(රංජන් කස්තුරි)
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වහාම ඉවත් වී දෙවන පෙළ දක්ෂ නායකයකුට පක්ෂ නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකත්වය බාරදිය යුතු යැයි එක්සත් නීතිඥ සංගමය පවසයි.
දීර්ඝ කාලයක් පක්ෂ නායකත්වයේ ඉන්නා රනිල් වික්‍රමසිංහ මහතාට කිසිඳු මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැතැයිද ජයග්‍රහණය කළ හැකි නායකයකු පක්ෂයට අවශ්‍ය බවද එක්සත් නීතිඥ සංගමයේ නිලධාරීන් කොළඹ අද (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසූහ.
රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම යනු ඒකාධිපති පාලකයකුට මේ රට මල් බදුනක තබා පූජා කිරීමක් විය හැකි බවද එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එක්සත් නීතිඥ සංගමයේ නිලධාරීහු කීහ.
රනිල් වික්‍රමසිංහ සමයේදී එජාපයේ ඡන්ද පදනම බරපතල ලෙස කඩා වැටුණු බවද ඊට ඔහු වගකිව යුතු බවද එහිදී ඔවුහු කීහ.
එක්සත් නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සමලේකම්වරුන් වන නීතිඥ ගුණරත්න වන්නිනායක සහ අතුල රණගල යන නීතිඥ මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත්ට වඩා රනිල් නම් හොඳයි. සජිත් සිරිසේනට වඩා හපන්...
රනිල් වික්‍රමසිංහ කියන්නේ පළපුරුදු දේශපාලන නායකයෙක්... නීතිඥයෝ කියන්නේ බොරුකියලා සල්ලි හොයන අය.. දිනන, පරදින එක තීරණය කරන්නේ මහජනතාව.
ඒක නම් මේ ආත්මයට වෙන්නේ නැති එකක්... පක්ෂයක් වලපල්ලට අරන් ගිය බය නැති නායකයා.. මොලයක් නෙමේ, මොල ගෙනාපු නැවක්.
අනේ ඉතින් යන්න කිව්වට දාලාගිහින් මොනවා කරන්නද? අඩු තරමින් ගස්ගෙඩි කඩන්නවත් දන්න එකක්ද? ඔන්න ඔහේ ඉතුරු ටිකකාලෙත් ඉන්න අරින්න. නහින, දෙහින කාලෙට එලවලා දාන එක සිංහල අපේ සිරිත නෙමෙයිනේ? දැන් පෙන්නේ නැතිද අර වාසුදේව මන්ත්‍රීතුමා? පින්පඩි දෙනවා හා සමානයිනේ...
රනිල් කියන්නේ අපේ රටේ / අපේ මිනිස්සුන්ගේ කරුමෙට ලංකාවේ බිහිවෙච්ච නායකයෙක්.. නාකි වෙනකම් රට එදාත් දෙයක් කරන්නේ නැතිව, තම පටු දේශපාලන වාසි අරබයා මුළු රටත්, ජනතාවත් බිල්ලට දීපු පිනෙක්..
ඉහත ප්‍රතිචාර දැක්වූ අය රනිල්ගේ ප්‍රායෝගික නොවන දැක්මවල් පෙනුනේ නැද්ද? WiFi කලාප පිහිටුවීම ටැබ් පිරිනැමීම කොතරම් දුරකට ප්‍රායෝගිකද? ඔහුගේ දැක්මවල් තියෙන්නේ කොළඹ 7 සුපිරි පන්තියටයි. වයිෆයි තියා විදුලියවත් නැති කොපමණ අය ලංකාවේ සිටිනවද? පළමුව පොදු ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සොයාබැලීම නේද වඩාත් උචිත මෙපමණ කලක් ඉඳලා මේවා තේරුනේ නැත්නම් තව මොන නායකකමක්ද?
මේ අදින්නේ කාගේ කොටද?
