(ඩී. ජී. සුගතපාල සහ සුසිල් ප්‍රියන්ත)
කරන්දෙණිය 6 කණුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ මිහිඳු පෙරහැරේ ගමන් කරමින් සිටි අලියකු අද (24) අලුයම කුලප්පු වී ඇත් ගොව්වා මරා දමා තිබේ.
මියගිය ඇත් ගොව්වා අම්බලන්තොට රිදියගම පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.
පෙරහැරේ වීදි සංචාරය කරමින් සිටි අලියා කුලප්පුවී ඇත් ගොව්වාව පොළවේ ගසා මරා දමා ඇත.
අලියා අසළ නිවාස කිහිපයකට ද හානි කර ඇත.
පසුව පශු වෛද්‍යවරයා පැමිණ අලියා නිර්වින්දනය කර ඇත.
ඇත් ගොව්වාගේ මළ සිරුර බොරකන්ද රෝහලේ තැන්පත් කර තිබේ.
(ඡායාරූප - සුසිල් ප්‍රියන්ත)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කුලප්පු වූ අලියා ඇත්ගොව්වා මරා දමයි
Karthini Monday, 24 December 2018 04:47 AM
අලියා අයිති කැලේට!
N D Ranasinghe Monday, 24 December 2018 05:02 AM
තවමත් මේ අහිංසක සත්තුන්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැති හැටි.
tarzan Monday, 24 December 2018 05:04 AM
ඕකම වෙන ආගමක උත්සවයකම වුනා නම් බලාගන්න තිබ්බා.
රුවන් Monday, 24 December 2018 05:07 AM
සතෙක්ට ඉන්න දෙන්නේ නැති මිනිස්සු.
rocky Monday, 24 December 2018 05:41 AM
පෙරහැරවල් වලට මොකටද අලි ඇතුන්? මේවත් හොඳ පාඩම්, අපේ මෝඩ අලින්ට!
ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 24 December 2018 06:49 AM
මේ අපේ අය අලියාට ඉන්න දෙන්නේ නැහැ නේ කැලේට වෙලා
hilaa ali Monday, 24 December 2018 11:10 AM
අලි කුලප්පු උනොතින් සේරම කපෝති.
lakmal Monday, 24 December 2018 11:20 AM
පෙරහැර කියන්නේ අපේ සංස්කෘතියේ කොටසක්. මෙතන කොමෙන්ට් දාල තියන ගොඩක් කළු සුද්දෝ දන්නේ නැතුව ඇති අශ්ව රේස් හින්ද දවසකට අශ්වයෝ සිය ගණනක් මරා දමන බව. අශ්වයාගේ ශක්තිය අඩු උන ගමන් කරන්නේ උව මරා දමන එක. මෙතන අලියව කරුණාවෙන් බලා ගන්නවා විතරක් නෙමෙයි , මැරුණම පිරිත් කියලා දානෙකුත් දෙනවා. හැම තිස්සෙම තමන්ගේ දේ පහත් කරලා සුද්දෝ පස්සේ යන ජාතියකට හැම දාම වෙන්නේ වහල්ලු වගේ ජීවත් වෙන්න.
raviTuesday, 25 December 2018 07:58 AM
" බෙල්ලන්විල හාමුදුරුවෝ" ප්‍රකාශ කළේත් , ලක්මාල් වගේ තමයි ... අන්තිමට පන්සලේ ඉන්න හස්තිරාජයා තමයි බෞද්ධකම සහ අවිහිංසාවාදී ජීවිතය ගැන පහදලා දුන්නේ.. !
SenarathTuesday, 25 December 2018 08:38 AM
මේ සතා කැලේ හිටියනම් මෙලහකටත් මැරිලා. අපේ රටේ සත්ව කරුණාව දන්නා මිනිස්සු හිටියට නොදන්නා සුලු කොටස ඇති අලි වනසන්න, අලි කෙදි ගන්නත් අලිය මරනවා. දවසකට අලි, ඇත්තු කියක් මැරෙනවාද ?
rocky Monday, 24 December 2018 11:54 AM
lakmal : නිකම් ඔබේ දෘෂ්ටි කෝණයෙන් කුහක ලෙස බලන්නේ ඇයි? අලි ඇතුන්ව මොකටද මිනිසුන්ගේ සංස්කෘතියට හැඩ ගස්වා ගන්නේ ? අයිතියක් තියනවද එහෙම කරන්න.? සතුන්ට අයිතියක් තියනවා උන්ගේ පාඩුවේ ජීවත් වෙන්න.
RoshanMonday, 24 December 2018 12:39 PM
එහෙනං ගෙවල් වල බල්ලෝ ඇති කරන එකත් වැරදියි. මෝඩ කතා කියන්න එපා.
chinthaka Monday, 24 December 2018 03:26 PM
ලක්මාල්, ඔව්වා ගණන් ගන්න එපා, රටේ මෙච්චර අහිංසක මිනිස්සු නිරපරාදේ දිනපතා මරනවා, එතකොට "දෙවැනි අම්මා" ලෙස හදුන්වන අහිංසක එලදෙන්නු සියකට වැඩි පිරිසක් උදේ පාන්දරම දස වද දීලා මරනවා, කුකුල්ලු ලක්ෂ ගානක් මරනවා, එව්වා පවුවත්, ගණන්ගත යුතු දේවල්වත් නොවී මේ අලි ගැන ඇතිවෙලා තියන අමුතු "සත්ව" කරුණාව මොකටද? කාටද? කියලා හිතාගත්ත හැකිනේ
රාජුන් Monday, 24 December 2018 07:46 PM
සංස්කෘතිය ගැන පාරම් බබා කරන අවිද්‍යාත්මක ඇදහිලි, පුරුදු, විශ්වාස අතහැර දාන්න කාලය තාමත් පැමිණ නැද්ද? අලි ඇත්තු පෙරහැරවල ගෙනයෑම අපේ සංස්කෘතියේ අංගයක් නෙවෙයි. එය අපට ආවේ ඉන්දියාවෙන්.