් බලයට පත් වුනොත් හැම දෙයකටම සටන බලන්න වෙයි වගේ.. මොකද කොහොමත් හැම වැඩක්ම කලේ පෝස්ටර් වලින්ම විතරයිනේ..
Warnakulasuriya Monday, 11 November 2019 05:40 AM
තමන්ගේ අදහසට තමන්ම ලකුණු දමාගන්නා ජනතාවක් ඉන්න රටකි ශ්‍රී ලංකාව...
දේශප්‍රිය Monday, 11 November 2019 05:46 AM
ඔව් කුමාරසිරි, මේ රටේ අවුරුදු 71ක අඳුරු දූෂිත යුගය නිමා කරලා රට නිවැරදි මගට ගන්න ප්‍රාර්ථනා කරන සුවහසක් ජනතාවගේ අපේක්ෂාවේ කොන්ත්‍රාත් එක තමයි අනුර බාර අරගෙන තියෙන්නේ. අපිට විශ්වාසයි අනුර සහෝදරයා ඒ කොන්ත්‍රාත් එක සාර්ථකව ඉටුකරනවා කියලයි.
සුජිත් කුමාරසිරිMonday, 11 November 2019 09:18 AM
මරු කෙනා බාර අරගෙන තියෙන්නේ.. සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතාට අරලියගහ මන්දිරයේදී තර්ජනය කළානේ...
susil Monday, 11 November 2019 03:26 AM
මෙයත් එක්ක විවාද කරලා වැඩක් නෑ. කාලේ අපරාදෙ මෙයා පරදිනවා... හැබැයි හොඳ මනුස්සයා...
VikalpaMonday, 11 November 2019 04:14 AM
දිනන පරදින එක ගැන නෙවෙයි වඩා සුදුසු පුද්ගලයා වෙනුවෙන් පෙනී ඉන්න සුසිල්. ඔබම කියනවා අනුර හොඳ මනුස්සයා කියලා. ඒ නිසා හොඳ මනුස්සයෙක් රටේ ජනාධිපති කරගන්න තිබෙන අවස්ථාව මඟහැරගන්න එපා...
Amila Monday, 11 November 2019 03:26 AM
ඇමරිකන් ගෝඨාභය නම් ඕවට එන්නේ නෑ. අනික ඉතින් ඒ මනුස්සයට වචන පැටලෙනවා. අමතක වෙනවා, කියන්න යන එක නෙමේ කියවෙන්නේ, අම්බානකට තරහා යනවා. පේන්නෙත් අඩුවෙන් සහ අපේ දොස්තරලාට හොඳ කරන්න බැරි ලෙඩ හැදිලා තියෙනවා. තාම ඉතින් ඒවට බෙහෙතුත් පිටරටින් ගන්නේ... අනික ඉතින් හැත්තෑව පැනලා නිසා ඔය වාද කරන්න ගිහින් පණ ගියොත් එහෙම ඇමරිකාව මෙතන යකා නටයි. එයාලගේ පුරවැසියෙක් නිසා... ඔක්කොම ඇමරිකන් ප්ලෑන් වතුරෙනේ... එයාට මොනවා හරි වුණොත්..
ChandiMonday, 11 November 2019 04:05 AM
අමිල මල්ලියේ මේකත් මතකේ තියාගන්න.18න් පස්සේ ඔබට එයාව අමතන්න වෙන්නේ ජනාධිපති ගෝඨාභය කියලා.
ශ්‍රීMonday, 11 November 2019 12:25 PM
දුෂ්ඨ පාලකයන් බිහි වෙන්නෙ ඔඹ වැනි අදූරදර්ශී ජනතා පිළිලයන්ගෙනි
Vajira Monday, 11 November 2019 03:45 AM
පොළවේ පය ගහලා දේශපාලනය කරන අවුරුදු විසි ගණනක් කිසිම පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් නොතකා රට වෙනුවෙන්, දුක් විඳින මිනිස්සු වෙනුවෙන් සටන් කරන ජවිපෙ සමග පෙළ ගැසෙමු... මිත්‍රවරුනි... සැබෑ විකල්පය වන ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට මෙවර ඔබේ සහයෝගය දෙන්න...
joseph Monday, 11 November 2019 03:47 AM
අල්ලපු ගෙදර මිනිස්සු පාස්කු බෝම්බෙන් මැරිලා තියෙද්දී අපි කොහොමද අන්තවාදීන් තියන් ඉන්න අයට ඡන්දෙ දෙන්නේ .