ඉබ්බගෙන් පිහාටු ලැබුණත්, එය නම් ඕක අතහරින්නේ නැහැ. ඔයාලත් ඔය නටන්නේ... වෙන්ඩ ජනාධිපතිට ඕනෑ විදියටනේ...
දැන් මේ නීතිඥයෝ සැට් එක මෙච්චර කල් කොහෙද හිටියේ? ඇයි ඒ වැරදි හදාගන්න කතා නොකලේ. වැරදි තිබුණත් රනිල්ගෙන් නායකත්වය අරන් රටක් පාලනය කරන්න සජිත් වගේ කෙනෙකුට බෑ. ඒත් මේ අයගේ වුවමනාව තනතුරු නිසා රට එවුන්ට වැඩක් නෑ. කරූට අකමැති තමන්ගේ පදේට නටන් නැති හින්දා.
අයින් වෙන්න ඕනි නැහැ.. නොවැම්බර් වලින් පස්සේ ඔටෝ අයින් වෙන්න වෙනවා. සෙල්ලම් ඔක්කොම ඉවරයි..
සජිත් එපා, ගෝඨා එපා බොරුවට කමෙන්ට් දාන කට්ටිය නරකද? එයත් එපා, මෙයත් එපා කියලා අනුරට රට බාරදුන්නා නම්.. මේක තමයි එකම විකල්පය.. වසර 5 කට දීලා බලමු එයාලගේ වැඩ... ලාංකිකයින් වන අප ඕනෑතරම් කටු කලා තියනවා.. මේක මොකක්ද?
අවුරුදු 25ක් පක්ෂ නායකකමේ අවුරුදු 18ක් විපක්ෂ නායක කමේ අවුරුදු 7ක් අගමැතිකමේ ඡන්ද 30කට වැඩි ප්‍රමාණයක් පැරදිච්ච ජනාධිපති මැතිවරණ 2ක් පැරදිච්ච නායකයෙක් තවත් ලෝකේ ඉන්නවද? අපිට කොපමණ ආඩම්බරයක්ද තව චිරාත් කාලයක් බලයක් නොදී තියාගමු.. උන්දැත් සැපෙන්, අපිත් සැපෙන්, රටත් සැපෙන්...
කැහි ගෑනි එපා කියලා හොටු ගෑනිව ගමු...
රනිල් බලන්නේ ජීවිතාන්තය දක්වා පක්ෂයේ නායකත්වයේ ඉන්න. මේකෙන් පක්ෂයත් රටත් යන්නේ වල පල්ලට.
මහබැංකු හොරු ටික නිසා එකසත් ජාතික පක්ෂය විනාශ වුනා අද මේ හොරු ටික නැවත මේ පක්ෂය පරද්දවන කොන්තරත්තුවක් අරන් ලැජ්ජාවක් නැතුව අද නායකයෝ පත් කෙරීම ගැන කතා කරනවා
ඔය පක්ෂෙටනම් මොනවා උනත් අපිට කමක් නැහැ. ඒත් මේ රටට කරලා තියෙන විනාශේ වැරදි .
ත්‍රස්තවාදියෝ මේ රටට එපා. ඒ ගොල්ලෝ කොයි තරම් රටේ සම්පත් විනාශ කලාද . පොදු දේපල බස් දුම්රිය ගොඩනැගිලි කොයි තරම් විනාශ කරපු කට්ටියක්ද ?
රටේ ජනතාවගෙන් 80% වැඩි ප්‍රමාණයක් ඔහුට විරුද්ධයි .
