IMG-LOGO

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා


කොරෝනාවෙන් මියයන අය ආදාහනය කිරීමට එරෙහිව පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කොරෝනා වයිරසය   ආසාදනය වී මරණයට පත්  වන්නන්ගේ  සිරුරු ආදාහනය  කළ යුතු බවට රෙගුලාසි  පනවමින්  නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ   මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

සමාජ  ක්‍රියාකාරි⁣කයෙකු වන එච්. ඩී. ඕෂල  ලක්මාල්  හේරත්  විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය  ඇමැතිනීතී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ, සෞඛ්‍ය  අමාත්‍යංශ ලේකම්  භද්‍රානී ජයවර්ධන ,සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

කොරෝනා  වසංගතයට ගොදුරු වී  මියගිය අයගේ  සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය  පිළිබඳ  සදහන් කරමින්  ඉකුත් අප්‍රේල් 11වැනිදා රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පෙත්සම්කරු කියා සිටී. එම ගැසට් නිවේදනයේ 61. ඒ දරන රෙගුලාසි යට අනුව  එම සිරුරු ආදාහනය කළ යුතු බවද පෙත්සම්කරු සිය පෙත්සමින් පෙන්වා දේ.

එහෙත්  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති  මාර්ගෝපදේශ  මාලාව  අනුව එම සිරුරු ආදාහනය  කිරීම හෝ මිහිදන් කිරීමට  හැකිය. එසේ තිබියදී  මෙරට සිදුවන  මරණ සම්බන්ධයෙන්  කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර  එම සිරුරු ආදාහනය කළ යුතු බව ට රෙගුලාසි  පැනවීම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්  බව පෙත්සම්කරු කියා සිටී.

එමගින්   මූලික අයිතිවාසිකම්  උල්ලංඝණය වන බවත් ,එබැවින් මෙම  රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය  ක්‍රියාත්මක කිරීම අත්හිටුවන    අතුරු  තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා සිටී.

නීතීඥ  ගෞරි සංගරී  තවරාසා  මහත්මිය මඟින් මෙම පෙත්සම ගොනු කර ඇත.



අදහස් (44)

කොරෝනාවෙන් මියයන අය ආදාහනය කිරීමට එරෙහිව පෙත්සමක්

Raveendra Sunday, 10 May 2020 03:28 PM

මොකක් හෝ මඩුවක් අටෝගෙන සමාජ ක්‍රියාකාරීන් ලෙස මේ කරන්නේ කාගේ කාගේත් කොන්ත්‍රාත් නොවේද? මිනිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණයට එරෙහිව මුලික අයිවාසිකම් කතාකරන මෙම වසුපැටියා තමන්ගෙන් තමන් උපන් රටට අවංකව සේවය කරේද? කරන්නේද? යන්න පළමුව සොයා බැලිය යුතුය. රටම මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත්තාවූ තීරණයක් කෙසේ තවත් කෙනෙකුගේ මුලික අයිතිවාසිකම් කඩවන්නේද? එසේ නොවන්නේද? යන්න බාලංශේ ඉගෙනුම ලබන ළදරුවෙකුට වුවත් හොදින් තේරෙන කරුණක් උවත් මේ කරන්නේ තම නම ප්‍රසිද්ධ කරගැනුම මෙන්ම ගානක් සොයාගනුමටය.

:       1124       1912

dilanMonday, 11 May 2020 07:42 AM

ඉතින් "ප්‍රේමදාස " තියරියට අනුව JVP එකේ ප්‍රශ්නේ 88/89 විසදුව වගේ, මේ සෙට් එකත් පණපිටින් ආදාහනය කරලා ප්‍රශ්නේ විසදමුකෝ...