Feranado Monday, 11 November 2019 03:51 AM
එක්කෙනෙක් කට අරින්න බයයි. අනිත් එක්කෙනා කට ඇරියම ඇතුල හිස් කියලා පේනවා. අපේ රටේ ස්වාධීන යයි කියාගන්නා ජනමාධ්‍ය පුලුවන්නම් මේ තිදෙනා අතර සංවාදයක් සුදානම් කරන්න. අනුරගේ හැකියාව උගත්කම කැපවීම රටට දැකගන්න අවස්තාව ලැබෙයි.
ගල් බමුණා Monday, 11 November 2019 03:55 AM
සජිත් ජනාධිපති වෙනවා ඉවසන්න පුළුවන්. එත් ආර්යා කෝලම තමා එපා වෙන්නේ. ගෝඨා ජනාධිපති වෙනවා ඉවසන්න පුළුවන්. විමල්, ගම්මන්පිල ඇමතිකම් ගන්න එක තමා ඉවසන්න බැරි. ඒ නිසා අනුර කුමාරට දීලා දානවා.
Nissanka Monday, 11 November 2019 03:57 AM
2015 රාජපක්ෂ පාලනය ගෙදර යවපු හැට දෙලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාවන් පාවා දුන්නා. ඔවුන්ගේ පන්තිය ආරක්ෂා කළා. නැවත එසේ නොවීමටනම් විකල්ප ජන බලයක් දිනවිය යුතුමයි. මෙවර අපේ සහයෝගය අනුර කුමාර දිසානායක සහෝදරයා දිනවීමටයි.
ලක්මාලී Monday, 11 November 2019 03:58 AM
නෑ නෑ මම එන්නෙ නෑ ගෝඨා එනවනම් මමත් එනව කියලා සජිත් කියාවි.
Dr. Vajira Fernando Monday, 11 November 2019 04:01 AM
ඇත්තටම බැලුවොත් පොහොට්ටුවට ඉදිරිපත් කළේ දුර්වලම අපේක්ෂකයා. ගෝඨාභයට සුළු ජාතික ඡන්ද දිනාගන්න නොහැකි වීම පමණක් නොවේ.. සෞඛ්‍ය තත්වය අතිනුත් ඔහු දුර්වලයි. පිරිසක් සමග සාමූහිකව වැඩ කිරීම අතිනුත්, අන්‍යයින්ට ඇහුම්කන්දීම අතිනුත්, ප්‍රකාශකයෙක් වශයෙනුත් ඔහුගේ දුර්වලකම් දැන් හැමෝටම පේන්න තියෙනවා. සජිත් ඉදිරිපත් වීමත් සමග යුඑන්පී යට උගත්, බුද්ධිමත් ජනතාවගේ ඡන්දය අහිමි වෙලා...
මාවිල්මඩ වජිර හිමි Monday, 11 November 2019 04:04 AM
ඔබ ප්‍රාර්ථනා කරන ශිෂ්ඨ සම්පන්න දේශයක් ස්ථාපිත කිරීමට නම් ඔබ කළ යුත්තේ උගත්, බුද්ධිමත් සිවිල් සමාජය සමග එක්වී නිවැරදි දැක්මක් හා වැඩපිළිවෙලක් ඇති ජාතික ජන බලවේගයයි. ඉතිහාසයේ පලවෙනි වතාවට දේශීය විශ්ව විද්‍යාලයක උපාධිදාරියෙක් ජනාධිපති ධුරයට පත්කර ගන්න අපිට අවස්ථාවක ඇවිත් තියෙනවා.
