IMG-LOGO

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා


කෝටි 3ක වාලම්පුරියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

(බදුල්ලේ පාලිත ආරියවංශ)
 
රුපියල්  කෝටි 3කට මිලකර තිබූ  වාලම්පුරියක්  රුපියල් දෙකෝටි අනූපන් ලක්ෂයකට  අලෙවි කිරිමට  උත්සාහ කළ සැකකරුවෙකු  හාලිඇල උඩුවර 7 කණුව ප්‍රදේශයේ  තේ වත්තක කම්කරු නිවාසයකදී එම වාලම්පුරිය සමග අත්අඩංගුවට ගැනීමට ඌව නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා යටතේ පවතින බදුල්ල දිස්ත්‍රික් වැටලීම් ඒකකය අද (02) රාත්‍රී සමත්විය.

ලැබුන තොරතුරක් මත  මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.

කම්කරු නිවාසයක් තුළ කාමරයක් තුළ සුදුහාල් වලින්  ආවරණය කර තිබූ මෙම වාලම්පුරිය  යාපනයේ සිට රැගෙන ආ බව සැකකරු පවසා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටියේ තේ වත්තක පදිංචි කරුවෙක් බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.



අදහස් (22)

කෝටි 3ක වාලම්පුරියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Ruwan Saturday, 02 March 2019 02:45 PM

පොළවෙන්, මුහුදෙන් හම්බවුන සම්පත් ඒ හොයාගත්ත පුද්ගලයාට අයිති නැත්ද එතකොට ?

:       4       157

ප්‍රසන්න Saturday, 02 March 2019 04:13 PM

දන්න කෙනෙක් කියනවාද, වාලම්පුරි, තියාගන්න හරි විකුණන්න හරි තහනම් ඇයි කියලා? කොලඹ පැත්තේ කෙනෙක් ප්‍රසිද්ධියේ වාලම්පුරි විකුනුවා. මේ ළගකදී එයා බොරු වාලම්පුරි විකුනලා පොලිසිස් අත් අඩංගුවටත් පත් වුනා..

:       1       127

HRSunday, 03 March 2019 03:18 PM

මටත් තියෙන ප්‍රශ්නයක් තමයි මේක..

:       0       21

kumara Saturday, 02 March 2019 05:54 PM

දැන් ඒ අහිංසක මනුස්සයා මේක විකුණලා කීයක් හරි ගත්තම මොකද්ද තියන වැරැද්ද.. පොලිසිය කියන්නේ, පැහැදිලි ඊරිසියාවම තමයි..

:       221       315

dias Saturday, 02 March 2019 06:25 PM

මා සිතන්නේ පොලිසිය බෙලි කටු පස්සේ යන්නේ නැතිව මත් කුඩු මුදලාලිලා, මිනීමරුවන්, මංකොල්ලකරුවන් පසු පස යනවා නම් වඩා හොඳ යයි කියායි.

:       1       247

Nihal Saturday, 02 March 2019 08:19 PM

පිලිපීනෙන් ඕවා ඕනේ තරම් නිකන් ගන්න පුළුවන්

:       8       55

ඇත්ත සත්‍යපාල Saturday, 02 March 2019 09:57 PM

කකුළුවෝ ඉස්සෝ දැල්ලෝ විකුනන්න පුලුවන්නම් මුහුදේ ඉන්න ගොලුබෙලි කට්ටක් කෝටි ගණන් දීලා ගන්න සල්ලි තියන අයත් ඉන්නවානම් එවැනි සල්ලි බෙලි කටුවක් විකුණා තමන් සතු කර ගැනීමේ වරද කුමක්ද? දකුණට කැරකුණ බෙලි කට්ටක් රුපියල් 10-15 කට විකුනන්න සහ ගන්න පුලුවන්නම් වමට කැරකුණ කට්ට විකුනන්න හෝ ගන්න බැරි නීතිය කුමක්ද ? වාලම්පුරි විදේශ වලින් ගෙන්වීම තහනම් කර රටේ සල්ලි පිටරටට යන නිසා ඉන් පසු මේ අටමගල් කටු විකිණීම නිත්‍යානුකුල කරන්න. එවිට ලග ඇති කෝටි ගණන් මුදල් ඔලුව ඇති කෙනෙකුට ලැබීමෙන් රටට යහපතක්ම වේ. මේවාට රැවටී මිලදී ගන්නා අය ලග එතරම් මුදල් තිබීම රටකට කෙසේවත් යහපතක් නොවේ.