:       72       105

නන්නාදුනන හාදයා Sunday, 10 May 2020 03:49 PM

එක්සත්ජාතීන්ගේ ශාකාවක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය කියන කියන හැම දේම පිළිපදින්න අපි කොහෙත්ම බැඳිලා නැහැ. මිනි වළලලා වයිරසය පැතිරිලා ගියෝතින් ඔය පණ්ඩිතයින් එකෙක්වත් එන්නේ නැහැ අපේ උදව්වට. අපිට මතකයිනේ කොටි යුද්ධය කාලේ ..කොටියාව බේරාගන්න ඔය කට්ටියම උත්සහ ගත්තා. හොඳ වෙලාවට සරත් ෆොන්සේකාගේ හමුදාව කොටියාව මරුවා. ඒවගේ කොරෝනා වලින් මරුන කෙනෙක් නම් ආදාහනය කිරීම රටේම සෞඛ්‍යයට හිතකරබව නොතේරෙන මේ පිස්සන්ට මොනවා කරන්නද..?

:       400       961

PrasadMonday, 11 May 2020 02:28 AM

සරත් ෆොන්සේකා යුද්ධ කරලා දිනුවා. එතකොට ඔය පොතුත් ලියලා තියෙන්නේ අයියයි, මල්ලියි.

:       57       45

chinthakaMonday, 11 May 2020 07:40 AM

සරත් කොහෙද යුද්ධ කරේ? ප්‍රභාකරන් මරා දාපු අන්තිම සටනේදී සරත් හිටියේ චිනේ, සැප ගනිමින්. ඒ කුහකකම පිරිමහ ගන්න තමයි යුද්ධේ දිනපු අපේ හමුදාව සුදු කොඩි නඩුවකට පැටලුවේ. අන්තිමට දේශපාලනේට කඩේ ගිහින් "වෙල් විදානේ" තනතුරක් ගත්තා.

:       70       172

Lakmal Monday, 11 May 2020 04:11 AM

සරත් ෆොන්සේකාගේ හමුදාවක් නැත. ඇත්තේ ශ්‍රී ලංකාවේ හමුදාවයි. කොටි පරාජය කරනවිට ශ්‍රී ලංකාවේ හමුදාපති නම් එතුමා.

:       7       251

JAYATH Sunday, 10 May 2020 03:56 PM

මේ වගේ චූන් කාරයෝ එදත් හිටිය, අදත් ඉන්නවා හෙටත් ඉඳීවි. අර සන්නස්ගල කිව්ව වගේ මේ වේලාවේ අල්ලට කොරන හැදිලා මලත් පුච්චන්න ඕන . මොකද අනිත් මිනිස්සු ටික බේරගන්න . අනික මේ රටේ දැන් වැඩ කෙරෙන්නේ ඔය එන් ජී ඕ කාක්කන්ට ඕන විදියට නෙමි...

:       322       1235

prasad Sunday, 10 May 2020 04:10 PM

මේ ලෝයර් තවරාසා තමයි හැංගිලා හිටපු රවී වෙනුවෙනුත් ඉදිරිපත් වුනේ... ලක්මාල් කියන්නේ එනජීඔ ද?දෙන්නම ගොඩක් ලංකාවට සේවය කරන මිනිස්සු වගෙයි පේන්නේ...

:       175       829

RaveendraSunday, 10 May 2020 05:18 PM

සරලවම හිතාගන්න පුළුවන් මෙ ගිණුම් පිලිබදව සොයා බැලුවොත් මහජනතාවගේ ජීවත්වීමේ අයිතියට සෞඛ්‍ය නිලධාරීන් නිර්දේශකල දෙයට විරුද්ධව මෙම අපතයාගේ මෑණියන්දාගේ වස්ත්‍රයේ මුලික අයිතිවාසිකම් ගැන කතාකරන්න තරම් මෝඩයෙක්නේ.

:       86       626

Samitha Senaka Aluthgamage. Sunday, 10 May 2020 04:20 PM

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්නේ සියල්ල දත් අය නොවේ. මේ වයිරසයට තවම බෙහෙත් සොයාගෙන නැහැ. වයිරස් සහිත මෘතදේහ වැළලීම කළහොත් වයිරස් ජලයට මුසුවීමට පුළුවන්. ඒ නිසා තමයි අධික උෂ්ණත්වයෙන් වයිරස් විනාශවීමට සිරුරු දවන්නේ. මේක වටහා ගන්න සමහර දෙනාට බැහැ. වයිරස් ජලයට මුසු උනොත් දෙවියන් ලඟට යන්නට වෙන්නේ කොරෝනාත් එක්කයි.

