(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
එළවළු සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය නොකළ පිරිස් ඒවා ප්‍රවාහනය කිරීම හේතුවෙන් සුදුසුකම් තිබෙන වෙළෙඳුන්ට බලපත්‍ර ලබා දීමේදී පොලිසිය සහ බලපත්‍ර ලබාදෙන රාජ්‍ය නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටී.
කළු ගල් හා ගඩොල් ප්‍රවාහනය සඳහා යොදා ගත් ලොරි රථ ද එළවළු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බව සඳහන් කරමින් ප්‍රවාහන හා ඇඳිරි නීති බලපත්‍ර සඳහා ඉල්ලුම් කර ඇතැයි පොලිසිය පවසයි.
මේ තත්ත්වය හමුවේ එළවළු බෙදාහැරීම විධිමත් කිරීම සඳහා මෙතෙක් එළවළු බෙදාහැරීමේ නිරතව සිටී වෙළෙඳ බලපත්‍ර හිමි පිරිසට පමණක් අවස්ථාව සලසා දීමට කටයුතු කරන බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
ගඩොල් හා කළුගල් ප්‍රවාහනයට යොදා ගත් ලොරි රථ වලින් එළවලු ප්‍රවාහනය කිරීමේදී ඒවා නිසි ප්‍රමිතියෙන් හා සෞඛ්‍ය ආරක්ෂිතව ජනතාවට ලබා දීමට හැකියාවක් නැති හෙයින් ඒ සඳහා පළපුරුදු අය සඳහා පමණක් අවස්ථාව සැලසීමට සිදු වන බව සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කරන්න එපා. එතකොට පරණ එළවලු මාෆියාවට පමණි... එළවලු ගෙන එන්න පුළුවන්... ඔවුන් නැවත අහස උසට මිල කරාවි... සුදුසු ලොරියක් තිබෙන පුද්ගලයන්ට මේ අවස්ථාව දෙන්න , වෙන වැඩ නැති නිසා ලොරි ගෙවල් වලට ගාල් කරලා... මට හිතෙන්නේ පොලිසිය එළවලු මාෆියාවෙන් ජරාව කාලා...