IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


‘‘කැපකිරීමක් කරන්නැයි ඉල්ලන්න ආණ්ඩුවට අයිතියක් නෑ‘‘

(අංජුල මහික වීරරත්න)

කැපකිරීම් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලන්නට ආණ්ඩුවට අයිතියක් නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ මොහොතේ කොරෝනා මර්දනය සඳහා විශේෂඥ කමිටුවක් පත්කොට කැපවීම කළ යුත්තේ ආණ්ඩුව බවද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

කැපකිරීම් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලන්නට ආණ්ඩුවට සාධාරණ අයිතියක් තිබේදැයි සූම් තාක්ෂණයෙන් පැවති සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

කොරෝනා මර්දනය සඳහා විශේෂඥ කමිටුවක් පත්කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසා ඇති බව කී වික්‍රමසිංහ මහතා ලංකාව හැර අනෙක් සෑම රටක්ම මේ වන විට ඒ ඉල්ලීම ඉටු කර තිබෙන බවද සඳහන් කළේය.

 



අදහස් (21)

‘‘කැපකිරීමක් කරන්නැයි ඉල්ලන්න ආණ්ඩුවට අයිතියක් නෑ‘‘

Ruhunu Sunday, 29 August 2021 12:58 PM

මෙයාගෙ මොලේ තියෙන තැන හොයා ගන්න උපකරනයක් නැද්ද ලංකාවේ .

:       54       39

kasun Sunday, 29 August 2021 01:11 PM

ඔන්න ඔන්න ආයෙත් මොකක් හරි කුණුගොඩක් අවුස්සලා ප්‍රශ්නයක් හොයාගන්න හදනවා

:       46       39

nmSunday, 29 August 2021 08:37 PM

කොරෝනා මර්දනය සඳහා විශේෂඥ කමිටුවක් පත්කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසා ලංකාව හැර අනෙක් සෑම රටක්ම මේ වන විට ඒ ඉල්ලීම ඉටු කර ඇතත් ලංකාවේ එසේ කොකිරීමට හේතුවක් ඇත. වෙනත් රටවල් / රජයයන් වසංගතය ආරම්බයේ සිටම ඒ සදහා වෙනමම විශේෂඥ කමිටුවක් පත් කර කොවිඩ් පිලිබදව කැපවීමක් කලත් ලංකාවේ එසේ කිරීමට හැකි විශේෂඥ කමිටුවක් පත් කල හැකි උවද ලංකාවේ කොවිඩ් මර්දනය කිරීම සම්පුර්ණයෙන්ම ආරම්භයේ සිටම මිත්‍යාව පසු පස යමින් කොවිඩ් පාලනය දේශපාලනීකරණය කළේය. දෙවනුව රජයද අපහසුතාවයට පත් කරමින් මිත්‍යා පැනිය අසාර්ථක විය.

:       0       2

Aruna Sunday, 29 August 2021 01:35 PM

මෙයා බලන්නකෝ . හරියට රටට වැඩක් කරපු කෙනෙක් වාගේනේ දඟලන්නේ .මහාතීර් කියල හිතන් ඉන්නවාද දන්නේ නෑ

:       48       37

pj Sunday, 29 August 2021 02:16 PM

"Ruhunu , ඊට කළින් තමන්ගෙ මොළේ නියම තැන තියෙනවද කියල පස්ස අත ගාල බැලුවොත් නරක ද ?

:       41       42

Geeth Sunday, 29 August 2021 03:15 PM

මෙයා කිව්වේ පටි තදකරගන්න කියලා.

:       0       0

Ruhunu Sunday, 29 August 2021 03:22 PM

මේ අවස්තාවෙ රජය ජනතාවගෙන් කැපවීම් කරන්නයි කියල ඉල්ලනැතුව. කාගෙන් ඉල්ලන්ද කියන්නෙ.

:       2       1

Raveendra Sunday, 29 August 2021 03:33 PM

ඇත්තෙන්ම මේ පිලිබදව අපට ඇතිවන්නේ මහත් කනගාටුවකි.

:       1       0

kamal Sunday, 29 August 2021 03:39 PM

බලේ තියෙනකොට වඩා බලේ නැතිකොට කටින් වැඩ කරන්න ලේසියි.

:       0       0

fairoos Sunday, 29 August 2021 03:39 PM

මෙයා නෙවෙයි කවුරු කිව්වත් එච්චරයි.

:       0       0

Bandara Sunday, 29 August 2021 04:06 PM

මෙතුමා ලංකාවේ විශ්වවිද්‍යාලයක උපාධිය අරන් දේශපාලනයට ඇවිත් මේ රටේම ජීවත්වෙන කෙනෙක්. දේශපාලනයට ඇවිල්ල හම්බ කරන්න ඕන කෙනෙකුත් නෙවෙයි. මෙතුමාගේ වටිනාකම දැන් ගමේ මිනිස්සු හොදටම තේරුම් අරන් ඉන්නේ.

:       0       3

ලංකාදීප Sunday, 29 August 2021 04:06 PM

අපි මොහුට ඡන්දය දෙනවට ... නොගිහින් හිටිය ඡන්ද පොලට ... එත් මොහු ආයිත් පාර්ලිමේන්තු ඇවිත් ....