:       276       1343

Sapumal.Sunday, 10 May 2020 09:42 PM

කොරෝනා හැදිලා මැරිච්ච මිනිහෙක්ගේ මිනීවල තුළට දෙවියෙක් නම් එන්නේ නැහැ. කොරෝනා වයිරසයට මෙතෙක් බෙහෙත් සොයා නොගත් බව දෙවියා දන්නවා. ඒත්, සමහර මෝඩ අනුගාමිකයන් දන්නේ නැහැ.

:       0       0

මොහොමඩ් උවයිස් Monday, 11 May 2020 08:10 AM

වතුරේ වයිරස් කලවම් වෙනවා නම් ලෙඩ්ඩු ඉන්න තැන්වල ඔවුන් පාවිච්චි කරපුවා වතුර ආදිය කොහොමද පිරිසුදු කරන්නේ..? මේක පක්ෂපාතී තීරණයක්.

:       247       77

Samitha Senaka Aluthgamage.Monday, 11 May 2020 09:29 AM

උවයිස් මහතා, ඔබතුමා ඉන්නේ මිනියක් වළලන එක පමණයි හොඳ කියන මතයේ. ඉතින් කොහොමද ඔබට සත්‍යය පැහැදිලි කරන්නේ. ලෙඩුන් හා සම්බන්ධ වතුර එක්වර පොළොවට මුදාහරින්නේ නැහැ. විෂබීජහරණය කරලා තමයි ඒවා කරන්නේ. මේ ලෙඩෙන් මා හෝ ඔබ හෝ මා මැරුණත් අපව වැළලුවොත් ජල ගැල්මකදී අප මල සිරුරුවල තිබෙන මාරක වයිරස් ජලයට මුසුවී මුළු රටේම මිනිසුන්ට රෝගය බෝවේවි. එනිසා, පොදු යහපත වෙනුවෙන් ඔන්න අප දෙදෙනාවත් පුච්චලා දාන්න කියමු. ඔබලාට යතාර්ථවාදීව සිතීමට බැරි ඇයි ?

:       0       227

lalithm Sunday, 10 May 2020 04:31 PM

ලංකාවේ මිනී වැළලීම කොහොම වෙතත් හොරෙන් හාරා පෙට්ටිය පටන් ගෙනගිය අවස්ථා තියෙනවා. ඊට අමතරව සමහර තැන්වල තද වැසි සමග වතුර මට්ටම හිටපු ගමන් උඩට එනවා. එවැනි දේවල් නිසා මියයන ආසාදිතයින් වැළලීම නම් හොඳ ක්‍රියාවක් නොවෙයි. මලාට පස්සේ සලකන්න හිතන්නේ පන තියෙන කාලේ නොබලපු පව් කාරයින්. ඕනෙම දේකට විරුද්ධ අය ඉන්න රටක නිවැරදි ක්‍රියාවකට වුනත් විරුද්ධ වෙලා එක්කෝ ප්‍රසිද්ධියට පත් වෙන්න එහෙමත් නැතිනම් තමන්ගේ පිශාච චින්තනය මුදුන්පත් කරගන්න කටයුතු කරන්නෙක් ඉන්න පුළුවන්නේ..

:       26       719

සමන්ත Sunday, 10 May 2020 04:42 PM

ආදාහනය කරන්න එපා කියන මේ කෙනාගේ නිවසට බාර දෙමු කොරෝනා රෝගීන්. මේ වගේ මොලයක් නැති මිනිස්සු. පාස්කු ප්‍රහාරයෙන් මැරුණු මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න මුලින්. ඒ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය නැති කරපු එක ගැන. ඒ ගැන මේ පුද්ගලයාට කොරෝනා වලින් මැරෙන මිනිස්සු ආදාහනය කරන එක ගැන කතා කරන්නේ අහවල් ජාතියෙන් මුදල් ලැබිලාද කොහෙද? කලයුතු හොදම දෙය කොරෝනා වලින් මැරෙන රෝගින් තමන්ට ආසන්නම කනත්තේ වල දැමීමට එම ප්‍රදේශ වල ජනතාව විරුද්ධ වීම කල යුතුයි. ඒ එම ප්‍රදේශ වල ජනතාවගේ ජීවත් වීමේ අයිතිය නිසා. එතකොට නිකම්ම ආදාහනය වෙයි අහවල් ශ්‍රී ලාංකිකයන්..

