(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම එකට රැස්කරන්නැයි ඉල්ලන ලිපියකට අත්සන් ගැනීම සඳහා තමාටත් ආරාධනා ලැබුණු බවත්, කොළ කෑල්ලකට අත්සන් කිරීමට පුත්තලමේ සිට එන්නේ කුමටදැයි තමා විමසූ බවත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී අද(21) පැවැසීය.
එවැනි ඉල්ලීමක් සඳහා අත්සන් කරන සංඛ්‍යාව වැදගත් නැති බව කී රංගෙ බණ්ඩාර මහතා එක් මන්ත්‍රීවරයෙක් අත්සන් කර හෝ නොකර ඉල්ලීමක් ඉදිරිපත් කළත්, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවශ්‍ය පියවර ගනු ඇති බවද සඳන් කළේය.
ඒ අනුව සුදුසු පරිදි මන්ත්‍රී කණ්ඩායම සහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකවර රැස්කිරීමට අගමැතිවරයා කටයුතු කරනු ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රංගෙ බණ්ඩාර මහතා කීය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවැසුවේ අදාළ ලිපියට තමා අත්සන් කළ අතර, එලෙස අත්සන් කළේ පක්ෂයේ අවශ්‍යතාවය මත බවයි. ඇතැම් මාධ්‍ය මේ ලිපිය වෙනත් අවශ්‍යතාවයක් සඳහා උලුප්පා දක්වන්නට උත්සාහ කරමින් සිටින බව කී මන්ත්‍රීවරය එවැනි දෑ කළහොත් තම අත්සන ඕනෑම මොහොතක ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන බවද පැවැසීය.
තමාගේ නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වන හෙයින් සෑමවිටම පක්ෂ විනයට යටත්ව කටයුතු කරන බවත්, අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය තීරණ ගැනීමට පක්ෂ නායකත්වය ස්වාධීන අයිතිය දී තිබෙන බවත් ආශු මාරසිංහ මහතා කීය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මේ අදහස් පළ කළහ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
ඔව් මොන අත්සන් කිරිල්ලක්ද? ඔන්න ඔහේ අල්ලලා දාලා ගෙදරට වෙලා පෙරෝගෙන නිදිය ගන්නවා.
ගල් බාගයක් ගහලම නිදාගත්තොත් හොඳයි නේද?
පුත්තලම් බූරුවන් කවද්ද කොළඹ ගියේ...?
පක්ෂ නායකයට හා පක්ෂයේ විනය ගරුකිරීම සෑම පාක්ෂිකයෙකුගේම පරම යුතුකම මෙන්ම සදාචාරසම්පන්න මෙන්ම බුද්ධිසම්පන්න බවයි. එසේ නොකර හිතුමතේ ක්‍රියාකර තම බලය පෙන්නන්න යන්නේ මහා මෝඩයෙකි. එවැන්නෙකුට සහය පලකරන්නේද එවැනිම මෝඩ රැලකි. රංගේබණ්ඩාර මහතාණෙනි, ඒ අනුව බලන කල ඔබ විශිෂ්ඨයි.
ආයෙත් වතාවක් "රංගෙද?" කියලා අහන්න පටන් අරගෙන කියලයි අපට නම් ආරංචි...
අනේ අම්මේ.. පුදුම භක්තියක්නේ.. කවුරු වෙනුවෙන්ද? රට සහ ජනතාව වෙනුවෙන් කියලද කියන්නේ? ඔව්වා කියන්න ගිහින් කොන්ඩේ බැදපු චීනෙකුට.. අපිට හිනා වෙන්න තැනක් නැතුව හොයනවා..
පුත්තලමේ ඉස්කෝලවල ඉන්නේ ඉතාම අසරණ දරුවෝ. මේ දරුවෝ ගුරුවරු ටැබ් පරිගණක අන්තර්ජාල පහසුකම් ඉල්ලන්නේ නැනේ . මේ දරුවන්ට ඕනේ පිරිසිදු පානීය ජලය සහ වැසිකිළි පහසුකම් . මුදල් නැතිනම් පින් පෙට්ටි ටිකක් අරගෙන ගිහින් හරි මේ ටික කරලා දෙන්න . බලන්නකෝ ඔය කොළඹ ඉන්න දේශපාලනේ කරන අය. සුපිරි වාහන වලින් බැහැලා ඔහේ කියවනවා . නැතිනම් අර පොඩි දරුවන්ට දෙන චිත්ත වේදනාව දුක නිසා අපි ඔක්කොම හතර මහා නරකාදියට වැටිලා දුක් විදීනේ . තනිවම මේ ගැන හිතන්නකෝ . අපිත් පුළුවන් විදිහට අප්‍රසිද්ධව යම් යම් දේ කරනවා . නමුත් ඒවා පැලැස්තර පමණයි .