IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


‘කොරෝනා සුවකරන්න වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගන්න’

(නාලක සංජීව දහනායක)
 
කොරෝනා වයිරසය ආසාධිත රෝගීන් සුව කිරීමට සමත් බටහිර හා දේශීය වෛද්‍ය ක‍්‍රම පිළිබඳව ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් කැඳවා තොරතුරු ලබාගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.
 
එමෙන්ම වූහාන් නගරයේ සිට පැමිණෙන සියලූම සිසුන්ට අවශ්‍ය පහසුකම් උපරිමයෙන් ලබාදී ඔවුන් රැකබලා ගන්නා ලෙසද ජනාධිපතිවරයා කීය.
 
සෞඛ්‍ය, විදේශ සබඳතා සංචාරක සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවේ කොරෝනා රෝග පරීක්‍ෂණය සඳහා රෝහලවල පහසුකම් හැකි උපරිමයෙන්ම පුළුල් කරන ලෙසය.
 
මෙම වෛරසය පැතිරයෑම වැළැක්වීමටත්, චීනයේ සිසුන් මෙරටට රැගෙන ඒමටත් විශේෂඥ කමිටුව ගනු ලැබූ ක‍්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටි අතර වත්මන් තත්ත්වයට මුහුණදෙමින් සංචාරක කර්මාන්තය ආරක්‍ෂා කරගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡා කළහ.
 
මෙම සාකච්ඡාව සදහා චමල් රාජපක්‍ෂ, බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, පවිත‍්‍රා වන්නිආරච්චි යන අමාත්‍යවරුන්ද, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ගුවන් තොටුපළ සමාගමේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහත්වරු ඇතුලූ පිරිසක් සහභාගි වූහ.



අදහස් (0)

‘කොරෝනා සුවකරන්න වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගන්න’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 110 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 953 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2555 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site