:       194       1714

RaveendraSunday, 10 May 2020 05:11 PM

ඇත්තෙන්ම මේ තමන්ගෙන් රටට වියයුතු යුතුකම් ගැන කතා නොකර වල් ඌරන්ගෙන් ගානක් යහමින් කපාගන්න ගමන් තමන්ගේ මුණ ප්‍රසිද්ධ කර ගැනුමට. එයට යහමින් පොර දානවා කබරයොත්...

:       16       521

රවින් Sunday, 10 May 2020 04:59 PM

මෙතෙක් දවස් පිස්සු කොරෝනා ප්‍රභේදයෙන් දැඟලුවේ ලෝකෙට ලොක්කා කියා ගන්නා කෙනා. බලාගෙන යද්දී පිස්සු කොරෝනා ප්‍රභේදය මෙහෙටත් ඇවිල්ලා වගේ..

:       14       285

RaveendraSunday, 10 May 2020 05:26 PM

ඔබගේ අදහස් නිවැරදිය. මේ නිවටයන්ගෙන් ලොකු ගානක් කපාගෙන කොන්ත්‍රාත්තුව අරගෙන වගේ...

:       21       383

අතපත්තු Sunday, 10 May 2020 05:12 PM

අනූව දශකයේ කොලරා වසංගතය පැතිරීමට හේතු වුනේ ඉන්දියාවේදී මියගිය මෙරට ප්‍රසිද්ධ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු ගේ දේහය ලංකාවට ගෙනැවිත් හැමිල්ටන් ඇලේ සෝදා ආගමික වතාවත් සිදු කර මිහිදන් කිරීමයි. ආසාදිතයින් 450ක් අතුරින් 125දෙනෙක් මියගියා. කොරෝනා වෛරසය ලෝකයටම අලුත්. මොන අයුරින් ව්‍යාප්ත වනවද නැද්ද කියල කවුරුත් දන්නෙ නෑ. ඒක හින්ද හොඳම දේ වෛද්‍යවරුන්ගෙ නිර්දේශ අනුව වෛරසය විනාශ වන පරිදි ඉහල උෂ්ණත්වයක ආදාහනය කරන එකයි. මමත් රෝමානු කතෝලික ධර්මය අදහන කෙනෙක්. මම මැරුණොත් මිහිදන් කරනවට තමයි කැමති. ඒත් මේ වසංගත අවස්ථාවේදී අපි බුද්ධිමත් ව කල්පනා කල යුතුයි.

:       32       1168

Tharaka Sunday, 10 May 2020 05:17 PM

අපි රටක් විදිහට කොහෙටද යන්නේ? මොනවද මේ විකාර ? කනබොන දේට අදින පළදින දේට අන්තිමට මිනියට කරන දේට පවා ආගමක් පටලාගෙන. බුද්ධියක් කියල දෙයක් ගෑවිලාවත් නැද්ද? මේ වෙලාවේ ආරක්ෂක අංශ සෞක්‍ය අංශ කියන දේවල් පිළිගන්න බැරිනම් කරුණාකරලා වෙන රටකට යන්න පුළුවන්...

:       43       1106

RaveendraSunday, 10 May 2020 05:48 PM

සහතික ඇත්ත.... සල්ලි වෙනුවෙන් ඕනෑම බලු වැඩකට ඉදිරිපත් වෙනවනේ ...කාලකන්නි හැත්ත.

