(සිරංගිකා ලොකුකරවිට, ජී.ඩබ්.කේ. ප්‍රේමතිලක ද සිල්වා)
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව නතර කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව තමාට දැනුම් දි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
හෙතෙම මේ බව කියා සිටියේ අද(28) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් පරිසර කමිටුවේදී අදහස් දක්වමිනි.
කටුපොල් වගාව නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇති බැවින් මින් ඉදිරියට දිස්ත්‍රික්කය තුළ කටුපොල් වගා කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බාධාවක් නොමැති බව මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පැමිණ සිටි පොලිස් නිලධාරීන්ට දන්වා සිටින ලදී.
එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ මේ සම්බන්දව ක්‍රියාත්මක වීම සඳහා ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු අදාල නිලධාරීන් වෙත මෙම තීරණය දැනුම් දෙන බවයි.
කටුපොල් වගාවෙන් සිදුවන පරිසර හානිය සම්බන්දව මහජනතාවගෙන් සහ විවිධ පාරිසරික සංවිධාන මගින් දැඩි විරෝධයක් එල්ලවුණු අතර නිශ්චිත තීරණයක් නොලැබීම හේතුවෙන් පසුගිය කාළයේ දිස්ත්‍රික්කය පුරා බොහෝ ගැටලු ඇති විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කටු පොල් වගාව ලංකාවට ගෙන ඒමට එක්තරා සමාගමකට සහාය දුන්නෙත් එක්තරා දූෂිත දේශපාලකයෙකි. මේ පාම් තෙල් යුරෝපයේ කිසිම ආහාර ද්‍රව්‍යයකට යොදාගැනීම අවුරුදු 10කටත් ඈත කාලයක සිට තහනම් කර ඇත. විශේෂයෙන්ම අහාර ද්‍රව්‍යවලට පිටින් අලවන "ලේබලයේ" සඳහන් වෙනවා 'පාම් තෙල් අඩංගු නැත' කියලා. මේ පාම් තෙල් ඉතා දරුණු පිළිකා කාරකයක් ලෙස මුළු ලෝකයම සලකනවා. ඒ වගේම කටු පොල් වගාව නිසා පොළොවේ සරු බව නැතිවී යනවා...
ඉතා කාලෝචිත හොඳ තීරණයක්..
ඒක හොඳ තීරණයක්..
හොඳ තීරණයක්. මේ ගැන හුඟක් විරෝධතා තිබුණා පහුගිය කාලේ...
ඒ වුණාට නියුටෙලා (Nutella) වල ප්‍රධානම අමුද්‍රව්‍ය ෆාම් ඔයිල් නේද? අර මිස් ස්ලෝන් කියලා ෆිල්ම් එකකත් ඕක ගැන තිබ්බේ. ඒ නම් ඇමරිකාවේ. මම දන්නා තරමින් යුරෝපයේත් නියුටෙලා තියෙනවා. ඕක වවන්න තමයි තමයි අර සිංගප්පූරුව වැහෙන්න දුමක් ගහගෙන ඉන්දුනීසියාවේ කැලෑ පුච්චන්නෙත්...
මේවගේ තීරණ තමයි අපිට ඕනේ...
විජිත් හරිම ක්‍රමයට මේ පිළිබඳව පැහැදිලිකර තිබෙනවා... ඔබට ස්තුතියි.
හරි දෙයට හරි කියන්න අපි පැකිලෙන්නේ නැහැ. ඉතාම යහපත් තීරණයක්...
මේ කටුපොල් වගාව නිසා විනාශ කරන අක්කර ලක්ෂ ගානක මහා වනාන්තර නිසා දැනටමත් ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් විකෘති පාරිසරික තත්වයන්ට ගොදුරු වෙලා. ඒ රටවලට ආවේණික වෙච්ච ඔරන්ඔටන්, චිම්පන්සීන් වගේ අහිංසක සත්තු පවුල් පිටින්ම ඉතාමත් සාහසික ලෙස සමුල ඝාතනය කරමින් යනවා කටුපොල් වගාවට ඉඩම් ලබාගන්න. ඒ වගේම පිලිකා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙනවා, කව්රුවත් හරියටම දන්නේ නැහැ හෝ කියන්නේ නැහැ මොකකින් මොකක් නිසාද කියලා. කොහොම නමුත් අපේ වගේ පුංචි දුපතකට මෙවැනි තර්ජිත ශාකයක් සහ වගාවන් කිසිසේත්ම සුදුසු නැහැ. විශේෂයෙන්ම කටුපොල් වගාවන් කරන ස්ථාන ආශ්‍රිතව විසකුරු සර්පයින්ගේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒ ප්‍රදේශවල ජනතාව ඒ ගැන හොදින්ම දන්නවා. වත්මන් රජය මේ රටේ පරිසරය ගැන හිතා මේ තර්ජිත වගාව නතර කිරීමට ගත් තීරණය ඉතාමත්ම ශ්‍රේෂ්ඨ තීරණයක්.
හරියට හරි. කටු පොල් වගේම අපේ රටට ආවේනික නොවෙන වගා එකක්වත් කරන්න ඉඩ දෙන්න එපා. කෘෂිකර්ම උපදේශකවරුන්ට පොහොර සමාගම් වල රෙප් ලා වෙන්න දෙන්නත් එපා. දැක්කනේ සේනා දළඹු වසංගතයේදී එයාලා වැඩ කරපු හැටි. අනිත් එක අපේ රටට පාම් තෙල් ගෙන්වන එකත් තහනම් කරන්න. මිනිස්සුන්ව කොලොස්ටරෝල් ලෙඩ්ඩු කළා ඇති. බටහිර රටවල් අපේ පොල් තෙල් වල ගුණ ගායනා කරනකොට අපි අපේ මිනිස්සුන්ට එළවලු තෙල් කියා කියා පාම් තෙල් කවන සාහසික අපරාධය දැන්වත් නවත්වන්න ..
මේක ඉතාමත් හොඳ තීරණයක්, මේ ගහෙන් වෙන ප්‍රයෝජනයක් නෑ. ඒත් පොල් වැව්වොත්, කොච්චර දේවල් ලබා ගන්න පුළුවන්ද
මේතන කොමෙන්ට් දාන අය දේශපාලකයෙක් කියලා කියනවා. සමාගමක් කියලා කියනවා. ලොකු ටෝක් තිබුණට නම් ගම් විස්තර දාන්න ඔයතරම් බය මොකද? බොරු ජාතිආලය, දේශමාමක බව පෙන්නන්න එපා. නම් ගම් විස්තර දාන්න මුලු ලෝකෙටම දැනගන්න. අන්න එතකොට පුළුවන් විෂබීජ ඉවත් කරන්න.
අපේ දේශීය නිෂ්පාදන ඕනෑතරම් තියෙනවා වගා කරන්න. ළුෑණු පවා දැන් පිටරටින් ගේන්නේ. අපේ දේවල් අපි වගා කරලා ලෝකයට යවන්න අපි වග බලා ගන්න ඕනේ...
කටුපොල් නවත්තන්න කමිටුවක් දාන්න විද්වතුන්ගෙන් සමන්විත. ඒ වගේම පොල්ගස් කපන එක තහනම් කරන්න. ප්‍රවාහනය පොල් ලී ළඟ තබා ගැනීමත් තහනම් කරන්න