Warnakulasuriya Monday, 11 November 2019 09:45 AM
මේ මොහොතේ අපි වැඳ නමස්කාර කරමු.
මුණසිංහ Monday, 11 November 2019 04:11 AM
සජිත්-ගෝඨා ඕනෑ නැහැ. පුලුවන්නම් අපිත් එක්ක විවාදයකට එන්න. හැබැයි කලින් ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ නැහැ.
NissankaMonday, 11 November 2019 04:40 AM
ඔයාට වඩා මිනිස්සු ආවා. ඒ ආපු අයම තමයි ඇනගත්තේ... වැඩිය එපා මීට සති කිහිපයකට කලින් පොහොට්ටුවට කඩේ යන පෞද්ගලික රුපවාහිනී නාලිකාවක නිවේදකයන් තුන් දෙනෙක් එකතු වෙලා අනුරව වට කරගෙන ප්‍රශ්න ඇහුවා. එ්ත් අනුරව වට්ටන්න බැරිවුණා. අනුරට ගහන්න ගහන්න අනුරගේ විශිෂ්ඨ බව එළිවෙනවා...
මුණසිංහMonday, 11 November 2019 05:31 AM
ඔයා දන්නවද අලියා වට්ටන්න මී මැස්සෙකුට පුඵවන් කියලා... අනුරලාගේත් පක්ෂයේත් වතගොත අපි හොඳට දන්නවා. දේශපාලනයට ආපු දවසේ ඉඳලා... ප්‍රශ්න මුලින් දෙන්නේ නැහැ කිව්වේ ඒකයි! අවු 50ක පරණ පක්ෂයක්..!
Janaka Monday, 11 November 2019 04:27 AM
ගෝඨාභයට මොන වාදද?
amaraMonday, 11 November 2019 05:11 AM
අවවාද තමයි අවශ්‍ය අයියාගෙන්...!!!
shewani Monday, 11 November 2019 04:46 AM
අනුර හොඳ මනුස්සයා... ඒ නිසා හොඳ මනුස්සයෙක් රටේ ජනාධිපති කරගන්න තිබෙන අවස්ථාව මඟහැරගන්න එපා...
ටිවුලින් Monday, 11 November 2019 10:55 AM
පුංචි අම්මත් මට ඕක කිව්වා...
ශ්‍රීMonday, 11 November 2019 12:30 PM
දහස් ගණන් මිනිස්සුන්ගේ ආදරේ දිනාගත්ත මිනිහෙකුට පෞද්ගලිකව අපහාස කරන්නේ නිවටයන් පමණි.
Nimal Monday, 11 November 2019 04:50 AM
ඔයගොල්ලෝ බොහෝ කාලයක් වාද විවාද කළා.. නමුත් මහජනතාව හැටියට අපිට සිදුවුණු සෙතක් නැහැ සහෝදරයා. ඔබගේ විවාද බලමින් අපි දෙපැත්තකට වෙලා ඔබලාට හුරේ දැම්මා මෙතෙක් කාලයක්... නමුත් අපිට ලැබුණු කෙන්ගෙඩියක් නැහැ. ඒ නිසයි පහුගිය දවස්වල ජනතාව මොරදුන්නේ 225ම එපා කියලා. දවසින් දවස රට අගාධයට ගියා පමණයි.
SL Monday, 11 November 2019 05:26 AM
ඊයේ සටන බැලුවානම් හිතාගන්න පුළුවන් අනුරගේ වැඩ.. හරිම පැහැදිලියි. ප්‍රශ්න නිරවුල්... ඇත්තටම හොඳ නායකයෙක් වෙයි.