:       24       534

chandana Sunday, 10 May 2020 05:29 PM

කොරෝනා වෛරසය පිළිබඳ කෙල පැමිණි විශේෂඥයන් සිටින්නේ ශ්‍රී ලංකාවේ. මතකද සමහරු බෙහෙත් වර්ගත් නියම කරා. ඒ බෙහෙත් වර්ග බීමු සමහර රටවල අය ඒකෙන්ම මියගිහින් තිබුනා. මතකද රෑට ඇඳිරි නීතිය දාන්නෙ කොවිඩ් එන්නේ රෑටද කියලා ඇහුවා. අපේ සමාජය දහවල කාලයේ වැඩ කරලා තම තමන්ගේ ඇති හැකි කම් අනුව රෑට එක්කෝ ක්ලබ්, නැත්නම් කට්ටිය සෙට් වෙලා එකම බෝතලය එකම සිගරට්ටුව හවුලේ ගහනවා. දහවලට වඩා රාත්‍රියේ සමාජ ඇසුර වැඩියි. හැඳුනුම්පතේ අංකය විවේචනය කරා. ඇත්තටම ඒකෙන් සමාජයට එකවර අවතීර්ණ වන පිරිස 1/5 ක් අඩු වෙනවා. පොලිසිය මුල් කාලයේදීම මුඛ ආවරණ පලදින ලෙස සමාජයට බල කලා. ඒක විවේචනය කරපු කට්ටිය කිව්වා එහෙම මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය නැහැ කියලා. අන්තිමට ඒක අනිවාර්ය කරන්න වුනා. යාචකයන් නගරයෙන් ඉවත් කරන එක විවේචනය කරා. ඇත්තටම සංචාරක යාචකයන්ගේ අපිරිසිදු පැවැත්ම විෂබීජ පැතිරීමට ප්‍රබල හේතුවක්. මේකත් ඒ වගේ තමයි. භූගත ජලයෙන් පොහොසත් අපි වගේ රටක පොලොව (පස) දූෂණය නොවී තබා ගත යුතුමයි. ඒ නිසා අපේ රටට හොඳම ක්‍රමය ආදාහනය පමණමයි. පස්සෙ නහයෙන් අඩනවට වඩා ලත් තැනම ලොප් කිරීම උචිතයි. පරිසර වේදීන් මේ වගේ වෙලාවට පෙරට පැමිණිය යුතුයි.

:       189       897

RaveendraSunday, 10 May 2020 06:14 PM

ඔබගේ විග්‍රහය 200% නිවැරදිය. අවාසනාවකට මේ වගේ මුදල් වෙනුවෙන් කෑකෝ ගහන රටට කිසිදු ආදරයක් නැති අය නිසා රට කොපමණ ආපස්සට ගිහින් ඇද්ද...? මේවගේ ගැටළු එනකම් හැමවිටමත් ගම් කබරයෝ සුදු කබා ඇදගෙන පොඩි පොඩි කඩ කාමර ඇතුලට වෙලා මග බලාගෙන ඉන්නේ ගානක් කපාගන්න. හොදින් නිරීක්ෂණය කරන්න එම වැඩි දෙනෙකුගේ ජිවිත සාර්ථකද නැද්ද කියා.. හේතුව කෙනෙකුට ගිනිදී උපයන මුදල්...

:       40       576

චමින්ද ජයනාත් ජයසූරිය Sunday, 10 May 2020 06:16 PM

මේ වෛරසය මේ තරම් ලෝකය පුරා ප්‍රචාරය වීමටත් බලපෑවේ මේ වගේ අදහස් ඇති මිනිස්සුම තමයි... අපි කොහොමද කියන්නෙ සිරුරක් අඩි 6 ක් නෙමේ අඩි 20 ගැඹුරක භූමදානය කලත් මේ වෛරසය කිනම් හෝ මාර්ගයකින් තවත් පුද්ගලයෙකුට ආසාදනය නොවීමට හෝ පස තුල දීර්ඝ කාලයක් රැදී නොසිටීමට හේතු කාරනා තියෙනව කියල... කෝවිඩ් 19 ගැන තවමත් හරි නිර්වචනයක් දෙන්නට ලොකයෙ කිසිම විද්‍යාඥයෙක්.... වෛද්‍ය විශේෂඥයෙක්... පර්යේෂකයෙක් සමත්ව නොසිටින මොහොතක මෙවන්පටු අදහස් තියෙන මිනිස්සු මේ ලෝකෙට මොනතරම් විනයක්ද කියල මේ පුවත දකිද්දි මට හිතෙනව... නීතිය තියෙනව තමයි... මානුෂවාදි හේතු කාරණාත් තියෙනව තමයි. හැබැයි තම අභිමතාර්ථ මුදුන්පමුණුවා ගන්නට නීතියෙ ඇති ඇතැම් තැන් භාවිතා කරන්නට කලින් මුළු රටක්....ජනතාවක් ගැන ටිකකට හරි හිතන්න මහත්මය.....