:       0       287

Thilanka-sydney Saturday, 02 March 2019 10:33 PM

ඡායාරූපය අනුව මෙය වාලම්පුරියක් නොවේ. වාලම්පුරියක් වශයෙන් සලකන්නේ ටර්බිනෙල්ලා පයිරම් වර්ගයේ දකුණට කැරකුණු සංඛයයි. මෙය ට්‍රයිටන් විශේෂයක් විය හැකි අතර මතකය අනුව ලංකාවේ ආරක්ෂිත විශේෂයක්.

:       6       27

ලුම්බිණි Saturday, 02 March 2019 10:50 PM

ඇත්තටම මෙතන මොකද්ද වෙච්ච නීති විරෝධී වැඩේ? අත් අඩංගුවට ගත් වාලම්පුරියට මොකද වෙන්නේ? අන්තිමට ඒක කොහාටද යන්නේ?

:       1       56

Chanak los angeles Sunday, 03 March 2019 01:13 AM

දන්නා කෙනෙක් කියනවාද බෙල්ලා කෝටි 3 ක් වටින්නේ ඇයි කියලා ? කව්ද එයට වටිනාකම දෙන්නේ ? මොනවද බෙල්ලා මිනිසාට දෙන සම්පත් ?

:       54       87

Thilina Sunday, 03 March 2019 02:02 AM

නීතිය දන්න කෙනෙක්වත් පොඩ්ඩක් පැහැදිලි කරනවද මේ මනුස්සයා කරපු වැරැද්ද මොකක්ද කියලා. රූපවාහිනී එකේ දැන්වීම් දාලා වාලම්පුරි විකුණනවා. මේ අහිංසක මනුස්සයෙක් අල්ලගෙන හිරේ දානවා

:       1       104

maheshika Sunday, 03 March 2019 06:51 AM

වල්ලපට්ට සීන් එක දැන් ඉවරයි. අලුත්ම එක වාලම්පුරි. මේවා විකිණීමට බැරි මොකද? ඕකට කොටි තුනක් දීලා ගන්න මීහරකෙකුත් ඉන්නවා නම්, ඕක විකුණපු මිනිහා කැමැත්තෙන් එ්ක දෙනවා නම් තව මොනවද?

:       0       52

krishantha Sunday, 03 March 2019 07:08 AM

වාලම්පුරි වාසනාව ගේනවා නම් ලඟ තියාගත්ත කෙනා හිරේ යන්නේ මොකද? සුදු හාල් ගෝනියේ දාපු නිසා වස් වැදිලද?

:       0       47

de silva Sunday, 03 March 2019 09:29 AM

ලංකාවේ පොලිසිය කටයුතු කරන්නේ අපේ කාලය සහ මුදල් විනාශ කරන බහුභූත වැඩවලට, දක්ෂිණාවර්තව කැරකුණ බෙල්ලා ළඟ තියාගන්න, විකුණන්න පුලුවන් නම් වාමාවර්තව කැරකුණ බෙල්ලා විකුණන්න තහනම් මොකද? මම දන්නා තරමින් එ්ක තහනම් කියලා නීතියක් නැහැ. කරුණාකර මේ විකාර නවත්වලා තේරුමක් ඇති වැඩක් කරන්න... අර පිටරටවල ඉන්න අපරාධකාරයින්ට තිබෙන වරෙන්තු ඉන්ටර්පෝල් හරහා එම රටවල්වලට බාරදෙන්න කටයුතු කරන්න.

:       0       20

sena Sunday, 03 March 2019 09:54 AM

වාලම්පුරි සඳහා මේ සතා මරා දැමීමක් සිදුවිය හැකිනිසා තහනම කමක් නැහැ. එහෙම නම් ලඟ තබා ගැනීම ප්‍රවාහනය සහ විකිණීම කියන කාරණා 3ම තහනම් කළ යුතුයි. අනේ මන්දා අපේ රටේ නීති...

:       0       7

de silva Sunday, 03 March 2019 11:13 AM

ලංකාවේ වැලිත් තහනම්, පසුත් තහනම්, බෙලිකටුත් තහනම්, ලීත් තහනම්, මසුත් තහනම්... අඩුම තරමේ රජයට බදුගෙවලා නිපදවන බියර් බෝතලයත් විකුණන්න තහනම් සල්ලි තිබෙනවා නම් මේවා ඕනෑතැනක ගන්න තියෙනවා. මේ ජාවාරම් කරන්නේ බොහෝවිට දේශපාලකයන්ගේ ගෝලයෝ... බලපත්‍ර නිකුත් කරලා නිලධාරීන් විශාල පගාවක් උපාය ගන්නවා.. මනුස්සයෙකුට ජීවත් වෙන්න ගෙයක්, දොරක් හදාගන්න විදිහක් නැහැ. මිනිස්සු පොහොට්ටු වල නැගලා ජීවිතය පරදුවට තබල‍ා හරි රට අතහැරලා යනවා. මෙහෙම ගියොත් ඉදිරියට රටේ ඉතුරු වෙන්නේ, දේශපාලකයෝ, හොර ජාවාරම්කාරයෝ, රජයේ නිලධාරීන් සහ වයසක මිනිසුන් සහ රෝගීන් පමණි. තරුණයා පණ එපා කියලා අරාබි හරි යාවි.. ඉතින් කොහොමද රටක් දියුණු කරන්නේ... අපේ දේශපාලකයන් කරන්නේ තම මඩිය තර කරගැනීමට හැමදෙයකටම විකල්ප ඉදිරිපත් නොකර ඒවා තහනම් කරන එක පමණි...