Raveendra Monday, 11 November 2019 05:29 AM
අපගේ අදහස් වලට වැඩිදෙනෙකු එකඟ නොවෙනු ඇත. අපගේ දෙමාපියන්ටද පින් අනුමෝදම් කරනු ඇත. නමුත් අප මෙය මේ රතු මලයාගෙන් ඇසිය යුතුමයි. අනුර මල්ලියේ "ඔහේ මෙතෙක් කල් කළ, කී දේවල් " එක එකාට හේත්තුවෙලා බලය ගන්න කළ මගෝඩින්ස් වැඩ ගැන, අන්තරේ ඉන්න ඔහෙලගේ කට්ටිය පඹයින් ලෙස නටවපු සහ නටවමින් අහිංසක පුරවැසියාගේ එදිනෙදා කටයුතු වලට අනේකවිධ බාධා ඇති කිරීම ගැන, ඔහේගේ හිතට එකඟව අවංකව කලේද යන්න තමන්ගේ යටිහිතින්ම පළමුව විවාදකර තර්ක කර දිනලා එන්නකෝ... මේ අනිත් "හිවලුන්" සමග විවාදෙට කතා කරනවට වඩා මොකද අපට ඔහේව පේන්නේ නියම "සටකපට නරියකු" ලෙස තේරුණාද..?
සේන Monday, 11 November 2019 05:32 AM
දන්නා කාලේ ඉඳන්ම කළේ කතා කරකර ඉන්න එක නොවැ. එහෙම කරලා රටක් ගොඩගන්න පුලුවන් නම් දැන් අපේ රට ගොඩ. කටින් බතල කොළ හිටුවන්න රුසියෝ...
NissankaMonday, 11 November 2019 05:56 AM
අනුර කෘෂිකර්ම ඇමතිකම කළ මාස 14 දී කරපු දේවල් ගැන හොයලා බලන්න. ඒ අමාත්‍යාංශවල හිටපු ලේඛම්ලාගෙන් අහගන්න පුළුවන් අනුර කුමාර කෘෂිකර්ම ඇමති වූ කාලේ තමයි ලංකා ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න ගත්තේ. පොහොර සහනාධාරය දීලා පුරන් කුඹුරු ආපහු වගා කළේ. හැමදාම පාඩුලබපු මිල්කෝ ආයතනය වාර්තාගත ලාභයක් ලැබුවේ. රට පුරා කිරි ගොවි ගම්මාන හදලා මිලකෝ එකේ ලාභයෙන් ඒ කිරි ගොවීන්ට පාරිතෝෂික දීමනා දුන්නා. ජවිපෙ රටට වැඩ කරලා පෙන්නලා තියෙනවා. සුනාමිය ආපු වෙලාවේ විපතට පත් වුණු මිනිසුන්ට උදව් කරලා ඒ පළාත් පිරිසිදු කරලා ගොඩ ගත්තේ ජවිපෙ... දවස් 52 කින් විනාශ වුණු දුම්රිය මාර්ගය අලුත්වැඩියා කළේ ජවිපෙ වෘත්තීය සමිති. අදටත් ගංවතුරක් ආවොත් ගිහින් ඒ මිනිසුන්ට උදව් කරන්නේ ජවිපෙ. ඒ මිනිස්සු ජවිපෙට කලගුණ සලකන්න කාලේ ඇවිත්...
Ajith Nissanka Monday, 11 November 2019 06:30 AM
සජිත් කොහොම වෙතත් ගෝඨාභය කොහොමටත් ඔය විවාදයට එන්නේ නැහැ..
ChandiMonday, 11 November 2019 07:56 AM
ඔව් ඉතින් තව ටික දවසකින් රටම බාරගන්න එපැයි. වාද කර කර ඉන්න වෙලාවක් නැතිව ඇති..
Ranga Monday, 11 November 2019 07:37 AM
ඔබ අප සියලු දෙනාම මීට පෙර ජනාධිපතිවරණවලදී ඡන්දය දුන් අපේක්ෂකයන් බොහෝවිට ජයග්‍රහණය කරන්නට ඇත. ඊට පෙර අවස්ථාවෙදීද ජයගන්නට ඇත. ඊටත් පෙර අවස්ථාවන් බොහෝමයකදී ඔබ කැමති අපේක්ෂකයන් ජයගන්නට ඇත. නමුත් අදටත් ඔබ හෝ රට දිනා නැති බවට ඔබ සියලු දෙනාම ඵකඟ වනු ඇතැයි මා විශ්වාස කරමි. අප සියලු දෙනාම රට වෙනස් විය යුතු බව පිළිගනියි. අප වෙනස් වන තාක් මෙම රට වෙනස් නොවන බව මාගේ අදහසයි...