:       21       610

Anuruddha Sunday, 10 May 2020 06:23 PM

මිනිය ඔවුන්ගේ කනත්තකම මිහිදන් කලාම පස්සේ දවසක මිනිය ගොඩ අරන් අයෙත් කොරෝනා පතුරවන්න පුළුවන් කියල මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්ද? එතකොට අයෙත් බෝම්බ හදන්න මහන්සි වෙන්න ඕනේ නැහැ බෝම්බෙට වඩා සුපිරි බඩුවක් අතේ තියනවා.

:       149       925

Vipula Sunday, 10 May 2020 07:04 PM

මිලියන 23 ක ජනතාව වෙනුවෙන් කාලකන්නි ටිකක් මැරුවට කමක් නෑ,

:       160       504

Prabha Sunday, 10 May 2020 08:22 PM

සමහර මිනිස්සු සල්ලි වෙනුවෙන් නොකරන දෙයක් නැහැ.. රට විතරක් නෙමෙයි, තම දෙමව්පියන්වත් පාවාදේවි...

:       0       0

Bamunuarachchi Monday, 11 May 2020 01:42 AM

ඒ ඒ ප්‍රදේශවල ජනතාව තම ප්‍රදේශවල සුසාන භූමිවල මියගිය කොරෝනා ආසාදිතයින් භුමිදානය කරනවාට විරුද්ධව විශේෂයෙන් අභ්‍යන්තර භූමික ජල මට්ටම ඉහළින් පවතින හා නිතර ගංවතුරට යට වෙන වැඩිපුර ළිං වතුර භාවිතා කරන ප්‍රදේශවල ජනතාව නැගී සිටියහොත් භූමදානය වළක්වා ගත හැකිවේවී.

:       0       20

සමන් අකුරණ Monday, 11 May 2020 02:04 AM

එහෙනම් ඉතින් මළමිනී ගෙදර තියාගෙන ඒවත් එක්කම මැරෙන්න.

:       0       55

ajith Monday, 11 May 2020 04:07 AM

කොරෝනා හැදිච්ච මළසිරුරක් ගෙදරට යවන්න සිල් නොකර. එහෙම නැත්තම් මෙයාගේ මිදුලේ වළලන්න. ප්‍රශ්නේ විසදෙයි.

:       1       34

Gamage Monday, 11 May 2020 04:22 AM

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මළ සිරුරු මිහිදන් කරන්න පුළුවන් කියලා කියනවා. ලෝකයේ සියලු රටවල් මළ සිරුරු මිහිදන් කළත් ලංකාවේ බැරිලු. වෛරසය වතුරට එකතු වෙනවලු.

:       1244       808

RaveendraMonday, 11 May 2020 05:37 AM

මෙවන් අවදානමකදී අප රටේ මිනිසුන්ගේ ජිවිත අප සතු බැවින් වෛරසය විනාශකිරීමට දැනට ඇති හොදම සාර්ථක පිළිතුර අදාළ දේහය පුළුස්සා දැමීම බව තේරුම් ගැනුමට දිව්‍ය ලෝක ඥානය අවශ්‍යද නැද්ද ඔබම තේරුම් ගැනීම වඩාත් වැදගත් වෙනු ඇත.

:       41       81

anura Monday, 11 May 2020 09:36 AM

ලෝක සෞඛ්‍ය සංවිධානය මුලදී මෙම වසංගතය පැතිරෙන කොට කිව්වේ මේක ගැන ලොවට අනතුරු අඟවන්න තවම වේලාසන වැඩියි කියලයි. එහෙම කට්ටියක් කියන කථා විශ්වාස කරන්න බැහැ.

:       0       0

jagath Monday, 11 May 2020 04:24 AM

කාගේ බෝලයක්ද මේ බස්සගන්න උත්සාහ කරන්නේ? සී.සී.ටී.වී මගින් ඇසුරු කළ අය හොයන්න ඕනේ මුලින්ම.

