(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ඖෂධවේදියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගුරුවරියක ලෙස ඔහුගේ බිරිඳ සේවය කරන පොල්ගහවෙල බන්දාව ප්‍රදේශයේ පාසලක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

ආසාදිත ඖෂධවේදියා පොල්ගහවෙල බන්දාව පදිංචිකරුවෙකි. ඔහු ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් ඔහු සමඟ සේවය කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සායනික ඖෂධ නිකුත් කිරීමේ ඒකකයේ තවත් ඖෂධවේදීන් කීප දෙනෙකු ඇතුළු පිරිසක්ද නිරෝධායනයට යොමුකර ඇති බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

ආසාදිත ඖෂධවේදියා සේවය කරන වෛද්‍ය සායනික අංශයෙන් රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.