රාජුන් Monday, 11 November 2019 08:18 AM
මොකටද දිනන පැත්තට හෝයියා කියන්නේ? නිසැකවම අපේ ගෙදර ඡන්ද අටම ජේවීපී එකට...
nimaza Monday, 11 November 2019 08:50 AM
ලංකා ඉතිහාසයේ JVP භුමිකාව 1970 සිරිමාවෝගේ පාලනයකට ඔවුන් කැමැති වෙන්නේ... පසුව සමගි රජය බලෙන් ගන්න. නමුත් මැතිණිය අම්මා කෙනෙක් ලෙස ඉතා හොඳින් අර්බුදය විසඳුවා.. නමුත් JVP වරද්ද ගත්තා. 1994 චන්ද්‍රිකාට සහාය දෙන්නෙත් එයත් දුර්වල පාලිකාවක් කරගෙන කටයුතු කරන්න. එතැනත් වැරදුණා. එයට පස්සේ මහින්දට සහාය දෙන්නෙත් එයාද ජාත්‍යන්තරව හුදෙකලා පුද්ගලයා කියලා. පස්සේ මංගල සමග එකතුව මහින්දට විරුද්ධව SF සටනට ගෙන එන්නෙත් ඔවුන්. යලිත් 2015 සිරිසේන මහතාට සහාය දෙන්නෙත් එයා ද දුර්වල පාලකයෙක් වෙයි කියල හිතාගෙන... එය සිදුවූයෙත් නෑ. 70 දශකයේ ස්වදේශවාදී දැඩි අරගලකාරයින් 2000ට පසු කාලවල කොහේ යනවද කියලා හිතාගන්නවත් බෑ. අලුත්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්‍යාගමිකයන් වෙලා. පසුකාලීන එකමුතුවකට ප්‍රතිපත්ති සමකරගෙන... මෙම කණ්ඩායම නිවැරදිව ඉතිහාසය තුළ කටයුතු කළා නම් අද රට ඔවුන් අතේය...
isurandi Monday, 11 November 2019 09:48 AM
අලුත් විකල්පයක් කියන්නේ අනුර, මහේෂ් වැනි එකී නොකී අලුතින් බිහිවෙන අපේක්ෂයන්ටත් අවස්ථාවක් දී බලන එකනේ... මොකද නිල්, කොළම විතරක් මේ රට කළයුතුයි කියලා සම්මතයක් නැහැනේ තවම...
sampath Monday, 11 November 2019 10:01 AM
වැඩ කරන්න පිටියක් නොවෙයි... සමහරු කතාවට දක්ෂයි.., වැඩට දක්ෂ නෑ.. සමහරු වැඩට දක්ෂයි කතාවට දක්ෂ නෑ.. සමහරුන්ට දෙකම බෑ... ජනතාව වෙලාවට වැඩේ කිරීමෙන් හානියක් කළ උපරිමයෙන් වැඩ කළ කෙනා තොරා ගනීවි.. මොකද ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනා මීට කලින් තනතුරු දැරුවා. තීරණය කරන්නේ ජනතාවයි. ඒ නිසා බොරුවට කාලය කන්න ඕනේ නැහැ.
Chandi Monday, 11 November 2019 10:27 AM
මේ මොළ ගෙඩිවලට තේරෙන්නේ නැති හැටි. මේක වාද කර කර ඉන්නවත්, කතා කර කර ඉන්න වෙලාවක් වත් නෙවෙයි. දැන් රට වැසියා තීරණය කරලා ඉවරයි. බලමු 18 මොකද වෙන්නේ කියලා....
Bamunuarachchi Tuesday, 12 November 2019 08:24 AM
විකාර දොඩවන්න එපා. ඔහෙලත් එක්ක වාද කර කර ඉන්න කොහොමත් සජිත්ට වෙලාවක් නැහැ. රෑටත් මිනිස්සු නිදිද කියලා බලන්න යන්න තිබෙනවා.