:       1       52

mohamad saleeh Monday, 11 May 2020 04:50 AM

කොහේ බැලුවත් ජාතිවාදය. ආදාහනය අස්සෙත් නීති දෙකක්. අපි ඒක දැක්කා අර ගැහැණු කෙනෙක් මැරුනු වෙලාවේ. මේවට තමා කියන්නේ ජාතිවාදය කියලා.

:       42       77

BamunuarachchiMonday, 11 May 2020 03:48 PM

ජාතිවාදයක් මතු වෙන්නේ ජාතීන් අතර ප්‍රස්නයක් උනොත්? සිංහලයින් දමිළයන් අතර ප‍්‍රශ්නයක් උනොත් එය ජාතිවාදී වෙන්න පුළුවන්... නමුත් මුස්ලිම් හා බෞද්දයින් හෝ සිංහලයින් අතර ප්‍රශ්නයක් ආවොත් එය ජාතිවාදී වෙන්නේ නැත.

:       0       37

සේන Monday, 11 May 2020 05:40 AM

පවතින නිරෝධායන නීතිය යටතේ මේ පෙත්සම සාකච්ඡාවට නොගෙනම ඉවත් කළ යුතු අතර පෙත්සම්කරුට දැඩි දඬුවම් පැමිණිය යුතුය. මළ කඳක් කරේ තියාගෙන මගුල් නටන්න හදන අමණයෝ.

:       57       156

Deepal Nirosh Monday, 11 May 2020 05:45 AM

නීති රීති අණ පනත් පිළියෙල කිරීමේ දී වැඩි අවධානය යොමු කළ යුත්තේ මළ ගිය අයවළුන් වෙනුවෙන් නොව ජීවත්ව සිටින අය කෙරෙහිය. අනික කෙනෙක් මැරුණට පසු ඔහුගේ අයිතිවාසිකම් ගැන කතා කිරීමට වඩා ඔහු ජීවත් කරවීමට උත්සාහ කිරීමයි වැදගත්. අසාදිත හෝ එසේ සැක කටයුතු අයෙකු මළ පසු එය ආදායනයට නියම කරනු ලබන්නේ ජීවත්ව සිටින අයගේ ආරක්ෂාව වඩා වැදගත් බැවින්. අනික අප එ.ජා.ප. සාමාජික වූ පළියට නියම කරන ඕනෑම කොන්දේසියක් පිළිගැනීමට අප බැඳී නැහැ.

:       110       157

kamalMonday, 11 May 2020 12:32 PM

එතකොට ආධාර විතරක් හොදයි.

:       32       27

Saman Monday, 11 May 2020 06:34 AM

මුළු ලෝකයම මළමිනී භූමදානය කරද්දී අපේ රටේ විතරක් මළමිනී ආදාහනය කරනවා. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. අනේ මන්ද ? ලෝක සෞඛ්‍ය සංවිධානය තමයි වැරදි මළ මිනි භූමදානය කරන්න පුළුවන් කියපු එක ගැන.

:       1       127

NAMAL Monday, 11 May 2020 06:35 AM

මළමිනී භූමිදානය කරන්න පුළුවන් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙනවා නම් තව මොකද්ද ඒකේ හොයන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඔක්කොම උපදෙස් ගන්නවා. මේකට විතරක් ජාතිවාදීව හැසිරෙනවා.

:       71       118

Ruwan Monday, 11 May 2020 06:39 AM

ජාලයට වයිරසය එකතුවෙනවලු. මහ මෝඩ කතාවක් තමයි. එතකොට අපි අත් හෝදනකොට ඒකෙන් වැටෙන වෛරසය යන්නේ අහසටද දන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් භූමිදානය කරන්න පුළුවන් කියලා තියෙනවා. එහෙම තියෙද්දී තමයි මේ වගේ වැඩ කරන්නේ. පව් ඒ මිනිස්සු. ලගදි කොරෝනා නැති අම්මා කෙනෙක්ව කොරෝනා තියෙනවා කියල පුච්චලා දැම්මා. මේවට කොහෙන් දේවිද දන්නේ නැහැ අපිට. අනික මිනිස්සු මැරුණම මොන හිතකින් පුච්චනවද මන් දන්නේ නැහැ. ඒවා ස්වභාවයෙන් දිරාපත් වෙන්න දෙන්න ඕනේ .

