(ඉන්දිකා රාමනායක)
කුරුණෑගලට සහ හෙට්ටිපොළ යන ප‍්‍රදේශ වල සිටින පොලිස් නිලධාරීන්ට අමතරව තවත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පොලිස් මූලස්ථාන විසින් අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙවැනි සිද්ධීන් තවදුරටත් ඇතිවීම වළක්වා ගැනීමට සහ සිදුව ඇති සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා මෙම විශේෂ පොලිස් කණ්ඩායම් අනුයුක්ත කළ බව ඒ මහතා කීය.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු , පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරිවරුන් අට දෙනෙකු ඇතුලු පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙලෙස අනුයුක්ත කර ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම පිරිසට අමතරව කොළඹ ප‍්‍රදේශයේ පොලිස් අධිකාරීවරයකුගේ අධීක්ෂණය යටතේ තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම විමර්ශන සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් පත්කර ඇති බවද රුවන් ගුණසේකර මහතා පැවැසීය.
ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලට සම්බන්ධව අත්අඩංගුවට පත්වන පුද්ගලයන්ට ඉදිරියේදී රැකීයාවකට හෝ , විදේශ ගතවීමකට අවශ්‍ය පොලිස් වාර්තා ලබා ගැනීමේ දී ඔවුන්ගේ එම වාර්තාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවකට සම්බන්ධවී අත්අඩංගුවට ගත් පුද්ගලයකු බවට සඳහන් කර එම වාර්තාව ලබා දෙන ලෙසට සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුරුණෑගලට - හෙට්ටිපොළට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්
සේන Wednesday, 15 May 2019 07:04 AM
අසූචි ඉවත් නොකර ගඳට වැට බඳින්නට යනවගක් දකිමි... වංචාකාරී පාලනයේ අනිටු විපාක සමස්ත ජනයා භුක්ති විඳිමින් සිටී...