(අංජුල මහික වීරරත්න)
කොළඹ වරායේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම අයුරින් ඉටුකිරීම සඳහා නියමු යාත්‍රා දෙකක් අලුතින් මිලදී ගන්නා බව වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
ඇමරිකානු ඩොලර් මිලියන 3.12ක් මේ සඳහා වැයකිරීමට නියමිත බවත් කැබිනට් මණ්ඩලයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ කොළඹ ඩොක්යාඩ් සමාගම යාත්‍රා සැපයීම කරන බවත් අමාත්‍යවරයා කීය.
මාස 10ක් ඇතුළත අදාළ යාත්‍රා නිෂ්පාදනය කර කොළඹ වරායට භාරදිය යුතු බව දන්වා ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
කොළඹ වරාය සතුව දැනට නියමු දියත් යාත්‍රා 4ක් ඇති අතර ඒවා අවසන් වරට අලුත්වැඩියා කර ඇත්තේ 2007 වසරේදී බව අමාත්‍යංශය සඳහන් කරයි.
නව නියමු යාත්‍රා දෙක කොළඹ වරායට ලැබීමත් සමඟ නවීන නෞකා වඩාත් ඉක්මණින් හැසිරවීමේ හැකියාව කොළඹ වරායට ලැබෙන බවද අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි යාත්‍රා ගැනීමට තරම් මෙතුමා මෙතරම් පොහොසත් බව මා දන සිටියේ නැහැ.
කොහොම උනත් ලංකාවේනේ යාත්‍රා නිෂ්පාදනය කරන්නේ. අපේ කොල්ලන්ට කෙල්ලන්ට කියක් හරි හම්බවෙයි. නැතිනම් ඉතින් පිටරටට ආයුබෝවේවා තමයි.
කැබිනට් අනුමැතිය නොලැබෙන කිසිම අපනයන යෝජනාවක් නොමැත. අනුමැතිය නොලැබෙනවා නම් ඇමැතිකමින් වැඩක් තිබෙනවාද? කීයක් හරි හොයාගන්නේ කොහොමද?
අපි අලියා බෝට්ටු කියන්නේ මෙවට නේද? මේ බෝට්ටු මගින් වරය තුළ නැව් හරවනවා මම දැක තිබෙනවා.