පාක්ෂිකයින් හෝ ජනතාව හෝ කවුරු රනිල්ගේ පක්ෂ නායකත්වයට විරුද්ධ වුණත් එජාපයේ පක්ෂ නායකත්වය නායකයාගේ ප්‍රාණ භුක්තියට යටත්... එය අපි දන්නා තරමින් දැනට පවතින පක්ෂ ව්‍යවස්ථාවයි. ඉතින් රනිල් යනු කවුරු මොන කෙංගෙඩිය කරත් සිය ජීවිතාන්තය දක්වා එජාප නායකයා... ජනතාව කළ යුත්තේ ඒ නායකත්වයෙන් පක්ෂය බේරාගැනීම නොව සිදුවිය හැකි වින්නැහිය ගැන සිතා ඒ නායකත්වයෙන් හා පක්ෂයෙන් රට ආරක්ෂා කර ගැනීමයි. අනික රනිල් පක්ෂ නායකත්වයේ රැඳි ඉන්නේ තම පුද්ගලික අවශ්‍යතාවයට වඩා පක්ෂයට ඇති ඇලීම හා එය රැක ගැනීමේ තදබල අවශ්‍යතාවය නිසයි. මොකද රනිල් නායකත්වයෙන් ඉවත් වුවොත් එජාපයේ පදනම එසැනින් දෙදරා යනවා. රටේ නායකත්වයට පත් වුවත් එජාප නායකත්වයේ ඇතිවන පුරප්පාඩුව පුරවන්න සජිත්ට නම් බැහැ.
මේදා සැරේ කරු වගේ කෙනෙක් නාවොත් ලංකාව අපායක් වෙන්නව. එන එන ඒකා උන්ගේ මදිපුරවගන්නවා. මුන්ට චන්දෙ දෙන අයට හැමදාම පුනක්කුම දෙන්ඩ ඔනේ.
මා ඉතින් යන්න යනවා... මට යන්න අවසරයි. මට අරන් යන්න අැත්තේ ඒ මතකය විතරයි.
ඉතිහාසය හා වර්තමානය දන්නා අය ප්‍රේමදාස බින්දුවට යවපු එජාපය ගොඩගත්තේ රනිල් කියලා දන්නවා. ජනපති සතුව තිබුණු ඒකාධිපති බල තල ජනපති අගමැති කතානායක අතර බෙදීයන්න සලස්වලා උසාවි පොලිසි හමුදා රජයේ ආයතන වලින් සැදුම්ලත් රාජ්‍යයාන්ත්‍රණය ස්වාධීන කොමිෂන් කාලේ රනිල් ඒකාධිපතියෙකු නිසාද? ජනපතිවරණයට එනවා කියන අය හදන්නේ එයාලගේ නමින් යුගයක් බිහිකරන්න කියලා එයාලම කියනවා. ඒ ඒකාධිපතිත්වය නොවෙයිද? ඒකාධිපති ක්‍රමයට රට හරවන්න හදන මොවුන්ට බලය දුන්නොත් තමයි ඒකාධිපති පාලකයකුට මේ රට මල් බඳුනක තබා පූජා කිරීමක් වන්නේ... රනිල් ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සමුලුවෙහිද සාමාජිකයෙකි. රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය නිසාම අද රනිල්ටත් ගේම දෙන්නම තමයි හදන්නේ එක්සත් නීතිඥ සංගමය වගේ... හරියට දේවදත්ත බුදුන්ට අපහාස, උපහාස කර කරන්න තියන සියලු බලපෑම් කර බැරිම තැන ගල් පෙරලා ඝාතනය කර බුදුවෙන්න හදල අපායේ නැවතුණා වගේ තමයි. ප්‍රේමදාස ජේ.ආර්ට කරපු දේවල් හා බලය අරන් කරපුව දන්නෝ දනිති. කොටි බෝම්බෙට ගියා කියලා දැනගත් ගමන් මුළු රටේම රතිඥ්ඥා පත්තුකලේ ඒ කරපු දේවල් නිසයි. පුතත් තාත්තා ගිය මග යන්නේ 2015 ජනපතිවරණයටත් පෙර සිටයි. රනිල්ගෙන් තනතුරු ලබමින් රනිල්ට ගහනවා.
රනිල් මැතිඳුනි, මෙතෙක් ජනපතිවරණයට ඉදිරිපත් නොවෙන්න හිටියත් මම නම් කියන්නේ මෙවර ඉදිරිපත්වෙලා රටේ ජනතාව ඔබතුමන්ට කරන සැලකිල්ල මුළු රටටම පෙන්නන ලෙස මම ඉල්ලා සිටිමි.