:       1       47

Bandula. Monday, 04 March 2019 06:19 AM

රටේ ඉහළම තැන වෙන මහා බැංකුව කොල්ල කනකොට බලාගෙන ඉන්න අපේ රටේ මහපොළවට සතු මෙවන් දෙයක් විකුණන්න මිනිහෙකුට බැරි මොකද?

:       0       8

සෙනෙවි Monday, 04 March 2019 02:41 PM

දොර වැහෙනවට තියන්න නියමයි. මට නම් ඊට වඩා වටිනාකමක් පෙනෙන්නෙ නැහැ.

:       0       2

mara Wednesday, 13 March 2019 03:59 AM

ශ්‍රී ලංකා ව දැන් පුංචි කොලොම්බියාවකි. රටේ නීතියක් නැත. නීතිය පාලකයාට අවශ්‍ය ලෙස හසුරවයි.

:       22       1

roshan Sunday, 24 March 2019 12:35 PM

ඇයි මේකට අත්අඩංගුවට ගන්නේ? මොකක්ද නීතිය?

:       0       6

Harsha Thursday, 04 April 2019 04:54 AM

මේක අනිත් අතට නේද කැරකිලා තියෙන්නේ . උඩට එනකොට දකුණට එන්න ඕනි . තහනම් දෙයක් නෙවෙයි . වංචා කරලා කෙනෙක් අහු උනේ එකේ අපි නොදන්නා (ජාවාරමක් ) දෙයක් ඇති . සම්පත් රට යවන්න නරකයි හොරෙන් . ඉස්සරහට මොනවා අල්ලයි ද ඔහොම ගියොත් .

:       0       0

madusanka sameera gamage Thursday, 11 April 2019 06:28 AM

පොලිසියට බෙලිකටු පස්සෙ යන්න තමයි තියෙන්නෙ වෙන වැඩ නෑනෙ අනේ මෙහෙම රටක්......................

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සහල්මෝල් හිමියන්ගේ ලාභය දැනගතහොත් පුදුම වෙනවා
2025 පෙබරවාරි මස 08 1656 0

මහා පරිමාණ සහල්මෝල් හිමියෙක් ලබන ලාභය පිළිබඳව ජනතාව දැනගතහොත් පුදුමයට පත්වන බවත් වී මිල තීරණය කිරීමේදී සහල්මෝල් හිමියන්ගේ සියලු‍ම වියදම් සහ ආදායම් ප


විදේශ සේවයේ පත් කිරීම් ගැන විදේශ සේවා සංගමය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 08 833 0

දේශපාලන වරදාන ලෙස මහ කොමසාරිස් ධුර සහ තානාපති ධුර පිරිනැමීමේ දීර්ඝ සහ අතිශය කණගාටුදායක සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යමින් විදේශ සේවය සඳහා ජාතික ජන බලවේග


අයි.එම්.එෆ් සිව් වන වාරිකය ලෙස ඩොලර් මිලියන 333
2025 පෙබරවාරි මස 08 1425 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනේ ප්‍රමිතීන්ට අනුකූලව ’’2025 අයවැය’’ ඉදිරිපත් කිරීම සහ පෙර එකඟවූ කොන්දේසි ඉටු කිරීම මත පසුගිය නොවැම්බර


නිල සංචිත ඩොලර් මිලියන 57 කින් පහළ යයි
2025 පෙබරවාරි මස 08 2249 0

පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නිල සංචිත ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.065 දක්වා සියයට 0.9 ක ප්‍රතිශතයකින් එසේත් නැතිනම් ඩොලර් මි


මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්
2025 පෙබරවාරි මස 08 1245 2

එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ග


පාස්පෝට් කාර්යාලයට නව පොලිස් මුරපොළක්
2025 පෙබරවාරි මස 08 1460 3

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහා සහ ජනතාවට සහාය සඳහා නව පොලිස්


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 46 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 846 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site