:       62       103

chandanaMonday, 11 May 2020 06:37 PM

රුවන් අපිට අත් සෝදන්න උපදෙස් ලැබිලා තියෙන්නේ නිකම්ම වතුරෙන් නෙවෙයි. සබන් හො විෂබීජ නාශක දියරයක් භාවිතා කරමින්. ජලයෙන් හේදිලා ගියත් විෂ බීජ විනාශවෙලා ඉවරයි. සෞඛ්‍ය සංවිධානවල නිර්නායක ඒ ඒ රටවල සියළුම සමාජයීය, සංස්කෘතික, පාරිසරික කරුණු මත වෙනස් විය හැකියි. අරාබි රටවල භූගත ජලය නැති තරම් ඒ නිසා මල සිරුරු වැලලිය හැකියි. ජනශුන්‍ය විශාල භුමි ප‍්‍රමාණයක් තියෙන රටකටත් වැලලිය හැකියි. ඒ කිසිවක් නැතත් සීමිත භූමි ප්‍රමාණයක් තියෙන, වියලි කලාපයේ පවා භූගත ජලය තියෙන, ජලයම ප්‍රධාන සම්පතක් වන අපේ රටේදී නම් භූමදානය කිරීම කොහෙත්ම සුදුසු නැහැ. මිනිස්සු මැරුණම මොන හිතකින් පුච්චනවා ඇද්ද කියන අදහසට මමත් එකඟයි. ඇත්තටම මිනිය පුච්චනකොට ඒ මැරිච්ච මිනියට කොයි තරම් වේදනාවක් ඇත්ද? අනේ පව් මොන හිතකින් එහෙම පුච්චනවා ඇද්ද? බුදු දහමට අනුව නම් කොහොම කරත් සදා කාලිකව අල්ලා ගැනීමක් නැහැ.. අනිත්‍යයම තමයි. කෙනෙකුගේ මියයාම ජීවත් වන්නන්ට දුකක් වුනත් කාලයත් සමග ඒ දුක තුනී වෙලා යනවා. කිසිවෙක් මියගිය අය මත්තෙම නැහෙන්නේ නැහැ.

:       0       117

Malani Monday, 11 May 2020 06:40 AM

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ තරම් කියලත් ලෝකෙම රටවල් පිළිගනිද්දී අපි වගේ මෝඩයෝ තමයි ඔය වගේ මෝඩ අදහස් තවම දරන්නේ....

:       25       195

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

හිටපු ජනපතිවරුන්ගේ නිවාසවල වටිනාකම මනින්න යයි
2025 ජනවාරි මස 21 631 0

හිටපු ජනාධිපතිවරුන් පාවිච්චි කරන නිල නිවාසවල වටිනාකම සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරු වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර ඇත.


ගල්වලේ සේවකයෙක් සිරවී මරුට
2025 ජනවාරි මස 20 463 0

ගල්පාත පාතකඩ අරඹ කන්දවත්ත ගල් මෝලක ගල මුදුනේ ක්‍රියාත්මක වෙමින් තිබූ ස්කැවරේටර් යන්ත්‍රයක් හා පස් කණ්ඩියක් අතර සිරවීමෙන් දින 6 කට ඉහතදී සේවයට පැමිණි ප


ට්‍රම්ප් දිවුරුම් දෙයි
2025 ජනවාරි මස 20 612 0

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා සහ පුතු බැරන් ද සමඟ ඊයේ (20) අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය.


හිටපු ජනපති මහින්ද නිවසින් යන්න සූදානම්
2025 ජනවාරි මස 20 1560 0

මහින්ද රාජපක්‍ෂ මහතා නිල නිවසින් ඕනෑම වෙලාවක ඉවත්ව යෑමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහ


ගොවීහූ වී කිලෝවකට රුපියල් 140ක් ඉල්ලති
2025 ජනවාරි මස 20 498 0

වී කිලෝවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර ‘සහතික’ මිලක් ලැබිය යුතු යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අද (20) පැවසීය.


දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්
2025 ජනවාරි මස 20 53 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල, නුවර, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 400 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 612 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 333 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site