IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කිරි ගොවියන්ට සුභ ආරංචියක්

 

(අංජුල මහික වීරරත්න)

දියර කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමේ පියවරක් ලෙස ලබන වසරේ  කිරි ගොවියන් 3000ක් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ආධාර හා ද්‍රව්‍ය ආධාර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙම වැඩසටහනට මධ්‍යම පළාතේ කිරි ගොවියන් 1181ක් ද, වයඹ පළාතෙන් 513ක්, උතුරුමැද පළාතෙන් 442ක්, ඌව පළාතෙන් 816ක්, රත්නපුර දිස්ත්‍රික්ක⁣යෙන් 40ක් හා මුලතිව් කිරි ගොවියන් 8ක් වශයෙන් කිරි ගොවියන් 3000 තෝරා ගෙන තිබේ.

මිල්කෝ ආයතනය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ යටතේ එක් කිරි ගවයකුගේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් දෙකකින් ඉහළ නැංවීමට අපේක්ෂිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

මේ අතර තරුණ කිරි ගොවියන් දහසක් තෝරා ගෙන ඔවුන්ගේ කිරි ව්‍යාපෘති යෝජනා අනුව රුපියල් ලක්ෂ පහක් දක්වා ණය මුදල් ලබා දීමටත්, එම ණය මුදල් යොදා ගෙන සාර්ථකව  කිරි ගව පාලනය සිදුකරන තරුණ කිරි ගොවි ව්‍යවසායකයින්ට තම ව්‍යාපාරය දියුණු කර ගැනිමට මූල්‍ය ප්‍රදානයක් සිදු කිරීමටත් අපේක්ෂිත බව වතු හිමියන්ගේ කෘෂි ව්‍යපාර හවුල්කාරිත්ව  ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී සඳහන් කළාය.



අදහස් (0)

කිරි ගොවියන්ට සුභ ආරංචියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site