:       0       0

Bandara Sunday, 29 August 2021 04:16 PM

මේ වගේ කතාවක් කියලා දවස් දෙකක් තුනක් හැංගිලා ඉන්න එක තමයි මෙයා කරන්නේ.

:       1       0

Bamunuarachchi Sunday, 29 August 2021 06:12 PM

එහෙනම් ඒකාලේ පාරේ නවත්වපු වාහනවලට අතදාලා හෝන්ගහන්න කවුද අයිතිය දුන්නේ. මෙයා මන්ත්‍රීවරුන්ට ලක්ෂ ගණන්වල දීමනා දීලා තමයි අපිව නැතිකලේ.

:       3       1

චන්දිම Sunday, 29 August 2021 06:32 PM

ආ මේ පාර්ලිමේන්තුවේ දැනට ඉන්න සුළු පක්ෂයක මන්ත්‍රීවරයෙක් නෙව, ගණන් ගන්න එපා.

:       1       1

මංගල Sunday, 29 August 2021 07:33 PM

අනේ මගේ කට, දින 100ක මගුලක් දාලා මහබැංකුව කඩලා රටටම කෙලියා. දැන් එනවා වැදිබණ කියන්න.

:       2       1

Sriland Sunday, 29 August 2021 08:00 PM

එදා තමුන්නාසේලා කිව්වේ පටි තදකරගන්න කියලා, බැලුවම දෙගොල්ලොම එකයි.

:       1       1

chandima Sunday, 29 August 2021 08:17 PM

කොරෝනා මර්ධනයට දක්ෂ කෙනෙක් කිසිම රටක නැහැ. කොරෝනා ඉබේම අඩුවෙනවා වැඩි වෙනවා.

:       3       0

vipula Sunday, 29 August 2021 09:29 PM

රනිල් රටට කරපු දෙයක් නැහැ.

:       2       1

Madhu.. Monday, 30 August 2021 10:57 AM

කැපවීම් කරන්න කියලා රුපියල් මිලියන ගානක් වියදම් කරලා පරාක්‍රම සමුද්‍රයේ රළපනාව කඩලා ජොගින් පාත් හදන එක හරිද? පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ වැටුප විතරක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරන්න කිව්වාම ඒ හිඟන රැළ රට බයිලා ගහලා රජයේ සේවකයාගේ මාසික වැටුපෙන් භාගයක් කපාගන්න හදන එක හරිද? රටේ මුදල් අර්බුදයක් තියෙනවා නම් මහපරිමාණ සමහර ව්‍යාපෘති (අධිවේගී මාර්ග වැනි) ටික කාළයකට නවත්වන්න බැරිද?

:       0       2

මෝඩ ජනයාMonday, 30 August 2021 04:39 PM

බහුතරයක් මේ විදියට තර්කානුකූලව හිතන්න අකැමැති වහල්ලුනේ ඉන්නේ... ජනතාව තම පරමාධිපත්‍යය තේරුම් නොගන්න තාක් ලංකා දේශපාලනය යනු පාර්ලිමේන්තු සභිකයින්ගේ පවුල්වල අයට ඇඩ්වටයිසින් ආයතන පිහිටුවා කෝටි ගණන් පෝස්ටර්වලින් ගසා කෑමටත්, මංමාවත් දිගේ අල්ලන සිමෙන්ති කැටවලින් ගසා කෑමටත්, මේකී, නොකී විවිධ ක්‍රමවලින් හම්බ කරගැනීමටත් අවස්ථාව පාදාගැනීමකි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ජනපති චීන අගමැතිනි හමු වෙයි
2025 ජනවාරි මස 16 98 1

ශ්‍රී ලාංකේය ජනතාවට ’’පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ’’ ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහත


ලංකාවට අලුත් සීනි දෙන්න වැඩ අරඹයි
2025 ජනවාරි මස 16 726 0

හිඟුරාන සීනි කර්මාන්ත භූමියේ අලුතින් ඉදි කළ සීනි කර්මාන්ත ශාලාවේ පර්යේෂණ ඇඹරුම් වටයේ කටයුතු අද දහවල් සුභ මොහොතින් ආරම්භ කළේය.


බදුල්ලෙන් සියයට 66 අවධානම්ලු
2025 ජනවාරි මස 16 222 0

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ භූමියෙන් 66 % ක් පමණ කුමන හෝ අවධානමකට ලක්වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ෂනි පෙර


සෙල්ලම් කළ සිසුවා හදිසියේ මියගිහින්
2025 ජනවාරි මස 16 595 0

බෙන්තොට ප්‍රදේශයේ පාසලක දිවා විවේක කාලයේ කාලයේ සෙල්ලම් කරමින් සිටි සිසුවකු බිම ඇද වැටී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බැව් පොලිසිය පවසයි.


දුම්රිය සේවක සුභසාධක සංගමය දුන් චෙක්පත් මුදල් කරන්න බෑලු
2025 ජනවාරි මස 16 463 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් සාමාජිකත්වය දරණ ශ්‍රී ලංකා දුම්රිය සේවක යහසාධක සංගමය සාමාජිකයන්ට ණය වෙනුවෙන් නිකුත් කළ චෙක්පත් මුදල් කර


ලංකාවේ ස්වාධීනත්වයට චීනය කැපවෙනවා
2025 ජනවාරි මස 16 451 1

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් චීනය කැපවී සිටින බව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී (Zhao Leji) මහතා


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 288 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 570 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 315 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site